එක්සත් ජාතින්ගේ මෙහෙවර

විකිපීඩියා වෙතින්

මානව ඉතිහාසහයේ වඩාත්ම විනාශකාරි යුද්ධය වු දෙවන ලෝක සංග්‍රාමය පදනම් කරගෙන එක්සත් ජාතීන්බිහිවුයේ සියලු දෙනා සඳහා වඩා යහපත් ලෝකයක් ගොඩ නැගිමටයි අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව තහවුරු කිරිමේ සිට මිනිස් වර්ගයා මුහුණ දෙන දරිද්‍රතාව පරිසරික විනාශය ජල අර්බුදය ඒඩ්ස් ත්‍රස්තවාදය හා අපරාධ වැනි සියලු දෙනාට පොදු අභියෝග ජය ගැනිමේ අභිලාෂාය මෙහි අරමුණු අතර වේ . එබැවින් සෑම මනුෂ්‍යයකුගේම දෛනික ජිවිතය හා එක්සත් ජාතීන් අතර කිසියම් හෝ සබඳතාවක් තිබෙන තරමට එය අද අපට අත්‍යාවශ්‍ය සංවිධානහක් බවට පත්ව ති‍බේ.


එක්සත් ජාතීන් යනු[සංස්කරණය]

එක්සත් ජාතීන් ලෝක සාමය හා සමාජ ප්‍රගතිය උදෙසා ස්වේඡාවෙන් එක් වි සිටින්නා වු ස්වාධින රටවල අනන්‍ය සම සංවිධානයකි සාමාජික රටවල් 51ක් සහිතව 1945 ඔක්තෝම්බර් 24වන දා එය නිල වශයෙන් ආරම්භ විය අද එහි සමාජිකත්වය රටවල් 193කි.[[රූපය:]MAP.png]

එක්සත් ජාතීන් ආරම්භ වුයේ[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධයේ අමිහිරි සිදුවිම් එක්සත් ජාතීන් බිහි කිරිමට හේතු සාධක විය එහිදි දශලක්ෂ සංඛ්‍යාත ජනයා මිය ගියහ තවත් දශලක්ෂ සංඛ්‍යාත පිරිස් අවතැන් වුහ ලෝක නායකයෝ සාමය උදා කිරිමට හා අනාගත යුද්ධ වැලැක්විමට නම් සියලු ජාතීන් ලෝක සංවිධානයක් මඟින් එකට වැඩ කිරිමෙන් හැකි බව තේරුම් ගත්හ එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

එක්සත් ජාතීන් ක්‍රියාත්මක වන්නේ[සංස්කරණය]

මෙයට ක්‍රියාත්මක විමට මඟ පෙන්වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියයි. එය සාමාජික රටවල අයිතිවාසිකම් යුතුකම් හා ඔවුන් විසින් නියම කරගෙන ඇති අරමුණු සපුරා ගැනිම පිණිස කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කරන රිති මාලාවකි. කිසියම් ජාතීයක් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබු විට ප්‍රඥාප්තියට අඳාල අරමුණු හා නිති පිළිගනි.

ව්‍යුහය[සංස්කරණය]

එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරකම් ලෝව පුරා පැතිර පවතින අතර ඒවා සිදු කෙරෙන ප්‍රධාන ආයතන හයක් පවති .

1. මහා මණ්ඩලය

2. ආරක්ෂක මණ්ඩලය

3. භාරකාරත්ව මණ්ඩලය

4. අන්තර් ජාතික අධිකරණය

5. ආර්ථික හා සමාජ මණ්ඩලය

6. ලේකම් කාර්යාලය

එක්සත් ජාතීන්ගේ මෙහෙවර[සංස්කරණය]

වඩා යහපත් වඩා සුරක්ෂිත හා වඩා සාධාරණ ලෝකයක් ගොඩ නැඟිම ආරම්භයේ සිටම එන්සත් ජාතීන්ගේ අරමුණ විය මේ අරමුණ ඉටු කරගැනිම සඳහා එක්සත් ජාතීන් හා ඊට අයත් සංවිධාන 1945 සිට මේ දක්වා ඉටු කළ මෙහෙවර.

pix500
pix500


සාමය හා ආරක්ෂාව පවත්වා ගැනිම

සාම සාධක හමුදා සහ නිරික්ෂණ දුත මෙහෙවර 56ක් ස්ථාපනය කිරිමෙන් සාකච්ඡා මෙහෙවර ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සන්සුන් පරිසරය නිර්මාණය කිරිමටත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජිවිත බේරා ගැනිමට එක්සත් ජාතින් සමත් විය.


සාම සාධනය


එක්සත් ජාතීන් මේ දක්වා කලාපිය ගැටුම් විශාල ප්‍රමාණයක් සමථයකට පත් කර තිබේ. ඉරාන -ඉරාක යුද්ධය අවසන් කිරිම ඇෆ්ඝනිස්ථානයන් සෝවියට්හමුදා ඉවත් කිරිම. එල්-සැල්වදෝර්හි සහ ගුවාතමාලාහි සිවිල් යුද්ධ නිමා කිරිම .නැගෙනහිර තිමෝරයට ස්වාධීනත්වය උදා කිරිම. මෑත කාලීන ජයග්‍රහණ අතර වේ .


යටත් විජිතවලට නිදහස


1945 දි මිලියන 750 කට අධික ජනයා යටත්විජිතවල හෝ පරාධීන භූමි ප්‍රදේශවල ජිවත් වුහ එබඳු ජාතින් 80 කට වැඩිගණනක් ස්වාධීනත්වය දිනා එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් බවට පත්ව සිටි.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය


අද ලෝකයේ ආණ්ඩුවලින් 60%ප්‍රජාතන්ත්‍රවාදි ලෙස තෝරා පත් කර ගනු ලැබේ .1986 දි එය 40% ක් පමණි නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විම පිණිස එක්සත් ජාතීන් රටවල් 50කට පමණ සහාය වි ඇත.

ගොනුව:Woma.jpg


සංවර්ධනය සක්ෂාත් කර ගැනිම


එක්සත් ජාතීන්ගේ ක්‍රමය විසින් සංවර්ධනය වන රටවලට වාර්ෂිකව සැපයෙන ණය හා ප්‍රදාන අගය ඩොලර් බිලියන 10 ඉක්මවයි .එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සාමාජික රටවල සහ එක්සත් ජාතීන්ගේ සෙසු ආයතන සමඟ සහයෝගයෙන් 5000කට වැඩි ව්‍යාපෘතිවලට ආධාර කරයි.

මානව හිමිකම් ප්‍රවර්ධනය


සැම මනුෂ්‍යයකුටම තිබිය යුතු අයිතිවාසිකම් කවරේදැයි සඳහන් විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය1948 දෙසැම්බර් 10 සම්මත කරන ලදි අද එක්සත් ජාතීන් මානව හිමිකම් ප්‍රවර්ධනයට ආණ්ඩුවලට බලපැම් කරයි.


පරිසර සංරක්ෂණය


එක්සත් ජාතීන් ගෝලිය පරිසර සංරක්ෂණ වැඩසටහන හැඩ ගැස්විමේහිලා විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ . 1992- මිහිකත සමුළුව ඕසෝන් ස්ථරය රැක ගැනිමේ මොන්ට්‍රියල් සම්මුතිය ඒ අතර වේ.

අන්තර් ජාතික නිති සම්පාදනය


මානව හිමිකම් සම්මුතියේ සිට අභ්‍යාවකාශ පරිහරණය පිළිබඳ ගිවිසුම් දක්වා පුළුල් පරාසයක පැතිරෙන අන්තර් ජාතික ගිවිසුම් 400 කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ මෙහෙය විමෙන් සම්පාදනය කර තිබේ.

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය අවසන් කිරිම


මිට අමතරව ඒක්සත් ජාතින්ගේ මෙහෙවර පිළිබඳව කෙටියෙන්[සංස්කරණය]

  • ගැටුම්වලට ගොදුරුවුවන්ට සහන සැලසිම
    ගොනුව:REG.jpg
  • ස්ත්‍රි අයිතිවාසිකම් ප්‍රවර්ධනය
  • වසුරිය තුරන් කිරිම
  • විශ්ව ප්‍රතිසංස්කරණය
  • සංවර්ධනය වන රටවල ආයෝජන ප්‍රවර්ධනය
  • ස්වභාවික විපත්වල හානි අඩු කිරිම
  • විපතටපත් අයට ආධාර
  • බිම් බෝම්බ ඉවත් කිරිම
  • ජනගහන සැලසුම
  • මත්ද්‍රව්‍ය විරෝධී සටන
  • ආර්ථික ප්‍රතිසංසකරණ දිරි ගැන්විම
  • කම්කරු අයිතින් ප්‍රවර්ධනය
  • ලෝක සාගර පරිහරණයේ ස්ථාවර බවක් හා විධිමත් බවක් ඇති කිරිම
  • බුද්ධිමය දේපල සුරැකිම
  • ස්ත්‍රීන්ගේ සාක්ෂරතාව නැංවිම
  • ඓතිහාසික සංස්කෘතික හා පෞරාණික ස්ථාන සුරැකිම

එක්සත් ජාතීන්ගේන් ශ්‍රී ලංකාවට[සංස්කරණය]

ගොනුව:Un srilanka.jpg

එක්සත් ජාතීන්ගේ මෙහෙවර ආරම්භ වු සංවර්ධනය වන රටවල් අතර ලංකාව ද එකකි 1952දි මේ සබඳතා ඇති වුවත් ශ්‍රි ලංකාව 1955 දෙසැම්බර් 14 වැනිදා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනිමෙන් පසු මේ සබඳතා තව තවත් වර්ධනය විය. දැනට එක්සත් ජාතීන්ට අයත් සංවිධාන 11ක් කාර්යාල සහිතව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවති එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය ලංකාවට මුල්‍ය හා තාක්ෂණික ආධාර සපයන වැදගත් මුලාශ්‍රයකි. ඇතැම් ආයතන ආර්ථික වෘද්ධිය සඳහා ණය සහ ප්‍රදාන සපයන අතර සෙසු ආයතන සමඟි සන්ධානය ,ප්‍රතිසම්පාදනය ,යළි පදිංචි කිරිම ,මානව අයිතිවාසිකම් හා යහ පාලනය, දිළිඳුකම පිටු දැකිම ,ළමා සංවර්ධනය, කෘෂිකර්මය, සෞඛ්‍ය ,ආපදා ණය, තොරතුරු තාක්ෂණය සහ විශේෂඥ හා තක්ෂණික දැනුම වැනි සේවා සලසයි.

ගත වු පනස් වසර තුල බොහෝ ගනනක් ශ්‍රී ලංකිකයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආයතන රැසක මුල් පෙළේ තනතුරු හෙබවුහ .2004 සුනාමි ව්‍යසනයේ දි ද එය අප රටට නොපැකිළිව ආධාර උපකාර දක්වන ලදී. එක්සත් ජාතීන් අද මෙන්ම ඉදිරියටද ලෝකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සංවිධානයක් වෙයි.

එක්සත් ජාතීන්ගේ නිළ භාෂා

අරාබි, චින, ඉංග්‍රිසි,ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ


එක්සත් ජාතීන්ට මුදල් ගෙවනු ලබන්නේ

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ එක්සත් ජාතීන් කරන සැම දෙයකටම මුදල් ගෙවති. ඊට වෙනත් ආදායම් මාර්ගයක් නැත ගෙවන මුදල් ප්‍රමාණය සාමාජික රටක ගෙවිමේ හැකියාව, ජාතික ආදායම සහ ජනගහනය මත පදනම්ව ඇත .වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

මුලාශ්‍රය: එක්සත් ජාතීන් 60 වසරක කාර්යය සාධනය ,එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රය ,එක්සත් ජාතීන්ගේ පාරිශ්‍රය,‍කොළඹ.

මේ අඩවිත් බලන්න.[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට

එක්සත් ජාතීන්

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

http://www.un.org/