එක්සත්ජනපදයේ ඉතිහාසය ජපානයට එරෙහිව යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අමරිචාවේ නාවික මූලස්ථානයක්ව පවතී "පුර්ල්" වරයට ජපාන ගුවන් හමුදා බෝම්බ හෙලීම

ජපානයට එරෙහිව යුද්ධය


යුරෝපයේදි හිට්ලර් පරාජය කිරීමට කළ කාර්ය භාරය හේතු කොට ගෙන ජපානයට එරෙහිව කෙරුණු යුද්ධයේ පළමු වසර හුදෙක් ආරක්ෂාව පමණක් අරමුණු කර ගත් යුද්ධයක් විය. එහෙයින් ඇමෙරිකන් නාවික හමුදාව පැසිෆික් කලාපයේ ජපානය බලවත් වීම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියේය. මුලදි ඉතා කෙටි කාලයක් තුල ජපානය බොහෝ සටන් ජයග්‍රහණය කරමින් සිටියේය. ඔවුන් ගුආම්, තායිලන්ත, මලයාව, හොං කොං, පැපුවා නිව් ගිනියා, ඉන්දුනිසියා සහ බුරුමය පරාජය කරමින් එම රටවල් වල හමුදා කඳවුරු ඉදි කළේය. මේවා මෙසේ කෙරුණේ හරියට කිසිවෙකුගෙන් විරුද්ධත්වයක් නොවුනු පරිද්දෙනි. යුද්ධයේ මුල්කාලයේ ජර්මනියේ බ්ලිට්ස්ක්‍රෙග් (Blitzkrieg) සටන් (ඉතා ඉක්මන් ජයග්‍රහණ කරන යුද්ධය) ක්‍රම පරිද්දෙන් සහ ඊටත් වඩා වේගයෙන් සිදු කෙරුනි. මෙය ජපානයට ඉතා වැදගත් වූවකි. එහි දේශීය කාර්මික නිෂ්පාදන ප්‍රමාණය අමෙරිකාවේ මෙන් සියයට 10 ක් පමණ ප්‍රතිශතයක් විය.

යුද්ධය තවත් තීරණාත්මක සිද්ධියක් වූයේ 1942 ජුනි මාසයේ මිඩ් වේ යුද්ධයයි. එක්සත් ජනපද නාවික හමුදාව විසින් ජපානයේ සන්නිවේදන කේත (Codes) කඩා දැමුවේ එක්සත් ජනපද නැව් සංග්‍රාමෝපක්‍රම අතින් වාසිදායක ස්ථාන වල රැඳවීමට ඉඩ ලබා ගනු සඳහාය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ඒ මගින් ජපාන නාවික හමුදාවට සම්පූර්ණ පරාජයක් අත් කර දීමයි. මෙයින් පසු ඇමෙරිකාව චීනය දෙසට යුද්ධය තල්ලු කළේ එහි ගුවන් හමුදා කඳවුරක් ඉදි කර ඔවුන්ගේ B – 29 යුධ ගුවන් යානා වලින් ජපාන ප්‍රධාන භූමියට බෝම්බ හෙළිම ආරම්භ කිරීමේ අරමුණෙනි. ජපානයේ ප්‍රධාන යුධ මර්මස්ථාන වලට පහර එල්ල කිරීමට බධාවක් වේ යයි සිතුනු කුඩා එමෙන්ම ආරක්ෂාව අතින් අඩු දූපත් ඉලක්කයන් ලෙස තෝරා ගැනීමෙන් ඇමෙරිකාව මුල් පියවර තැබුවේය. මෙම කාලය තුල ඔවුන් මුලු යුද්ධයෙන්ම වඩා පුලුල් ජයග්‍රහණයක් අත් වේ යයි සිතමින් බොහෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක වූහ.

ජපාන හමුදා පරාජය කොට මරියානා දූපත් වලට ගොඩ බැසීමෙන් පසු ජපානය අහස් යානා 340 ක් රැගත් ගුවන් යානා ප්‍රවාහන නෞකා හයක් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා යෙදවූයේ එකට එක කිරීමක් වශයෙනි. ඉන් පසු 1944 ජුනි 19 දින හට ගත් යුද්ධය හඳුන්වනු ලැබුවේ “මරියානා ටර්කි ෂුට්” යන නමිනි. ඇමෙරිකන් නාවික හමුදාව ජපාන බෝම්බ ප්‍රහාරක යානා 430 කින් 369 ක් වෙඩි තබා බිම හෙලීය. ඉතිරි ඒවායින් සෑහෙන ප්‍රමාණයකට හානි කළේය.මෙම සටනින් පසු ජපාන ගුවන් යානා වලින් ක්‍රියාත්මක තත්වයෙන් ඉතිරි වූයේ ගුවන් යානා 36 ක් හෙවත් සියයට 8 ක ප්‍රමාණයක් පමණි.

මෙම පැසිෆික් යුද්ධය ඉතිහාසයේ මහා නාවික යුද්ධයක් ලෙස වාර්තාවේ. ජපාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කිරීම දක්වා කටයුතු කිරීමෙන් ඇමෙරිකානු නාවික හමුදාව ජයග්‍රාහි ලෙස ඉස්මතු විය. කොන්දේසි විරහිතව යටත් වීමට ජපානයට බල කිරීමට ඇමෙරිකානු හමුදා ජපානයට භූමියට ආක්‍රමණයක් එල්ල කිරීමට සූදානම් විය. 1945 අප්‍රේල් 12 ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් මිය ගිය අතර උප ජනාධිපති හැරි එස් ටෲමන් ඇමෙරිකාවේ 33 වෙනි ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. ඔහුට මැන්හැටන් ව්‍යපෘතිය ගැන දැනීමක් නොතිබුනි. ඔහු ජපානයට එරෙහිව න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන්නේද යන්න පිළිබඳ තීරණයට මුහුණ දෙමින් සිටියේය. යුද්ධය අවසාන කිරීම සඳහා න්‍යෂ්ඨික අවි පාවිච්චි කිරීමේ තීරනය යුද්ධයේ බොහෝ විවාදිත තීරණයක් විය. බෝම්බය පාවිච්චි කිරීමට පක්ෂව අදහස් දැක්වූ අය කියා සිටියේ ආක්‍රමණයකින් බොහෝ ජීවිත වලට හානි සිදු වීමට ඉඩ ඇති බවයි. ඔවුහු උදාහරණ වශයෙන් ඔකිනාවා යුද්ධය පෙන්වා දුන්නේය. එහිදි පරමාණු බෝම්බ දෙකෙන් වූ ජීවිත හානි වලට වඩා මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත. ටෝකියෝ බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූවාක් මෙන් සම්ප්‍රදායික ගිණි බෝම්බ වලින්ද සිවිල් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බවද ඔවුහු පෙන්වා දුන්හ. අනිත් අය තර්ක කළේ හමුදා ආක්‍රමණයක් සිදු විය යුතු බවයි. නැතහොත් යටත් වන ලෙස දන්වා ලිපියක් සමග ලොස් ඇලමොස් පරීක්ෂණ බෝම්බයේ ප්‍රමාණය පිළිබඳ සටහනක් ජපනුන්ට යැවිය යුතු බවයි. ජපනුන් නොසිතු අයුරින් පළමු බෝම්බය 1945 අගෝස්තු 6 දින හිරෝෂිමාවට හෙලන ලදි. දෙවැන්න අගෝස්තු 9 දින නාගසාකි වෙත හෙලන ලදි. තමන් ලඟ තවත් එබඳුම පරමාණු බෝම්බ තිබෙන බව කියමින් ඇමෙරිකාව ජපානයට ව්‍යාජ තර්ජනයක් කළේය. 1945 අගෝස්තු 15 දින ජපානය කොන්දේසි විරහිතව යටත් විය. යුද්ධය අවසාන විය. ලේ වැගිරෙන ආක්‍රමණයක් නතර විය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/History_of_the_United_States#Battle_against_Japan