ඉන්වොන් අගබිසව

විකිපීඩියා වෙතින්
(ඉන්වොන් රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්වොන් අගබිසව
ජොසොන්හි වැන්දඹු රැජින
භුක්තිය1720–1757 (වර්ෂ 37ක්)
රජග්යොංජෝ රජු (1720-1724)
යොංජෝ රජු (1724-1757)
ජොසොන්හි අගබිසව
නිල කාලය1702 – 1720
(වර්ෂ 18ක්)
උපත3 නොවැම්බර් 1687
ජොසොන්
මරණය13 මැයි 1757 (70 වියැති)
ජොසොන්
භූමදානයමියොංර්යුං, ගොයැං
වල්ලභයාජොසොන්හි සුක්ජොං රජු
පියාකිම් ජූ-ෂින්
මවජෝ ආර්යාව

ඉන්වොන් අගබිසව (1687–1757) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසූ අගබිසවක් වන අතර, ඇය ජොසොන්හි සුක්ජොං රජුගේ අග මෙහෙසිය වූවා ය.

චරිතාපදානය[සංස්කරණය]

1687 වර්ෂයේ එනම් සුක්ජොං රජුගේ දහ තුන්වන වර්ෂයේ නවවන මාසයේ විසි නවවන දිනයේ අනාගත ඉන්වොන් අගබිසව උපත ලැබූයේ කිම් ජූ-ෂින් (හංගුල්: 김주신, හන්ජා: 金柱臣)[1] මැතිතුමන්ගේ සහ ඉම්චොන් ජෝ වංශයේ ජෝ ආර්යාව (හංගුල්: 임천 조씨, හන්ජා: 林川 趙氏)[2] ගේ දෙවන දියණිය ලෙසයි. ඇය හට කිම් හුයොන් (හංගුල්: 김후연, හන්ජා: 金後衍) සහ කිම් ගුයොන් (හංගුල්: 김구연, හන්ජා: 金九衍) යනුවෙන් හැඳින්වුණු සොහොයුරන් දෙදෙනෙක් වූහ. ඇගේ වැඩිමහල් සොහොයුරිය පසුව ලී දොක්ලින් නගරාධිපතිවරයාගේ (හංගුල්: 시장이덕린, හන්ජා: 郡守李德隣) බිරිය බවට පත්වූවා ය. ඇගේ නැගණිය යුන් මියොන්-ග්යෝ (හංගුල්: 윤면교, හන්ජා: 尹勉教) සමග විවාහ වූ බව සඳහන් වේ.

1702දී සුක්ජොං රජු විසින් ඇයව සිය තෙවන අගබිසව[3] ලෙස සරණපාවා ගන්නා ලදී. මේ වන විට රජුගේ දෙවන අගබිසව වූ ඉන්හ්යොන් අගබිසව මරණයට පත්ව සිටි අතර, තවත් අගබිසවක වූ ජෑං හුයි-බින් බිසවට 1701දී මරණ දඬුවම ලබා දී තිබිණි. 1711දී ඉන්වොන් අගබිසව හට වසූරිය රෝගය වැළඳිණි. නමුත් ඇය ඉන් සුවය ලබා යථා තත්ත්වයට පත්වීමට ඇය සමත් වූවා ය.

1720දී සුක්ජොං රජු මිය යාමත් සමග ඇය රාජ්‍යයේ වැන්දඹු රජ බිසව (大妃 대비 දේබි) බවට පත් විය. ඇගේ සුළු පුත්‍රයකු වූ ග්යොංජොං රජු මරණයට පත් වීමෙන් පසු, ඇගේ අනෙක් සුළු පුත්‍රයා වූ යොංජෝ රජු සිහසුනට පත් වූ අතර එහි දී එනම් 1724දී, ඇයව මහා වැන්දඹු රජබිසව (大王大妃 대왕대비 දේවංදේබි) තනතුරට පත් කිරීම සිදු විය.

යොංජෝ රජුගේ තිස් තුන්වන වර්ෂයේ (1757) තුන්වන මාසයේ විසිහයවන දිනයේ ඉන්වොන් බිසව චංදොක් මාලිගය තුළ දී සිය අවසන් හුස්ම හෙළුවා ය. මිය යන විට ඇගේ වයස අවුරුදු 70කි. ඇගේ දේහය ග්යොංගි පළාතේ, මියොංර්යුං නැමැති ස්ථානයේ සුක්ජොං රජුගේ සහ ඔහුගේ දෙවන බිරිඳ වූ ඉන්හ්යොන් අගබිසව භූමදානය කළ ස්ථානය ගේ සොහොන් අසලින් භූමදානය කරන ලදී.

ඇගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

ඇයගේ මරණින් පසුව ඇයට පහත දැක්වෙන මරණාපර නාමය ප්‍රදානය කෙරිණි:

  • ඉන්වොන් අගබිසව, හ්යේසුන් ජග්යොං හොන්ර්යොල් ග්වංසොන් හ්යොන්ඉක් කංසොං ජොංදොක් සුචං යොංබොක් යුංහ්වා හවයිජොං ජොංවූන් ජොඋයි ජංමොක් ඉන්වොන් වංහු
  • 혜순자경헌렬광선현익강성정덕수창영복융화휘정정운정의장목인원왕후
  • 惠順慈敬獻烈光宣顯翼康聖貞德壽昌永福隆化徽精正運定懿章穆仁元王后.

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

  • ඕ යොන්-සෝ විසින් 2010 රූපවාහිනී කතාමාලාවක් වූ දොං යි තුළ ඉන්වොන් අගබිසවගේ චරිතය නිරූපණය කරයි.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මොහුට "අභ්‍යන්තර කුමාර ග්යොග්‍යුන්" (경은부원군) යන පදවිය පිරිනැමිණි
  2. ඇයට "ගරිම් ආර්යාව, අභ්‍යන්තර කුමරුගේ වල්ලභ කුමරිය" (가림부부인) යන නාමය පිරිනැමිණි
  3. සෛද්ධාන්තිකව,ඇය සුක්ජොං රජුගේ සිව්වන අගබිසවයි. නමුත් නිල වශයෙන් ඇය තෙවන අගබිසව ලෙස වාර්තා කොට ඇත. ජෑං ඔක්-ජොං බිසව රජුගේ සැබෑ තෙවන අගබිසව විය. නමුත් ඉන්හ්යොන් අගබිසවගේ ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ඔක්-ජොංව ධුරයෙන් පහකෙරිණි.
  4. ලී, ගා-ඔන් (7 මැයි 2010). "හන් හ්යෝ-ජූ සේස් ෂී "හෝල්ඩ් ෆාස්ට්" ටු හර් රෝල් ඉන් දොං යි". 10Asia. සම්ප්‍රවේශය 2013-02-03.
පූර්වප්‍රාප්තිකයා
ඉන්හ්යොන් අගබිසව
කොරියාවේ අගබිසව
1702–1720
අනුප්‍රාප්තික
සොන්උයි අගබිසව
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්වොන්_අගබිසව&oldid=387373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි