ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය - භූගෝලීය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය - භූගෝලීය


ඉන්දු නිම්න ශිෂ්ඨාචාර නිම්නය වටවී තියෙන්නේ වර්තමාන පකිස්ථානයෙන් බොහෝ ප්‍රමාණයකින් බලොචිස්ටාන් සිට ගුජරාටය දක්වා ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත වලින්, ඉහලින් පන්ජාබයේ සිට නැගෙනහිරින් ජෙලුම් නදියේ සිට උතුරු සුට්ලෙජ් හි රූපාර් දක්වායි. ඉන්දු නිම්නයේ ප්‍රදේශ පකිස්ථානයේ වයඹ දිග දේශසීමාව ප්‍රදේශයෙන්ද හමුවි තිබෙනවා. බටහිර බලුචිස්ටන් හි සුටකගන් දෝර් සිට ගුජරාටයේ ලෝතල් දක්වා වෙරළබඩ ජනාවාස පැතිරෙනවා. උතුරු ඇෆ්ගනිස්ථානයේ ෂෝටුගායි හි ඔක්සස් නදිය ආසන්නයේද, වයඹ දිග පකිස්ථානයේ ගෝමාල් නදී ප්‍රදේශයෙන්, දිල්ලි සිට කි.මී 28ක් දුරින් අලම්පූර්හි හින්දන් නදිය ආසන්න ප්‍රදේශයෙන්ද ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් භූමිය හමුවී තිබෙනවා. ඉන්දු නිම්නයේ භූමි භාගයන් බොහෝ විට හමුවන්නේ ගංගා ආශ්‍රිත ප්‍රදේශ වලින් වගේම පුරාන මුහුදු වෙරළාසන්න ප්‍රදේශවලින්. උදාහරණයක් වශයෙන් බලකොට් නැමති දිවයින සහ දෝලාවරි ප්‍රදේශ දැක්විය හැකියි.

සිඳුනු ගංගා පතුල් අතිඡාදනය වීම පිළිබඳ සාක්ෂි පකිස්ථානයේ හකාරා ඇළ මාර්ගයෙන් සහ ඉන්දියාවේ සෘතුමය ගැගාර් නදියෙන් හමුවනවා. රූපාර්, රාකිගාර්හි, සෝති, කලිබන්ගන් සහ ගන්වරිවලා ද ඒ අතර වනවා. ජේ.ජී.ෂැෆර් සහ ඩී.ඒ.ලිචිටෙන්ස්ටෙයින් ට අනුව හරප්පන් ශිෂ්ඨාචාරය බැගර්, හක්රා සහ කෝටි සම්ප්‍රදායන් හෝ ඉන්දියානු හා පකිස්තානු දේශසීමා වල සිටි ගැගර්-හකරා ජන වර්ග වල සිංයෝජනයක් වෙනවා.

සමහර පුරාවිද්‍යාඥයන්ට අනුව පන්සියයකට අසන්න හරප්පන් භූමි කොටස් ගගාර්-හකරා නදියේ වියළුනු ප්‍රදේශ වල සහ එහි අතු ගංගා වල තිබී හමුවී තිබෙනවා. ඔවුන්ගේ අදහසේ හැටියට මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දු ගගාර්-හකරා හෝ ඉන්දු සරස්වති ශීෂ්ඨාචාර නිවැරදි බව ඔප්පු වනවා. නමුත් මේයට විරුද්ධ වන තවත් පුරාවිද්‍යාඥයන් කොටසක් පවසන්නේ වගා කටයුතු සඳහා වත් පදිංචිය සඳහාවත් ගගාර්-හකරා ප්‍රදේශය ඉන්දු ශිෂ්ඨාචාර කාල සීමාවේදී භාවිතා නොවුන බවයි.