ඉන්දුනීසියා එයාර්ඒෂියා 8501 පියාසැරිය

විකිපීඩියා වෙතින්
ඉන්දුනීසියා එයාර්ඒෂියා 8501 පියාසැරිය
Indonesia AirAsia Flight 8501
PK-AXC, කඩාවැටුණු ගුවන් යානය Singapore Changi ගුවන් තොටුපළදී (2011 අගෝස්තු)
කඩාවැටුණු ගුවන් යානය පිළිබඳව
දිනය28 දෙසැම්බර් 2014 (2014-12-28)
කෙටි විස්තරය2014 දෙසැම්බර් 28 දිනදී අතුරුදන් විය.
2014 දෙසැම්බර් 30 දිනදී ගුවන් යානයේ සුන්බුන් සහ මළ සිරුරු සොයා ගන්නා ලදී.
ස්ථානයජාවා මුහුද (දැනුවත් අවසන් පිහිටුම)
3°14′48″S 109°22′06″E / 3.2466°S 109.3682°E / -3.2466; 109.3682ඛණ්ඩාංක: 3°14′48″S 109°22′06″E / 3.2466°S 109.3682°E / -3.2466; 109.3682[1]
මගීන් ප්‍රමාණය155
කාර්ය මණ්ඩලය7
ගුවන්යානා වර්ගයඑයාර් බස් A320-21
ක්‍රියාකරුඉන්දුනීසියා එයාර්ඒෂියා
ලියාපදිංචියPK-AXC
පටන් ගැන්මජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, සුරබායා, ඉන්දුනීසියා
ගමනාන්තයසිංගප්පෝර් චැංජි ගුවන්තොටුපළ

ඉන්දුනීසියා එයාර්ඒෂියා පියාසැරි 8501 (QZ8501/AWQ8501) යනු ඉන්දුනීසියා එයාර්ඒෂියා ගුවන් සේවයට අයත් එයාර් බස් A320-216 ගණයේ අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 2014 දෙසැම්බර් 28 වන දින, එහි ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ඉන්දුනීසියාවේ සුරබායා සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ අතර,[2][3] 2014 දෙසැම්බර් 30 වන දිනදී සාගරයට කඩා වැටී තිබූ ගුවන් යානයේ සුන්බුන් සහ මළ සිරුරු ජාවා මුහුදේ බෝර්නියෝ (Borneo) සිට ඈතින් වූ සයුරේ තිබී සොයා ගන්නා ලදී.

ඉන්දුනීසියා එයාර්ඒෂියා යනු මැලේසියානු අඩු මිල ගුවන් සේවයක් වූ එයාර්ඒෂියා හී අනුබද්ධ සේවයකි. 2014 වසරේදී මැලේසිියාවට සම්බන්ධ මගී ගුවන් යානයක් මුහුණදුන් තුන්වන අනතුර ලෙස මෙය සටහන් වේ.

සිදුවීම[සංස්කරණය]

බටහිර ඉන්දුනීසියානු වේලාවෙන් (WIB, UTC+7) පැය 05:35 ට සුරබායා හී ජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළින් (Juanda International Airport) නික්මුණු ගුවන් යානය, සිංගප්පූරුවේ චැන්ජි ගුවන් තොටුපළ වෙතට (Singapore Changi Airport) පැය 08:30 වන විට ලඟා වීමට නියමිතව තිබුණි.[4] තිබූ අයහපත් කාළගුණ තත්වයක් හේතුවෙන් යානය ගමන් ගනිමින් තුබූ පථයෙන් වෙනස් වීමට අවසර ඉල්ලා තිබෙන අතර ඒ අවස්ථාව වන විටත් යානය ඉන්දුනීසියානු ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග සම්බන්ධිතව තිබූ බව පැවසෙයි.[5] ඝන වලාකුළු මග හැරීම සඳහා ගුවන් නියමුවා විසින් යානය අඩි 38000 ක් ඉහලට එසවීමට ඉල්ලා තිබෙන නමුත්,[6] Flightradar24 විසින් ග්‍රහණය කෙරූ සම්ප්‍රේෂ ප්‍රතිචාරක දත්ත අනූව යානයේ අවසන් උන්නතාංශය අඩි 32000 වී තිබිණ.[4] යානය අඩි 38000 ක් ඉහලට එසවීම සදහා කල ගුවන් නියමුවාගේ ඉල්ලීමට ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය අවසර ලබා දී නොතිබූ අතර යානය වම් පසට හැරවීමට පමණක් එම අවස්ථාවේ අවසර ලබා දී තිබුණි.[7]

එයාර්ඒෂියා සමාගමේ ප්‍රකාශයකට අනූව පැය 06:17[lower-alpha 1] ට යානය, ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග තිබූ සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් තිබෙන අතර, ඒ වනවිට ගුවන් යානය Belitung දිවයිනට ආසන්න Kalimantan (Borneo) සහ ජාවා අතරමැද ජාවා මුහුදට ඉහල අහසේ පිහිටි බව සඳහන්ය.[3][10]

ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යංශ වාර්තා අනූව අතුරුදන් ගුවන් යානයෙන් කිසිදු ආපදා තත්වයක් හඟවන සංඥාවක් මුදා හැර නොතිබේ.[11][12]

සෙවීමේ කටයුතු[සංස්කරණය]

නිශ්චයනයන්[සංස්කරණය]

සෙවීමේ මෙහෙයුමට දායක වූ රටවල්[සංස්කරණය]

දෙසැම්බර් 30 වන දින වන විට ඉන්දුනීසියාව හැරුණු විට අමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය[13] යන රටවල් අතුරුදන් වූ යානය සෙවීම සඳහා නෞකා 30ක්, ගුවන් යානා 15 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තුබුණි.

ගුවන් නියමුවෝ[සංස්කරණය]

යානයේ සිටි ගුවන් නියමුවෝ:[14][15]

  • කපිතාන් Iriyanto, ධාවන පැය 20,537 ක පලපුරුද්දක් සහිත නියමුවෙකි. ඉන් 6,100 ක් එයාර්ඒෂියා ඉන්දුනීසියා එයාර් බස් A320 ට අදාල වේ.
  • 46 හැවිරිදි පළමු නිළදාරී Rémi Emmanuel Plesel, එයාර්ඒෂියා ඉන්දුනීසියාහී ධාවන පැය 2,275 ක පලපුරුද්දක් සහිත නියමුවෙකි.[16]

යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය[සංස්කරණය]

ඉන්දුනීසියා එයාර්ඒෂියා පියාසැරි 8501 හි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය
ජාතිකත්වය මගීන් කාර්ය
මණ්ඩලය
එකතුව
 ඉන්දුනීසියාව 149 6 155
 දකුණු කොරියාව 3 0 3
 ප්‍රංශය 0 1 1
 මලයාසියාව 1 0 1
 සිංගප්පූරුව 1 0 1
 එක්සත් රාජධානිය 1 0 1
එකතුව 155 7 162

මින් 145 දෙනෙකු වැඩිහිටියන්ද, 17 දෙනෙකු කුඩා දරුවන්ද (එක් ළදරුවෙකු ඇතුළු) වූහ.

සිදුවීම සම්බන්ධව කාලානුරූපි තොරතුරු[සංස්කරණය]

දිනය වාර්තාවූ සිදුවීම
*දෙසැම්බර් 28 ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ගුවන් යානය අතුරුදන් වීම.
*දෙසැම්බර් 29 ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන පලවීම.[17]
*දෙසැම්බර් 29 ඉන්දුනීසියානු හෙලිකොප්ටර් යානයක් මගින් මුහුදේ පාවෙන තෙල් පැල්ලම් කීපයක් වාර්තා කිරීම.[18]
*දෙසැම්බර් 30 මුහුදේ පාවෙමින් තුබූ අතුරුදන් වූ ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන, හදිසි රූටනයකට සහ ගුවන් යානා දොරටුවකට සමාන සුන්බුන් පිළිබදව තොරතුරු වාර්තා වීම.[19]

යානයේ සෙවීමේ කටයුතු සිදුකරන්නන් විසින් සාගරයේ වූ දුමාරයක් නිරික්ෂණය කිරීම.[7]

*දෙසැම්බර් 30 ජාවා මුහුදේ පාවෙමින් තුබූ සුන්බුන්, 95% ක්ම අතුරුදන් යානාවට අයත් විය හැකි බවට ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කිරීම.[20]

අතුරුදන් වූ ගුවන් යානයේ සහ මගීන්ගේ සුන්බුන් සහ මළ සිරුරු යැයි විශ්වාස කරන සාධක ඉන්දුනීසියානු නාවික හමුදාවට හමුවූ බව එරට මාධ්‍ය වාර්තා කිරීම.[21] යානය සොයා මෙහෙයුම් දියත් කල එම සාගර කලාපය තුල මල සිරුරු 40 ක පමණ ප්‍රමාණයක් හමුවීම.[22]

*දෙසැම්බර් 30 ජාවා මුහුදේ පාවෙමින් තුබූ සුන්බුන් සහ මල සිරුරු අතුරුදන් වූ ගුවන් යානයට සම්බන්ධ ඒවා යැයි ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කිරීම.[23][24]
*2015 ජනවාරි 3 කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ විශාල කොටස් 2 ක් සොයා ගැනීම.[25]
*2015 ජනවාරි 4 කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ පස්වැනි විශාල කොටස සොයා ගැනීම.[26]

සටහන්[සංස්කරණය]

  1. එයාර්ඒෂියා සමාගමේ ප්‍රකාශය අනූව සම්බන්ධතාව ඇණ හිටි වේලාව පැය 07:24 වේ.[8] කෙසේ වූවද, ඉන්දුනීසියානු ගුවන් ගමන් අධිකාරියේ ගැටුම්කාරී ප්‍රකාශ අනූව සම්බන්ධතාව ඇණ හිටි වේලාව පැය 06:17 වේ.[9]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Flightradar24 on Twitter". Twitter. සම්ප්‍රවේශය 28 December 2014.
  2. "AirAsia flight QZ8501 loses contact with air traffic control". Reut ers. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
  3. 3.0 3.1 Passenger Plane Goes Missing Over Pacific, ඒ්බීසී නිව්ස්, 27 December 2014.
  4. 4.0 4.1 "QZ8501 / Indonesia AirAsia". FlightRadar24. සම්ප්‍රවේශය 28 December 2014.
  5. "AirAsia jet carrying 162 missing on way to Singapore - CNN.com". CNN. සම්ප්‍රවේශය 28 December 2014.
  6. "AirAsia Indonesia flight QZ8501 to Singapore missing". BBC News. සම්ප්‍රවේශය 28 December 2014.
  7. 7.0 7.1 "Smoke spotted as searchers look for missing AirAsia jet". CNN. සම්ප්‍රවේශය 30 December 2014.
  8. "[Updated statement] QZ8501". AirAsia Facebook page. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
  9. "AirAsia jet with 162 on board goes missing on way to Singapore". CNN International Edition. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
  10. "AirAsia (Indonesia) Flight QZ8501 Incident". Transport Malaysia. සම්ප්‍රවේශය 28 December 2014.
  11. Nusatya, Chris; Fabi, Randy (28 December 2014). "AirAsia flight carrying 162 people goes missing in Southeast Asia - officials". Reuters. Reuters. සම්ප්‍රවේශය 28 December 2014.
  12. "Live: AirAsia flight from Indonesia to Singapore loses contact with air traffic control". ABC News (Australia). Australian Broadcasting Corporation. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
  13. "95% certain debris is from missing AirAsia flight, says Indonesian search official". mashable. Dec, 30, 2014. සම්ප්‍රවේශය Dec, 30, 2014. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  14. "LIVE BLOG: AirAsia QZ8501 from Indonesia to Singapore missing". Channel NewsAsia. 28 December 2014. 28 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 December 2014.
  15. "Who was aboard AirAsia Flight QZ8501? A family, veteran pilots, a fiance and more". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  16. AirAsia. "AirAsia Indonesia Flight QZ8501". සම්ප්‍රවේශය 28 December 2014.
  17. "Indonesia says missing AirAsia plane could be at 'bottom of sea'". Reuters. 29 December 2014. සම්ප්‍රවේශය 29 December 2014.
  18. "Oil spills spotted, authorities unsure if it came from missing QZ8501". themalaysianinsider. 29 December 2014. 30 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 December 2014.
  19. "Items resembling slide, plane door seen in AirAsia search". channelnewsasia. 30 December 2014. 2 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 December 2014.
  20. "Official: Debris in sea '95% likely' from AirAsia Flight QZ8501". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 29 December 2014.
  21. "Report: Debris, bodies found in Java Sea possibly linked to AirAsia jet". haaretz. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  22. "AirAsia QZ8501: Forty bodies found in missing plane search". bbc. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  23. "AirAsia QZ8501: Officials say debris is missing plane". bbc. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  24. "Debris discovered from missing AirAsia Flight; 2 bodies found". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  25. "Searchers find 'big parts' of AirAsia plane". aljazeera. 2015.1.3. සම්ප්‍රවේශය 2015.1.4. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help)
  26. "කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ තවත් කොටස් හමුවෙයි". HIRUNEWS. 2015.1.4. සම්ප්‍රවේශය 2015.1.4. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help)

භාහිර සබැදි[සංස්කරණය]