ඉන්දීය ආණ්ඩුව

විකිපීඩියා වෙතින්
  • S¡J¡Aනිල වශයෙන් එක්සත් ආණ්ඩුව ලෙසද සාමාන්‍යයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලෙසද හැඳින්වෙන ඉන්දීය ආණ්ඩුව යනු භාරත් ජනරජය පාලනය කරන්නාවූ අධිකාරියයි. මෙය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇත.

ඒකාබද්ධ වශයෙන් ඉන්දියානු ජනරජය ලෙසින් හැඳින්වෙන, ප්‍රාන්ත 29 ක් සහ සංගම් බලප්‍රදේශ හතක් අඩංගු සංගමයක, පාලන අධිකාරිය වෙයි. ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියෙහි, එය පදනම්ව ඇත.

ඉන්දියානු පුරවැසියන් වෙත බල පවත්වන මූලික සිවිල් සහ අපරාධ නීති පනවා ඇත්තේ, සිවිල් පටිපාටි සංග්‍රහය, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය සහ, අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි ප්‍රධාන පාර්ලිමේන්තු නීති සම්පාදන තුලින්ය. ෆෙඩරල් සහ තනි තනි ප්‍රාන්ත රජයයන් වෙත බල පවත්වන අධිකරණ ක්‍රමය, පදනම්ව ඇත්තේ, ඉංග්‍රීසි වෝහාර සහ ව්‍යවස්ථායීය නීතිය මතය. රජයේ ආසනය පිහිටා ඇත්තේ නව දිල්ලියෙහි බැවින්, මධ්‍යම රජයට ගෞරවාර්ථ පදය ලෙසින් "නව දිල්ලිය " යන්න පොදුවේ ව්‍යවහාර කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දීය_ආණ්ඩුව&oldid=505253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි