ඉන්දියා‍වේ නාගරීකරණය

විකිපීඩියා වෙතින්

නාගරීකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් රටක් වශයෙන් ඉන්දියාව හැඳින්විය හැකිය. දකුණු ආසියාවෙහි ප‍්‍රබලතම රටක් වශයෙන් සැළකෙන ඉන්දියාවෙහි නාගරීකරණය පිළිබඳ සුවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 1961 දී ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නාගරීකරණයෙහි නිශ්චිත පරිපාලනය ප‍්‍රදේශ සීමා දක්වා ඇත. එමෙන්ම එරට නගර ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර ලෙස කොටස් 02 කට වර්ගීකරණය කර ඇති අතර මෙම නගර වර්ග දෙක පදනම් කරගනිමින් ඒ ඒ නගර අනුව වෙනස් වූ මිණුම් දඬු පවතී. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ නගර තීරණය කිරීමේදී ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය ජන ඝනත්වය, කෘෂිකාර්මික නොවන අංශයේ රැුකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය අනුව වර්ගීකරණය කරනු ලබයි. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නගර වර්ග 02 කට බෙදා දක්වා ඇත. එය ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර නම් වන අතර මෙම නගර සභා පවතින සෑම ප‍්‍රදේශයක්ම නාගරීකරණයට අයත් වේ. මෙම නගර රාජ්‍ය නීතිය මත තීරණය වේ. සංගණන නගරවලට පවරන ලද නීතියට අනුව පළමු දායක මට්ටමේ පවත්වාගෙන යන නගර 5000 ක අවම ජනගහනයක් සිටිය යුතුය. තව ද ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 400 ක් සිටීම ද අනිවාර්ය වේ.

Bhagat පවසන ආකාරයට ඉන්දියාවේ මිණුම් දඬුවල පවතින පරස්පර විරෝධීභාවය නාගරීකරණයේ ගුණාත්මකභාවය තේරුම් ගැනීම සඳහා බලපානු ලබයි. ඉන්දියාවෙහි නාගරීකරණය කාලයෙන් කාලයට වෙනස් වන අතර 1961 දී පැවැත්වූ සංගණනයෙන් නාගරික ප‍්‍රදේශ නිර්වචනය කිරීමේ මිණුම් දඬු ඉන්පසු පැවැත්වූ සංගණන වලදී වෙනස් විය. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නාගරික ප‍්‍රදේශ ප‍්‍රකාශ කිරීමේදී 75% ක් පුරුෂයින් කෘෂිකාර්මික නොවන රැකියාවල නිරතවීම අපේක්ෂා කරනු ලැබීය. මෙම කරුණු එකතුවීමෙන් නගර මට්ටම වෙනස් වීම නාගරික සීමා නිරන්තරයෙන් වෙනස්වීම හා ඒ හා අදාළ තොරතුරු වල නිරවද්‍ය බව දුර්වල වීමට හේතු වී ඇත.


ඉන්දියාවේ නාගරීකරණයෙහි ප‍්‍රමාණය හා වර්ධන ප‍්‍රවණතා[සංස්කරණය]

වර්තමානයේ මිලියන 1095 කට ඉතා ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන ඉන්දියානුවන් රට පුරා නගර 3700 ක පමණ ව්‍යාප්තව පවතී. ඉන්දියාවේ නාගරික ජනසංඛ්‍යාව චීනයට පසු ලොව විශාලතම ජනගහනය වේ. ඒ අනුව ඉන්දියාව පුරා ව්‍යාප්තව ඇති මිලියන නගර හා එහි වෙසෙන ජන සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඉන්දියාවේ මිලියන නගර (1951-2001)
අනුස්ථිතිය නගරය ජනගහනය (මිලියන වලින්) 12.57 16.37
2 කල්කටාව 4.67 7.42 10.92 13.22
3 දිල්ලිය 1.44 3.65 8.38 12.79
4 මදුරාසිය (චෙන්නායි) 1.54 3.17 5.36 6.42
5 හයිද්‍රාබාද් 1.13 1.8 4.28 5.53
6 බංගලෝර් 0.79 1.66 4.09 5.69
7 අහමදාබාද් 0.88 1.75 3.3 4.52
8 කන්පූර් 0.71 1.28 2.11 2.69
9 නාග්පූර් 0.48 0.93 1.66 2.12
10 ලක්නව් 0.5 0.81 1.64 2.27
11 පැට්නා 0.32 0.56 1.1 1.71
12 මදුරාසි 0.37 0.71 1.09 1.19
13 බෝපාල් 0.1 0.38 1.06 1.45

ඉහත දත්ත අනුව පැහැදිලි වනුයේ ඉන්දියාවේ මිලියන නගර අතරින් ජන සංඛ්‍යාව අධිකම නගරය බවට බොම්බාය, කල්කටා, දිල්ලි යන නගර පිළිවෙලින් අයත් වන බවය. මෙහිදී දක්නට ලැබෙන කැපීපෙනෙන සුළු ලක්ෂණය වනුයේ 1951 වර්ෂයේදී බොම්බායෙහි මිලියන 2.79 ක් වූ ජනගහනය 2001 වන විට මිලියන 16 ඉක්මවා ඇත. 1971-1991 අතර කාලපරිච්ඡේදය තුළ බොම්බායෙහි ඉතා සීඝ‍්‍ර ජන සංඛ්‍යා වර්ධනයක් දැකගත හැකි වෙයි. එය මිලියන 5.97-12.57 දක්වා වූ සීඝ‍්‍ර වර්ධනයකි. විශේෂයෙන්ම මේ සඳහා සංක‍්‍රමණය යන සාධකය වැඩි වශයෙන් හේතු වී ඇත. රැුකියාව, අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍යය වැනි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ග‍්‍රාමීය ජනයා විශාල වශයෙන් නගර කරා සංක‍්‍රමණය වීම මෙම අවධිය තුළ සිදුවිය. ඉහළ ජීවන තත්වයක් ලබාගැනීම සඳහා කුමන හෝ රැකියාවක් අපේක්ෂාවෙන් ජනයා මේ අනුව නගර තුළට ඒකරාශී විය. මෙය බොම්බාය කල්කටාව හා දිල්ලි යන නගරවල ජනසංඛ්‍යාව ඉහළ යාමට බෙහෙවින්ම හේතු සාධක විය.

සමස්තයක් වශයෙන් නාගරික ජන සංඛ්‍යාවට සෑම නගරයකම 1951 වර්ෂයේ සිට වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් 1951-2001 දක්වා ජන සංඛ්‍යාව අවම වශයෙන් තුන් ගුණයකට වඩා වැඩිවී ඇති බව පැහැදිලි වේ.

ඉන්දියාවේ ප‍්‍රජා විද්‍යාත්මක දත්ත කිහිපයක්[සංස්කරණය]

1985 1990 1999 2000 2005 2010 2015 2020 2025
නාගරික ජනගහනය (000* 186,771 217,256 248,875 286,323 330,119 380,208 435,112 498,777 565,799
ග‍්‍රාමීය ජනගහනය (000* 581,169 633,538 680,129 720,447 752,065 772,075 776,550 772,829 764,401
නාගරීකරණ ප‍්‍රතිශතය 24.3% 25.5% 26.8% 28.4% 30.5% 33.0% 35.9% 39.2% 42.5%




ඉන්දියාව තුළ සිදුවන නාගරීකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් එම රටේ නාගරික ජන සංඛ්‍යා ප‍්‍රතිශතයේ වර්ධනය ඉහළ මට්ටමකින් සිදුවීම විශේෂ ලක්‍ෂණයකි. 1995 වර්ෂයේ 24.3% ව පැවති නාගරීකරණ මට්ටම 2010 වන විට 33% දක්වා ඉහළ ගොස් ඇත. මුළු ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 2.05% සිට ක‍්‍රමයෙන් අඩුවී 2010 වන විට 1.44 දක්වා අඩුවී ඇත. එසේම නාගරික ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 3.02% 2010 වන විට 2.83 දක්වා අඩුවී ඇත.

ග‍්‍රාමීය ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 1.73% දක්වා ක‍්‍රමයෙන් අඩුවී 2010 වන විට 0.53 දක්වා අඩුවී ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ ඉන්දියාව තුළ නාගරීකරණය ක‍්‍රමයෙන් වර්ධනය වන බවත් ග‍්‍රාමීය ජනසංඛ්‍යාවට වඩා නාගරික ජන සංඛ්‍යාව වර්ධනය වීම වේගයෙන් සිදුවීම තුළ නාගරීකරණය පුළුල් වන බවත්ය. ප‍්‍රක්ෂේපිත අගයන්ට අනුව ඉන්දියාවේ නාගරික ජනගහන වර්ධන වේගය 2025 වසර වන විට කැපී පෙනෙන සුළු අඩුවීමක් පෙන්වනු ලබයි.

නාගරීකරණය කෙරෙහි බලපා ඇති සාධක[සංස්කරණය]

නාගරීකරණය සාධක 4 ක් හේතුකොටගෙන සිදුවිය හැකිය.

01. අභ්‍යන්තර වශයෙන් සිදුවන ග‍්‍රාමීය නාගරික සංක‍්‍රමණය

02. ස්වභාවික වර්ධනය

03. ජාත්‍යන්තර නාගරික සංක‍්‍රමණය

04. ග‍්‍රාමීය ප‍්‍රදේශ නාගරික ප‍්‍රදේශ ලෙස නැවත වර්ගීකරණය කිරීම

ඉන්දියාවේ නාගරීකරණය තුළ හඳුනාගත හැකි ලක්‍ෂණ[සංස්කරණය]

  1. අසමතුලිත ආර්ථික පදනමක් හා කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධනය වී පැවතීම
  2. ශක්තිමත් ආර්ථික පදනමක් හා කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධනය වීම.
  3. සීඝ‍්‍ර නාගරීකරණය හේතුවෙන් විශාල ලෙස පැල්පත් නිවාස වර්ධනය වීම.
  4. නාගරීකරණය සඳහා නගරයට ඈඳා ගැනීම නොව ගමින් නගරයට තල්ලූවීම.
  5. ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිට නගරවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් ගුණාත්මක බවින් තොර නගර රාශියක් බිහිවීම.

නාගරීකරණයෙහි ප‍්‍රතිවිපාක[සංස්කරණය]

  • සෞඛ්‍ය ගැටලූ
  • ජනාවාස ගැටලූ
  • මන්දපෝෂණය
  • ජල විදුලි පහසුකම්වල හිඟය
  • සමාජ පරිහානිය
  • සමාජ අසමානකම්

පාරිසරික ගැටලූ[සංස්කරණය]

  • ජල දූෂණය
  • වායු දූෂණය
  • ශබ්ද දූෂණය
  • ගොඩබිම් දූෂණය
  • රථවාහන තදබදය
  • ඝන අපද්‍රව්‍ය

ආර්ථික ගැටලූ[සංස්කරණය]

  • දරිද්‍රතාවය
  • විරැකියාව
  • ඉඩම් මිල ඉහළයාම
  • ඇති නැති පරතරය වැඩිවීම
  • ආදායම් විෂමතාවය

නාගරීකරණය සම්බන්ධයෙන් ඉන්දියානු රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග[සංස්කරණය]

නාගරීකරණය ඉහළයාම යන ප‍්‍රශ්නය පිළිබඳව ඉන්දියානු රජය අවධානය යොමු කර ඇති අතර නාගරික ප‍්‍රදේශවල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති සැකසීම කෙරෙහි ද මෙය බලපා ඇත.

මධ්‍යම රජයේ කාර්යභාරය වනුයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම, නිවැරදි ක‍්‍රියාමාර්ග පෙන්වා දීම, අරමුදල් බෙදාහැරීම, නිවාස සංකීර්ණ සඳහා අනුග‍්‍රහය දැක්වීමය. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම, තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සහ වැඩිවන නාගරීකරණ සීමා කිරීමට අදහස් ක‍්‍රියාත්මක කිරීම ආදිය ද මධ්‍යම රජයට පැවරී ඇති කාර්යභාරයන් වේ. වර්තමානයේ මධ්‍යම රජය ගෙන ඇති පුළුල් ක‍්‍රියාමාර්ග වශයෙන්

1) කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ නගර සංවර්ධනය

2) අධි නගරවල අන්‍යොන්‍ය සම්බන්ධතාවය වර්ධනය කිරීම

3) අගමැතිතුමා විසින් හොඳම නාගරික සැලැස්ම හා නිර්මාණය සඳහා සම්මාන පිරිනැමීම.

4) සෞඛ්‍ය සම්බන්ධ නාගරික වැඩසටහන්

  i.	තමිල්නාන්ඩු ප‍්‍රාන්තයේ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය 
  ii.	බටහිර බෙංගාලයේ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
  iii.	කර්ණාටක ප‍්‍රාන්තයේ නාගරික සංවර්ධනය සහ නාගරික යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
  iv.	කර්ණාටක ප‍්‍රාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති

5) රාජස්ථාන් ප‍්‍රාන්තයේ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. 6) නාගරික හා පාරිසරික කළමනාකරණය සහ නාගරික සංවර්ධනය සඳහා ණය සැපයීම්.

පින්තූර ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • ද සිල්වා ඉන්ද්‍රලාල්(2004)ජනගහන අධ්‍යයනය(ශ්‍රී ලංකාව ඇසුරින්)දීපානි ප්‍රකාශන
  • ලියනගේ නිරෝෂා,මානවඩු ලයන්ත(2008)තෙවන ලොව නාගරීකරණය,විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

සබැඳි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියා‍වේ_නාගරීකරණය&oldid=626777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි