ඉන්දියානු ජනාධිපතිවරණය, 2017

විකිපීඩියා වෙතින්
ඉන්දියානු ජනාධිපතිවරණය, 2017
ඉන්දියාව
← 2012 17 ජූලි 2017 2022 →
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය99% (ඇස්තමේන්තුගත)[1] Increase
  100px
අපේත්ෂකයා රාම් නාත් කෝවින්ද් මීරා කුමාර්
පක්ෂය බීජේපී අයිඑන්සී
සන්ධානය එන්ඩීඒ යූපීඒ
ප්‍රතිශතය 65.65% 34.35%


ජනාධිපතිවරයා මැතිවරණයට පෙර

ප්‍රනාබ් මුඛර්ජි
අයිඑන්සී

Elected ජනාධිපතිවරයා

රාම් නාත් කෝවින්ද්
බීජේපී


ඉන්දියාවෙහි ජනාධිපතිවරණයක් 2017 ජූලි 17 වන සඳුදා දිනයෙහිදී පැවැත්වුණු අතර ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කෙරුණේ ජූලි 20 දින බ්‍රහස්පතින්දාය. 2017 ජූලි 24 දිනදී නිල කාලය අවසන්වීමට නියමිත ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි,[2] යළි-මැතිවරණයකට මුහුණදීම ප්‍රතික්ෂේප කලේය.

පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සභාගයෙහි සහයෝගය බිහාරයෙහි ආණ්ඩුකාරවර භාරතීය ජනතා පක්ෂයෙහි රාම් නාත් කෝවින්ද් හට හිමිවුනු අතර, මැතිවරණයෙහිදී විපක්ෂ අපේක්ෂක ඉන්දියානු ජාතික කොංග්‍රසයෙහි මීරා කුමාර් සමග තරග වැදිණි. ෆෙඩරල්, රාජ්‍ය සහ සංගම් ප්‍රදේශ ව්‍යවස්ථාදායකයන්ගේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙතින් සමන්විතවූ මැතිවරණමය පර්ෂදයෙහි ඡන්ද වෙතින් දළවශයෙන් තුනෙන් දෙකක් අත්පත් කර ගැනුමට කෝවින්ද් සමත්වූ අතර ජනාධිපතිවරයා ලෙසින් වසර පහක් ධූර කාලයකට තේරී පත්විය. [3] කෝවින්ද්ගේ ධූරන්දර කාලය ඇරඹෙන්නේ 2017 ජූලි 25 දිනදීය.

තේරීම් ක්‍රියාවලිය[සංස්කරණය]

පාර්ලිමේන්තුවෙහි මණ්ඩල දෙකෙහිම තේරී පත්වූ මන්ත්‍රීවරුන්, ප්‍රාන්ත 29 හී ව්‍යවස්ථාදායක සභාවන්හී තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ දිල්ලි සහ පුඩුචෙරි යන සංගම් බලප්‍රදේශයන්හී ව්‍යවස්ථාදායක සභාවන්හී තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙතින් සමන්විතවූ මැතිවරණමය පර්ෂදයක් ‍වෙතින් ඉන්දියානු ජනාධිපතිවරයා වක්‍රාකාරලෙසින් තෝරා පත් කරගැනීම සිදු කෙරෙයි. [4] 2017 වන විට, මැතිවරණමය පර්ෂදයෙහි පාම වරුන් 776 දෙනෙකු සහ වම‍ෙවරුන් 4,120 දෙනෙකු අඩංගු වූහ.

මෙම ක්‍රමවේදය විසින්, ඉහත මැතිවරණමය පර්ෂදයෙහි සාමාජිකයන් සඳහා එකිනෙකට වෙනස් ඡන්ද සංඛ්‍යාවන් වෙන්කර දී ඇති අතර එසේ කර ඇත්තේ පාමවරුන් සහ වමමවරුන්ගේ මුළු භාරය වෙන වෙනම ගත් කල දළ වශයෙන් සමාන වන පරිදී සහ ප්‍රාන්ත සහ බලප්‍රදේශයන්හී ඡන්දය දීමෙහි ශක්තිය ඒවායේ ජනගහණයට සමානුපාතික වන පරිදීය. සමස්ත වශයෙන් ගත් කල මැතිවරණමය පර්ෂදයෙහි සාමාජිකයන්ට ඡන්ද 1,098,882 ප්‍රමාණයක් භාවිතා කල හැකි වන අතර, බහුතරයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 549,442 ක් වෙයි.[5]

  1. "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් සීස් නියර්ලි 99% වෝටිං, රාම් නාත් කෝවින්ද් සෙට් ෆො ඊසි වින්: 10 පොයින්ට්ස්". NDTV. සම්ප්‍රවේශය 17 ජූලි 2017.
  2. "ඉලෙක්ෂන් කමිෂන් ඉෂියුස් කෝටිෆිකේෂන් ෆො ප්‍රසිඩන්ට්ස් ඉලෙක්ෂන්". ද හින්දු. http://www.thehindu.com/news/national/election-commission-issues-notification-for-presidents-election/article19045327.ece?src=wiki. 
  3. "රාම් නාත් කෝවින්ද් ඊස් දි 14ත් ප්‍රසිඩන්ට් ඔෆ් ඉන්ඩියා" (en බසින්). ද හින්දු. 21 ජූලි 2017. http://www.thehindu.com/news/national/nda-candidate-ram-nath-kovind-is-the-14th-president-of-india/article19316904.ece?homepage=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජූලි 2017. 
  4. "ඉලෙක්ෂන් ඔෆ් ද ප්‍රසිඩන්ට්". ප්‍රෙස් ඉන්ෆොමේෂන් බියුරෝ. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2016.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NDTV_UP නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි