ඉන්ග්යොං අගබිසව

විකිපීඩියා වෙතින්
(ඉන්ග්‍යොං අගබිසව වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්ග්‍යොං අගබිසව
인경왕후
ජොසොන් හි අගබිසව
ධුරය ඉසිලීම1674 – 1680
පූර්වප්‍රාප්තිකයාමියොංසොං අගබිසව
අනුප්‍රාප්තිකයාඉන්හ්යොන් අගබිසව
ජොසොන් හි කිරුළ හිමි කුමරිය
ධුරය ඉසිලීම1670 – 1674
පූර්වප්‍රාප්තිකයාකිරුළ හිමි කිම් කුමරිය
අනුප්‍රාප්තිකයාකිරුළ හිමි ෂිම් කුමරිය
උපත25 ඔක්තෝබර් 1661
හෝයිහ්‍යොන්බං, ජොසොන් රාජධානිය
මරණයDecember 16, 1680 (1680-12-17) (වයස 19)
ග්‍යොංහුයි මාලිගය, ජොසොන් රාජධානිය
භූමදානයඉංනුං, ග්‍යොංගි පළාත
වල්ලභයාජොසොන් හි සුක්ජොං ‍රජ
දරුවන්නම් නොලද දියණියන් 2
මරණාපර නාමය
광렬효장명현선목혜성순의인경왕후
"අගබිසෝ ඉන්ග්‍යොං, ග්වංර්යොල් හ්‍යෝජං මියොංහ්‍යොන් සොන්මොක් හ්‍යේසොං සුන්උයි"
පියාකිම් මන්-ගි
මවචොංජු හන් වංශයේ සෝවොන් ආර්යාව

ඉන්ග්‍යොං අගබිසව යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් හි සුක්ජොං රජුගේ පළමු අග මෙහෙසියයි.

චරිතාපදානය[සංස්කරණය]

ඇය කිම් මන්-ගි[1] සහ හන් ආර්යාවගේ[2] දියණියයි.

10වන වියේ දී ඇයව සුක්ජොං (එකල කිරුළ හිමි කුමරු) හට විවාහ කරදුන් අතර, අනතුරුව ඇය කිරුළ හිමි කුමරුන්ගේ වල්ලභ කුමරිය (왕세자빈, වංසේජාබින්) ලෙස හැඳින්විණි. 1674 දී, ඇගේ සැමියා රජු බවට පත්වීමත් සමඟ, ඇය ජොසොන් රාජ්‍යයේ අගබිසව බවට පත්වූවා ය. 1680 ඔක්තෝබරයේ (වයස 19) දී, ඇය වසූරිය රෝග ලක්ෂණ පෙන්වූ අතර, ඉන් දින 8කට පසුව චංදොක් මාලිගය තුළ දී ඇය මරණයට පත්වූවා ය.

ඇගේ දේහය ග්‍යොංගි පළාතේ ඉංනුං (익릉) හි භූමිදානය කරන ලදී. ඇයට දියණියන් දෙදෙනකු සිටි නමුත් ඔවුන් උපතේ දී මරණයට පත්ව තිබේ.

පවුල[සංස්කරණය]

  • පියා: කිම් මන්-ගි (김만기)
  • මව: චොංජු හන් වංශයේ හන් ආර්යාව (청주 한씨)
    • මුත්තණුවන්: හන් ‍යු-ර්යං (1603 – 1656) (한유량)
  • සැමියා: ජොසොන් හි සුක්ජොං රජ (7 ඔක්තෝබර් 1661 – 12 ජූලි 1720) (조선 숙종)
    • නම් නොලද දියණියක් (27 අප්‍රේල් 1677 – 13 මාර්තු 1678)
    • නම් නොලද දියණියක් (23 ඔක්තෝබර් 1679 – 1679)

සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • අගබිසෝ ඉන්ග්‍යොං, ග්වර්‍යොල් හ්‍යෝජං මියිංහ්‍යොන් සොන්මොක් හ්‍යේසොං සොන්උයි
  • 광렬효장명현선목혜성순의인경왕후
  • 光烈孝莊明顯宣穆惠聖純懿仁敬王后

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

  • ජු ජුං-ර්යු විසින් 1961 චිත්‍රපටයක් වූ ජං හුයි-බින් තුළ නිරූපණය කරන ලදී.
  • පාක් සූන් චුන් විසින් 1988 MBC රූපවාහිනී කථාමාලාවක් වූ 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන් හ්‍යොන් තුළ නිරූපණය කරන ලදී
  • සා මි ජා සහ ජං හ්‍යේ සූක් විසින් 1995 SBS රූපවාහිනී කථාමාලාවක් වූ ජං හී බින් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
  • කිම් හා-උන් විසින් 2013 SBS රූපවාහිනී කථාමාලාවක් වූ ජං ඔක්-ජොං, ලිවිං බයි ලව් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.

සටහන්[සංස්කරණය]

  1. "ග්වංසොං අභ්‍යන්තර කුමරු" (광성부원군) ලෙස ගෞරව කෙරේ.
  2. "සෝවොන් ආර්යාව, අභ්‍යන්තර කුමරුන්ගේ වල්ලභ කුමරිය" (서원부부인) ලෙස ගෞරව කෙරේ.

බාහිර සබැඳි[සංස්කරණය]

  1. https://thetalkingcupboard.com/joseon/royal-ladies-of-joseon-dynasty/
පූර්වප්‍රාප්තිකයා
මියොංසොං අගබිසව
කොරියාවේ අගබිසව
1674–1680
අනුප්‍රාප්තික
ඉන්හ්යොන් අගබිසව


සැකිල්ල:Women's-History-stub

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ග්යොං_අගබිසව&oldid=475299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි