ඉඩෝ භහසාව

විකිපීඩියා වෙතින්

ඉඩෝ භහසාව යනු විවිධ පසුබිම් වලින් එන පිරිස් හට යොදා ගත හැකි නිර්මාන කරනලද පොදු විකල්ප අන්ථ්‍යර්ජාතික භහසාවකි. එය නිර්මාණය කර ඇත්තේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස හා කෝෂවිද්‍යාව ඉතාමත් ක්‍රමවත් කරමින්, ඉගෙනීම හා පාවිච්චිය පහසු කිරීමටයි. මේ අයුරින් ඉඩෝ වර්ග කර ඇත්තේ අතිරේක අන්තර්ජාතික භහසාවක් ලෙසයි. එය එස්පෙරාන්ටීඩෝ යැයි, එස්පෙරාන්ටෝ වලින් බිඳි ආ භහසාවලින්, අතිශය ප්‍රසිද්ධියක් ඉසුලූ භහසාවකි.

එස්පෙරන්ටෝ භහෂාවේ ප්‍රත්‍යක්ශ දෝශ මග හැරීමට වූ ප්‍රථිසංස්කරණයක් ලෙස ඉඩෝ භාෂාව 1907දී නිර්මාණය විය. "ඉඩෝ" නම ඇති වුනේ එස්පෙරන්ටෝ වලම 'දරුවා' නැත්තම් දාරකයා යන තේරුමින්ය. එහි ආරම්භයට පසු, එස්පෙරන්ටෝ සමූහයෙන්ම දැවැන්ත රුකුලක් එයට ලැබුණි. නමුත් 1914දී ඉඩෝ භහෂාවට මහත් පරිෂ්‍රමයක් දැරූ ලුයී කොටුරාත් මහතාගේ අභාවයෙන් පසු එහි ජනප්‍රසාදය හීන වුනා. මේකට හේතු දෙකක් තිබුනා: මුලින්ම, තවත් ප්‍රථිසංස්කරණ සමඟ භාෂාව තවත් භේද වුනා; දෙවනුවෙන්, ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉඩෝ යොදාගත හැකි යැයි යන්න නොදැනුවත්කම. මේ දෝෂ අන්තර්ජාලයත් සමඟ තුරන් වී යතැයි සමහරුන්ගේ මතය.

ඉඩෝ, ඉන්ග්‍රීසි භහසාව මෙන්, අකුරු විසිහයේ (26) ලතින් අකරාදිය යොදාගනී. එය ප්‍රංෂ, ඉතාලියානු, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, ජැර්මාණු හා රුසියන් බසින් වචන අයත් කරගෙන ඇති අතර එස්පෙරාන්ටෝ භහසාව දන්නා කෙනෙකුට ඉතාමත් ලෙහෙසියෙන් තේරුම් ගත හැකිය.

The Little Prince හා Gospel of Luke ඇතුළු කෘථි රැසක් ඉඩෝ බසට පරිවර්ථනය වී ඇත. 2000 වර්ෂය වනවිට ඉඩෝ කථා කරන පිරිස 100-200 පමණ විය.[1]

ඉතිහාසය[සංස්කරණය]

අථිරේක විශ්ව දෙවන බසක් හෝ නව බසක් නිර්මානය කිරීම යන සංකල්ප අළුත් ඒවා නොවේ. පළමුවන් ගොඩනැගුනු භාෂාව ලින්ගුවා ඉග්නෝටා (Lingua Ignota) නමින් හැඳින් වේ. එය දොළොස් වන සියවසේ නිර්මාණය කරන ලද්දකි. එහෙත් 1879යේ වොල්පියුක් බස නිර්මාණය වී ප්‍රචාරය කරන තෙක් මෙවැනි කෘත්‍රීම භාෂා පිළිබඳ නැඹුරුවක් බොහෝ දෙනෙක් තුල පැවතියේ නැහැ. 1887 වර්ෂයේ සිට එස්පෙරාන්ටෝ භාෂාව වඩාත් ප්‍රඡලිත වුනා. මීට අමතරව ලතින් සෛන් ෆ්ලෙක්සියොන් (Latino sine Flexione) සහ ඉඩියොම් නිවුට්‍රල් (Idiom Neutral) භාසා එකතු වුනා. මේ කාල පරිච්ඡේදයේදී ප්‍රංෂ ගණිතඥ්ඥ ලුයී කුතුරාට් "අථිරේක අන්තර්ජාථික භාෂාවක් සම්මත කරගැනීමට නියෝත මණ්ඩලයක්" (Delegation for the Adoption of an International Auxiliary Language) පත් කළා.


1922 වසරේ ජැර්මනියේ ඩෙස්සව් නගරයේ පැවති මහ සභාවක්

ඩිගිටල් යුගය[සංස්කරණය]

තවමත් ඉඩෝ භහසාව ඉගෙනීමට උද්‍යෝගී පිරිස් ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ මෙම බස තව තවත් ප්‍රඡලිත වෙනවා. Yahoo! සමඟ ඉඩෝ ඉගෙන ගැනීමට එහි "Idolisto" නැමැති කණ්ඩායමක් පෙනී සිටී. එයින් විසි හතර දෙනෙකුගේ සාම්පලයකින් 54% 2002-2005 වසර වලත්, 32% 1990-2002 දක්වාත්, 8% ඊට පෙර සිටමත් ඉඩෝ බස ඉගෙන ගනිමින් සිටි බව වාර්ථා වේ.[2]

වෙනස් කම්[සංස්කරණය]

1922 වසරේ සිට වෙනස්කම් කීපයක්ම ඉඩෝ හට ඇතුලත් කර තියෙනවා.[3]

ස්වර විද්‍යාව[සංස්කරණය]

ඉඩෝ හට පණකුරු ශබ්දාණු පහක් තිබේ. [e] හා [ɛ] පණකුරුද [o] හා [ɔ] පණකුරුද භාෂාව පරිශීලී කරන්නාගේ කැමැත්ත මත මාරු කළ හැකිය. /au/ හා /eu/ වචන මූලයන්හීදී සංයුක්ත ස්වර වන අතර උපසර්ග ලෙස භාවිතා වෙද්දී වෙනස් නොවේ.[4]

ඉඩෝ පණකුරු
ඉදිරිය පිටුපස
පියවූ i u
මධ්‍ය e ~ ɛ o ~ ɔ
විවෘත a

අක්ෂර වින්‍යාසය[සංස්කරණය]

ව්‍යාකරණ[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. Blanke (2000), cited in Sabine Fiedler "Phraseology in planned languages", Phraseology / Phraseologie, Walter de Gruyter 2007. pp. 779.
  2. MacLeod, Dave (23 November 2005). "Votez! Kande vu komencis lernar Ido?". සම්ප්‍රවේශය 19 January 2012. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  3. Chandler, James (6 November 1997). "Changes in Ido since 1922". සම්ප්‍රවේශය 19 January 2012.
  4. De Beaufront, Louis (2004) [1st pub. 1925]. Tejón, Fernando (ed.). "Pronunco dil vokali" (PDF). Kompleta Gramatiko detaloza di la linguo internaciona Ido (ඉඩො බසින්). Ponferrada, Spain: Krayono. p. 7. 13 August 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඉඩෝ_භහසාව&oldid=414104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි