ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම (2021)

විකිපීඩියා වෙතින්
ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම (2021)
කාබුල් බිඳවැටීමෙහි (2021) පශ්චාත් ඵලය කොටසකි
පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර 2021 අගෝස්තු 20 දිනදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ගුවන් හමුදාවෙහි ‌බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III යානයකට ඉවත් කරනු ලබන්නන් නැංවීම
පිහිටීම
අභිලාෂයජාතික සිවිල් වැසියන් ඇතුළුව, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික, හමුදාමය සහ සිවිල් වැසියන් ඉවත්කිරීම
දිනය15 අගෝස්තු 2021 – වර්තමානය

ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය සහ 2021 තලෙයිබාන් ආක්‍රමණය වෙතින් නේටෝ හමුදාවන් ඉවත්කරගැනීම් මධ්‍යයෙහි, විදේශ පුරවැසියන් සහ සමහරක් අනාරක්ෂිත ඇෆ්ගන් පුරවැසියන් රටින් ඉවත්කරගැනීමෙහි ආයාසයන් පුළුල් ලෙසින් ඇෆ්ගනිස්තානයෙහි දියත් කරන ලදි. 2021 අගෝස්තු 15 දිනදී කාබුල් බිඳවැටීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිඳවැටීම සමගින්, රටින් පිටව යෑමට තිබූ තලෙයිබාන්-පාලනයට නතු නොවූ එකම මාර්ගය වූයේ නේටෝ හමුදා දහස් ගණනකින් ආරක්ෂාව සැපයුනු හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පමණකි.