ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් (2010 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්
Theatrical poster
අධ්‍යක්‍ෂණයTim Burton
තිර රචනයLinda Woolverton
නිශ්පාදනයRichard D. Zanuck
Joe Roth
Suzanne Todd
Jennifer Todd
රංගන ශිල්පීන්Johnny Depp
Mia Wasikowska
Anne Hathaway
Helena Bonham Carter
Crispin Glover
Stephen Fry
Alan Rickman
Michael Sheen
Timothy Spall
සිනෙමාරූපණයDariusz Wolski
සංස්කරණයChris Lebenzon
සංගීතයDanny Elfman
Production
companies
බෙදාහැරීමWalt Disney Pictures
නිකුත්වූ දින
  • පෙබරවාරි 25, 2010 (2010-02-25) (London)
  • මාර්තු 5, 2010 (2010-03-05)
තිර කාලය
108 minutes
රටUnited States United Kingdom
භාෂාවEnglish
පිරිවැය$150[1][2]–$200[3] million
ආදායම$1,024,299,904[4]

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් ටිම් බර්ටන් විසින් අධ්‍යක්ෂණය කළ, ලින්ඩා වූල්වර්ටන් විසින් රචනය කළ, වෝල්ට් ඩිස්නි පික්චර්ස් මඟින් ඉදිරිපත් කළ 2010 ඇමෙරිකානු පරිගණක සජීවිත/ජීවමාන, අද්භූත හා නිර්භීත ගණයේ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ නළු නිළියන් වන්නේ මියා වසිකොව්ස්කා, ජොනී ඩෙප්, හෙලේනා බොන්හැම් කාටර් , ඈන් හැතවේ(Anne Hathaway),ක්‍රිස්පින් ග්ලොවර්(Crispin Glover),මයිකල් ෂීන්(Michael Sheen),මැට් ලූකස් (Matt Lucas)හා ස්ටීවන් ෆ්‍රයි(Stephen Fry) ය. මෙම චිත්‍රපටය ආභාසය ලබා ඇත්තේ ලුවී කැරොල්ගේ(Lewis Carroll) 1865 අද්භූත නවකතාවක් වන "වොන්ඩර්ලන්ඩ් හි ඇලිස්ගේ නිර්භීත ක්‍රියා"(Alice's Adventures in Wonderland) සහ එහි 1871 අනුබන්ධනය වන "දෘෂ්ටි කණ්ණාඩිය හරහා"(Through the Looking-Glass) මගිනි.දහනව හැවිරිදි ඇලිස් ලෙස රඟපාන්නේ,මුල් වර පැමිණීමෙන් වසර 13 කට පසු, තරුණියක් හැටියට පළමුවතාවට පැමිණෙන වසිකොව්ස්කා විසිනි. අන්ඩලන්ඩ් හි වැසියන් භීතියට පත් කරන,රතු රැජිණ විසින් පාලනය කරන මකරෙක් වැනි සතෙකු වන ජැබර්වොකි මරා දැමිය හැක්කේ ඇයට පමණක් බව ඇයට පවසා ඇත.

මෙම චිත්‍රපටය මුලින්ම දර්ශනය කලේ ලන්ඩන්හි ඕඬියන් ලෙස්ටර් චතුරස්‍රයේ 2010 පෙබරවාරි 25 දිනදීය.ඉන්පසු 2010 මාර්තු 4 වන දින ඕස්ට්‍රේලියාවේද 2010 මාර්තු 10 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ IMAX 3D මගින් හා ඩිස්නි ඩිජිටල් 3D මගින්ද සම්ප්‍රදායික සිනමා ශාලාවල් වලදීද තිරගත කොට ඇත.එය තිරගත කරන ලද්දේ කෙටි කලක් තුලදී වුවද ලොව පුරා ඉන් ඉපයූ ආදයම ඩොලර් මිලියන 1.02 ඉක්මවා ඇත. 83 වැනි ඇකඩමි ත්‍යාග ප්‍රදානෝත්සවයේදී "ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්" හොඳම කලා අධ්‍යක්ෂණය හා හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ත්‍යාග ලබා ගත්තේ ය. එය 2011 ඔක්තෝබර් වන විට මෙතෙක් ලෝකයේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට අතරින් නවවැනි තැනට පැමිණ ඇත.

2016 මැයි 27 දින මෙහි අනුගාමී චිත්‍රපටය වන ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් මුදාහැරිණි.

කථාවස්තුව[සංස්කරණය]

නිතර දක්නා පුදුමාකාර සිහිනයෙන් ව්‍යාකූලව සහ තම ආදරණීය පියාගේ මරණය පිළිබඳ ශෝකයට පත්ව සිටින අවදියක දහනම හැවිරිදි ඇලිස් කින්ස්ලි(Alice Kingsleigh), ඇස්කොට් සාමිවරයාගේ වත්තේ පැවති ගෙවතු සාදයකට සහභාගී වෙයි.එහිදී තමා ජීවත් වන සමාජයේ අපේක්ෂාවන් යටපත් වන අන්දමේ අනවශ්‍ය විවාහ යෝජනාවක් ඇයට ඉදිරිපත් වෙයි.එයට කුමන අන්දමේ පිළිතුරක් දිය යුතුදැයි තුෂ්ණිම්භූතව සිටින අතර, ඇය නිල් අඩ කබායක් පැළඳ සිටි හාවෙක් පසුපස පන්නා යද්දී හදිසියේ ම ලොකු හා වලකට වැටෙයි.ඇය අන්ඩර්ලන්ඩ් නම් ලෝකයකට ගෙන යන අතර එහිදී ඇයව වයිට් රැබිට්(White Rabbit),ඩෝමවුස්(Dormouse),ඩෝ ඩෝ(Dodo),ට්වීඩ්ලේඩම් සහ ට්වීඩ්ලිඩී(weedledum and Tweedledee) විසින් පිළිගනු ලබයි. ඔවුන් ඇය රතු රැජිනගේ(Red Queen's) ජැබොර්වකීව(Jabberwocky) ෆ්‍රබ්ජස් දිනයේදී මරා දමා ඉන්පසු සුදු රැජින බලයට පත් කරතැයි අනාවැකි පළ කර ඇති "නියම ඇලිස්"ද යන්න ගැන තර්ක කරති.ඉන්පසු මෙම කණ්ඩායම බැන්ඩර්ස්නැච් සහ නේව් ඔෆ් හාට්ස්ගේ(Knave of Hearts) නායකත්වයෙන් යුත් සෙල්ලම් කාඩ් සොල්දාදුවන් කණ්ඩායමක් විසින් අල්ලා ගනී.ඇලිස් ඉන් පැනගොස් කැලයට පනියි.

ඇලිස් අන්ඩර්ලන්ඩ් වෙත නැවත පැමිණ ඇති බව නෙව් රතු රැජිනට දන්වන්නේ ඇගේ ආධිපත්‍යයට තර්ජනයක් වී ඇති බව පෙන්වා දීමටය.එනිසා වහාම ඇලිස් සොයන ලෙස සොල්දාදුවන්ට අණ කරනු ලැබේ.මේ අතරේ දී එහා මෙහා ගමන් කරමින් සිටි ඇලිස්ට චෙෂයර් කැට්(Cheshire Cat) හමුවන අතර චෙෂයර් කැට් ඇයව මාච් හෙයා(March Hare) සහ හැටර්(the Hatter) වෙත කැඳවාගෙන යයි.සුදු රැජිනගේ මාළිගාවට යන අතර තුරේදී රතු රැජිනගේ පාලනයේ කුරිරු බව පෙන්වා දෙන හැටර්,ඇය පරණ ඇලිස් නොවන බව දන්වයි.හැටර් ඇලිස් වෙනුවට තමාව අල්ලා ගැනීමට ඉඩ හරිමින් ඇලිස්ව බේරයි.ඇලිස්ව බෙයාර්ඩ් ද බ්ලඩ් හවුන්ඩ්(Bloodhound) විසින් හොයාගෙන සුදු රැජිණ වෙත ගෙන යාමට තැත් කරයි.නමුත් ඇලිස්,හැටර්ට උදව් කිරීමට අවශ්‍ය බව දන්වන අතර ඒ අනුව ඔවුහු රතු රැජිනගේ මාළිගයට යති.

ඇලිස්ගේ නියම අනන්‍යතාවය නොදත් රතු රැජිණ ඇය අමුත්තෙක් ලෙස පිළිගනී.වෝපල් කඩුව(ජැබර්වෝකි මරා දමිය හැකි එකම ආයුධය )(Vorpal Sword)බැන්ඩර්ස්නැච්ගේ කුටිය තුළ කෝෂයක අගුලු ලා දමා ඇති බව ඇලිස් දැන ගනියි.නේව් ඇලිස්ව නපුරට කැමති කරවා ගන්න උත්සාහ කරත් ඇය එය ප්‍රතික්ෂේප කරයි.පසුව ඇය කඩුව ලබාගෙන බැන්ඩර්ස්නැච් සමඟ මිත්‍ර වෙයි.ඇය ළඟ කඩුව ඇති බව දැනගත් නේව් ඇයව අතඩංගුවට ගැනීමට සැරසෙයි.ඇලිස් බැන්ඩර්ස්නැච්ගේ පිටුපසින් පැනගොස් කඩුව සුදු රැජිණට ලබා දෙයි.චෙෂයර් කැට් හැටර් මරුමුවෙන් බේරා ගන්නා අතර හැටර් රතු රැජිණට එරෙහිව කැරැල්ලකට සැරසෙයි.කැරැල්ල ජුබ්ජුබ් පක්ෂියා(Jubjub bird) විසින් මැඩපවත්වයි.කැරැලිකරුවන් සුදු රැජිනගේ මාළිගාවට පසුබසින අතර දෙපාර්ශවය හමුදා සටනකට සූදානම් වෙයි.ඇලිස් සුදු රැජිණ දිනවීමට සහයෝගය දිය යුතුද යන්න ගැන අවිනිශ්චිතව සිටියදී,ඇබ්සෝලම් ද කැටපිලර්(Caterpillar ) හමුවෙයි.ඔහු එහිදී වසර දහතුනකට පෙර ඇලිස්ගේ පළමු අන්ඩර්ලන්ඩ් (වැරදීමකින් ඇය එවේලේ වොන්ඩර්ලන්ඩ් යනුවෙන් හැඳින්වූ)ගමන් ගැන මතක් කරදෙන අතර ජැබර්වෝකි සමඟ සටන් කිරීමට ඇයට ධෛර්‍යය ලබා දෙන බවට සහතික වෙයි.

ෆ්‍රැබ්ජස් දිනයේදී සුදු රැජිණ සහ රතු රැජිණ තම හමුදාවන් සමඟ චෙස් ලෑල්ලක් වැනි සටන් බිමක රැස්වී තමන් තෝරාගත් ජයග්‍රාහකයන්(ආයුධ සන්නද්ධ ඇලිස් සහ ජැබර්වොකි ) සටනට ඉදිරියට එවමින් අන්ඩර්ලන්ඩ් හි අනාගතය තීරණය කිරීමට සැරසෙති.තම මියගිය පියාගේ වදන් වලින් ධිර්යය ලත් ඇලිස් ජැබර්වොකී මරා දමයි.ඉන්පසු සුදු රැජිණ රතු රැජිණව රටින් පිටුවහල් කරන අතර නේව් ඈත පෙදෙසකට පලා යයි.ඇලිස්ට ජැබොර්වැකිගේ ලේ කුප්පියක් දෙන අතර ඇය එය ගෙදර රැගෙන යයි.ඇය අන්ඩර්ලන්ඩ් හි පදිංචි වියයුතු යැයි හැටර් යෝජනා කරන නමුත් ඇය නැවත පැමිණීමට පොරොන්දු වී ආපසු යයි.

ඇලිස් සිය නිවසට පැමිණ තම පවුල රැකබලා ගන්නා අතර තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වෙයි.සිදුවූ දෙය බෙහෙවින් අගය කරන ඇස්කොට් සාමිවරයා ඇය තම පුහුණුවන සේවිකාවක් ලෙස බඳවා ගන්නේ චීනය සමඟ සාගරික වෙළඳ කටයුතු ආරම්භ කිරීමේ අදහසිනි.ඇලිස් වෙළඳ නැවක යාමට සැරසෙයි.එවිට සමනළයෙක් වී සිටි ඇබ්සොලම් ඇගේ උරහිසේ වසයි.ඇලිස් ඔහු හඳුනා ගෙන ඔහු පියඹා යාමට පෙර ඔහුට සුභ පතයි.

නළු නිළියන් හා රඟපාන චරිත[සංස්කරණය]

චිත්‍රපටයේ විවිධාකාර චරිත ඇති අතර ඉන් බොහොමයක් ලුවී කැරොල්ගේ කෘතීන්හි චරිත ආශ්‍රිතව සකස් කොට ඇත.

  • මියා වසිකොව්ස්කා ඇලිස් කින්ස්ලි ලෙස. සිනමා ලේඛිකා ලින්ඩා වූල්වර්ටන් වික්ටෝරියානු යුගයේදී තරුණියන් හැසිරිය යුතු යැයි පිළිගත් ආකාරය පිළිබඳ පර්යේෂණ කර ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මෙම චරිතය නිර්මාණය කළාය.වසිකොව්ස්කා කැරොල්ගේ පොත් කුඩා කාලයේ කියවා ඇති අතර මෙම චරිතය සඳහා සූදානම් වීමට එම පොත් නැවත වරක් කියවා ඇත.එමෙන්ම ඇය ජාන් ස්වයන්ක්මේජර්ගේ ඇලිස් නරඹා ඇත.ඇය කීවේ, "අප කුඩා කාලයේදී අපේ අම්මා එය දමනව.එය අපට බාධාවක්, හරිහැටි තේරුනෙත් නෑ.නමුත් එය චමත්කාරජනක නිසා අපට අහක බලාගෙන ඉන්න පුළුවන් උනේ නෑ.එනිසා ඇලිස් ගැන මට ඇත්තේ එවැනි හොල්මන් හැඟීමක්".සමාජ අපේක්ෂාවන්ට මුහුණ දීමේදී පීඩනයට ලක් වුවත් ඇලිස් තද හිතක් ඇති තමන්ට අවශ්‍ය මඟ තෝරගන්නා අන්දමේ වීරවරියකි.ඉන්ඩිපෙන්ඩන්ට් හි ලේඛිකා හොගාර්ඩ් මෙම චරිතය මුරණ්ඩු,නිර්භීත(සහ ) ගැහැණු ළමුන් වගේ නැති, ලෙස විස්තර කරමින් ඇලිස් ගැහැණු ළමයිනට ආදර්ෂයක් ලෙස අගයනු ලැබුවාය.මේරි එලා චැලන් දුටුවේ ඇලිස් සය අවුරුදු ළමයෙක් ලෙසටය.
  • ජොනී ඩෙප් හැටර් ලෙස.වොසිකොව්ස්කා පැවසුවේ මෙම චරිත දෙකටම එකිනෙකාට වෙන්වූ ලෝකයන්හි දී පිටස්තර හා හුදෙකලා බවක් දැනෙන බවත් ඔවුන් අතර විශේෂ බැඳීමක් හා මිත්‍රත්වයක් පවතින බවත්ය. බර්ටන් පෙන්වා දුන්නේ ඩෙප් එම චරිතයට පිස්සු බවක් වෙනුවට හොඳ පදනමක් ලබා දුන් බවය. බර්ටන් තව දුරටත් කියා සිටියේ"බොහෝ දෙනෙකුගේ අදහස අනුව එය එකම විදියක චරිතයක්.නමුත් ඩෙප්ගේ අරමුණ වුනේ චරිතයේ විස්මිතභාවයට මානුෂික පැත්තකුත් පෙන්නුම් කිරීමයි".රන්වන් කෙස් ඇතිවුණේ හිස් වැසුම් සාදන්නන් ලොම් රෙදි සැකසීමට රසදිය යෙදීමේදී රසදිය විෂ වීම නිසාය.ඩෙප් විශ්වාස කරන්නේ චරිතයට විෂ දමා ඇති බවයි.ඒවා ඔහුගේ කෙස් වලින්,අත් වල නිය වලින්,හා ඇස් වලින් එළියට එයි.ඩෙප් සහ බර්ට්න් කියා සිටියේ හැටර් තම හැඟීම් පිළිබිඹු වනසේ චිත්‍රපටය පුරාවටම ඔහුගේ ඇඳුම්,සම,කොණ්ඩය,පෞරුෂත්වය හා කටහඬ වෙනස් කරගන්නා බවයි.ඩෙප් සමඟ වූ සම්මුඛ සාකඡාවේදී ඔහු කියා සිටියේ,ඔහුගේ උද්වේගයන් බොහෝ දුරට මතුපිටින් හැඟවෙන නිසා චරිතය මූඩ් රින්ග් එකකට(මෙම මුදුවේ පැහැය පැළඳ සිටින්නාගේ ශරීර උෂ්ණත්වයට අනුව වෙනස් වේ.එමනිසා පැළඳ සිටින්නාගේ චිත්තවේගයන්හි ස්වභාවය මෙම මුදුවෙන් හඟවනු ලැබේ.) සමාන බවයි.චරිතයේ නිර්මාණකරු වන ලුවිස් කැරොල්ගේ කටහඬට බොහෝ සෙයින් සමාන,චපල පෞරුෂයක් මතුකර දක්වන මෘදු කටහඬක් හා දුෂ්ට හා ඉතා දරුණු පෞරුෂයක් මතුකර දක්වන ස්කොට්ලන්තයේ ග්ලාස්වේගියන් උච්චාරණයක් සමඟින් විවිධ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ අත්‍යන්ත සීමාවන් ඇසුරින් හැටර් නිර්මාණය වී ඇත.චිත්‍රපටයේ අවසානයට ආසන්නයේ "Futterwacken" නර්තනයේදී මායාකාරී නර්තන ශිල්පියෙකු වන ඩේවිඩ් එල්ස්වෙයාර් බර්නල් පිටුපස හැරුනු ඩෙප් සමඟ නර්තනයේ යෙදිණි.[5]
ගොනුව:Queen of hearts 2010.jpg
Helena Bonham Carter as the Red Queen. Carter's head was digitally increased to three times its original size in the film.
  • හෙලේනා බොන්හැම් කාටර් ඉරේස්බෙත් ඔෆ් ක්‍රයිම්ස් ලෙස,රතු රැජිණගේ හා හාරත රැජිණගේ එකාබද්ධ කිරීමක් වන රතු රැජිණ.ඇගේ පළවැනි නම irascible වචනයේ පෙරළියකි(ඇය ලෙහෙසියෙන් හිත රිදෙන,ඉක්මනින් තරහ යන කෙනෙක් බැවින්).බොන්හැම් කාටර්ගේ හිස ඩිජිටල් තාක්ෂණයෙන් මුල් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල කොට තිරයේ පෙන්වා ඇත.මෙම චරිතය සත්වයන්ට කැමති නැති අතර ඔවුන් සේවකයන් හා ලී භාණ්ඩ ලෙස යොදා ගනියි.මෙම නිළිය අතදරුවෙක් වන තම බාල දියණිය එනම් නෙල්ගේ ආභාසය ලබමින් පැවසුවේ"රතු රැජිණ අතදරුවෙක් වැනිය.ඊට හේතුව ඇයට ලොකු හිසක් තිබීම හා ඇය ප්‍රජා පීඩකයෙක් වීමයි. කරුණාව නොදක්වයි".අතදරුවනට කිසිදු සත්වයෙකු කෙරෙහි කරුණවක් නොමැත.තවද නෙල් "කරුණාකර" හෝ "ස්තුතියි" නොපවසා අප ලවා තම වැඩ කටයුතු කර ගනියි.
  • ඈන් හැතවේ කිරි ගරුඬ වැනි පැහැය ඇති සුදු රැජිණ ලෙස.ඇය ඩිජිටල් තාක්ෂණයෙන් වෙනස් කිරීමට අවශ්‍ය නොවූ එක් චරිතයකි.හැතවේ ඇගේ චරිතය හැඳින්වූයේ පිහියක් දරා සිටින හැපී බනී කාන්දමක ලියූ ශීර්ෂ පාඨයක් යොදා ගනිමිනි,අලංකාර එහෙත් මනෝමය.එකිනෙක කැපී යයි.හැතවේට අනුව "ඇය රතු රැජිණගේ ජාන සම්භවයෙන්ම පැමිණ ඇත.ඇය අඳුරු පැත්ත වැඩියෙන් ප්‍රිය කරයි.නමුත් ඇය එහි අන්තයට යාමට බිය බැවින් සෑම දෙයක්ම සරල හා සතුටු බවක් ආරූඬ කරයි.නමුත් ඇය එහි ජීවත් වන්නේ බියෙන් නිසා ඇයට තමන්ව පාලනය කරගත නොහැක".හැතවේ විස්තර කරන ආකාරයට ඇය සුදු රැජිණ "punk-rock vegan pacifist"කෙනෙක් හැටියට හදුන්වා දී ඇත්තේ බ්ලොන්ඩි,ග්‍රේටාගාබෝ ගෙන් හා ඩෑන් ෆ්ලේවින්ගේ චිත්‍ර වලින් ලත් ආභාසය නිසාය.බර්ටන් පවසා ඇත්තේ සුදු රැජිණගේ ස්වරූපයට නිජෙලා ලෝසන්ගේ බලපෑම ලැබී ඇති බවයි.
  • ක්‍රිස්පින් ග්ලොවර් නේව් ඔෆ් හාට්ස් ලෙස.මෙම චරිතය මාන්නක්කාර හා උපායශීලී වන අතර රතු රැජිනගේ සියලු විධාන පිළිපදින අතරම විස්මය ඇති කරන ඇයගේ සිතෙහි වෙනස්වීම් සන්සුන් කළහැකි එකම පුද්ගලයා වේ.ග්ලොවර් පැවසුවේ,රතු රැජින මිනිසුන් කරන දෑ වලට තරහින් ප්‍රතිචාර දක්වන නිසා නේව් ඉතා උපායශීලී වියයුතු බවයි.ස්ටේන්ගේ ශරීරය ග්ලොවර්ගේ හිසේ සජීවී චලන හැරුණු කොට මුළුමනින්ම පරිගණකයෙන් සකස් කළ චිත්‍රයක් විය.
  • මැට් ලූකස් ට්වීඩ්ලිඩී සහ ට්වීඩ්ලේඩම් යන දෙදෙනාම නිරූපණය කළේය.බර්ටන්, සජීවීකරණයේත් ලූකස්ගේත් සුසංයෝගය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ "එය ඔහුගේ චරිතයන්ට ලැබිය යුතු කැළඹුණු ස්වභාවය ලබාදෙන අරුම පුදුම සුසංයෝගයක්" බවයි.

ශබ්ද[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

ටිම් බර්ටන් ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් හා ඔහුගේ Frankenweenie හි නැවත සකස් කිරීම යන චිත්‍රපට දෙක ඩිස්නි ඩිජිටල් 3D නාමය යටතේ අධ්‍යක්ෂණය කිරීමට අත්සන් කළේය.ගැහැණු ළමයෙකු එක් අද්භූත චරිතයකින් වෙනකකට යන සිද්ධීන් පෙළගැස්ම සහිත මුල් පොතට චිත්තවේගයන්හි සම්බන්ධතාවයක් නොදැනුණු හෙයින් ඔහු කතාව වැඩිදියුණු කළේය.

ඔහු විස්තර කරන ලද්දේ "ඇලිස්ගේ සම්භාව්‍ය ස්වභාවය රැක ගන්නා අතරම නැවුම් බවක් ලබාදෙන සිත් ඇදගන්නා චිත්‍රපටයක් බවට පත් කිරීමට උත්සාහ කිරීම අරමුණයි".පෙර තොරතුරු දැන්වීම් වලදී බර්ටන් පැවසුවේ"එක් අද්භූත චරිතයකින් තවකෙකට නිතර ගමන් කරන ගැහැණු ළමයෙකු එහි සිටියා.මට කිසිම විටෙක නියමාකාරයේ චිත්තවේගී සබඳතාවයක් දැනුණේ නැහැ".නව චිත්‍රපටය සමඟ ඔහුගේ අරමුණ වූයේ කතාවට චිත්තවේග පදනම් වූ රාමුවක් සැපයීම සහ ඇලිස්,සිද්ධීන් පෙළගැස්මක් වෙනුවට කතාන්දරයක් ලෙස දැනෙන පරිදි සෑදීමට උත්සාහ කිරීමත්ය.ඔහුගේ සංස්කරණය පවතින ඇලිස් චිත්‍රපටයක අනුගාමී කෘතියක් හෝ එවන්නක් නැවත සිතෙහි මැවීමක් නොවන බවත් බර්ටන් සඳහන් කළේය.

මෙම චිත්‍රපටය මුලින්ම 2009 දී තිරගත කිරීමට තීරණය කොට තිබුණද එය 2010 මාර්තු 5 වන දිනට කල් දමනු ලැබිණි.රූගත කිරීම් 2008 මැයි මසට යෙදී තිබුණද,එය සැප්තැම්බර් මාසය තෙක් නොඇරඹුණු අතර මාස තුනකින් අවසන් විය.වික්ටෝරියානු යුගයට අයත් දර්ශන ටර්පොයින්ට්හි හා ප්ලයිමත් හි සැප්තැම්බර් 1 සිට ඔක්තෝම්බර් 14 දක්වා රූගත කෙරිණි.අගෝස්තු මස මුලදී ප්‍රාදේශීය පසුබිම් රංගන ශිල්පීන් දෙසිය පනහක් පමණ තෝරා ගන්නා ලදි.ටර්පොයින්ට් හි ඇන්ටනි නිවස,කෝන්වෝල්හි චාල්ස් ටවුන් ග්‍රාමය සහ බාර්බිකන්(ප්ලයිමත්හි පැරණි වරාය ප්‍රදේශයේ උතුරු හා බටහිර ප්‍රදේශ )යන ස්ථාන දර්ශන තල සඳහා යො දා ගැනිණි.කෙසේවුවත් බාර්බිකන් වල කෙරුණු පටිගත කෙරීම් යොදා නොගැනිණි.කැලිෆෝනියාහි කල්වර් නගරයේ සෝනි පික්චර්ස් ස්ටුඩියෝහිදී ඔල්තෝම්බර් මස මුලදී ඩිජිටල් චරිත ආකෘති නිර්මාණය ඇරඹිණි(සංස්කරණය නොකළ එම මූලික නිර්මාණයන් බැහැර කරනු ලැබූවත්).චිත්‍රපට පටිගත කිරීම්ද කල්වර් ස්ටුඩියෝහිදී සිදුවිය.ඔහු රංගනයේ හා සජීවීකරණයේ සුසංයෝගයක් යොදාගත් බව බර්ටන් පැවසුවේය.මෙය ඔහු ග්‍රීන් ස්ක්‍රීන් එකක චිත්‍රපටයක් රූගත කළ පළමු අවස්ථාව බවද ඔහු සටහන් කළේය.චිත්‍රපටයේ 90% පමණම අඩංගු වන ග්‍රීන් ස්ක්‍රීන් රූගත කෙරීම් දින 40කට පසු අවසන් විය.පැය ගණනාවක් කොළ පැහැයෙන් පසුබිම පැවතීම හේතුවෙන් එය බොහෝ රංගන ශිල්පීන්ට හා කාර්‍ය මණ්ඩලයට බර්ටන් නොරුස්සන සුළු විය.රතු රැජිනගේ හිසෙහි ප්‍රමාණය හෝ ඇලිස්ගේ උස ආදී ලෙස රංගන ශිල්පීන්ගේ ශාරීරික පෙනුම විකෘති කර දැක්වීමට ඩිජිටල් ප්‍රයෝග අවශ්‍ය වූ නිසා දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂක කෙන් රල්ස්ටන් "මම මෙතෙක් කර ඇති විශාලතම චිත්‍රපටය හා මෙතෙක් වඩාත්ම නිර්මාණාත්මක ලෙස දායක වූ චිත්‍රපටය"ලෙස පැවසුවේය.

සෝනි පික්චර්ස් ඉමේජ් වර්ක්ස් දෘෂ්‍ය ප්‍රයෝග සැලසුම් කළේය.කතාවේ පරිසරයට ත්‍රිමානීය ස්වභාවය සුදුසු බව බර්ටන්ට හැඟිණි.බර්ටන් සහ Zanuck සම්ප්‍රදායික කැමරා යොදාගෙන පටිගත කිරීමට හා පසු-නිශ්පාදනයේදී එය ත්‍රිමානීය කිරීමට තෝරා ගත්තෝය.ත්‍රිමානීය කැමරා මිල අධික හා භාවිතයට අපහසු බවත්,ත්‍රිමානීය ස්වභාවයට පරිවර්තනය කළ දර්ශන ඛණ්ඩයන්ගේ හා ඒවායෙහි වෙනසක් නොමැති බවත් Zanuck පැහැදිලි කළේය.2009 දෙසැම්බර් මස ඇවටර් ත්‍රිමානීය චිත්‍රපටය ඉදිරිපත් කළ ජේම්ස් කැමරන් "ද්විමාන ලෙස පටිගත කර ත්‍රිමානීය දර්ශන බවට පරිවර්තනය කිසිම තේරුමක් නැහැ"ලෙස ප්‍රකාශ කරමින් විවේඡනය කළේය.

සංගීතය[සංස්කරණය]

ශබ්ද පථ[සංස්කරණය]

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්: An Original Walt Disney Records Soundtrack
ශබ්ද පථ , විසිනි
මුදාහැරුණේමාර්තු 2, 2010
ගණයOrchestral
දිග50:59
ලේබලයවෝල්ට් ඩිස්නි

බර්ටන්ගේ දිගු කාලීන සහායකයෙකු වන ඩැනී එල්ෆ්මාන්ගේ ස්ථානය 2010 මාර්තු 2 වන දින නිදහස් කෙරිණි.[6] එය බිල්බෝඩ් හොඳම ඇල්බම් 200 හි 89 වන ස්ථානයට පත්විය.[7]

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ්: වෝල්ට් ඩිස්නි ශබ්ද පථ මුල් පිටපත් වාර්තා
අංකය. ගීතය කාලය
1. "ඇලිස් හි තේමාව"   5:07
2. "කුඩා ඇලිස්"   1:34
3. "විවාහ යෝජනාව/වල තුළට වැටීම"   2:58
4. "දොරටු"   1:51
5. "මාව පානය කරන්න"   2:48
6. "ගෙවත්ත තුළට"   0:50
7. "ඇලිස් නැවත වාදනය #1"   0:26
8. "බැන්ඩර්ස්නැච්"   2:42
9. "ඇබ්සෝලම් සොයා ගැනීම"   2:41
10. "ඇලිස් නැවත වාදනය #2"   0:38
11. "චෙෂයර් කැට්"   2:07
12. "ඇලිස් හා බෙයාර්ඩ්ගේ චාරිකාව"   4:04
13. "ඇලිස් නැවත වාදනය #3"   0:24
14. "ඇලිස්ගේ පලායාම"   1:07
15. "සුදු රැජිණ"   0:36
16. "සිහිනයක් පමණයි"   1:25
17. "The Dungeon"   2:18
18. "ඇලිස් තීරණය කරයි"   3:14
19. "ඇලිස් නැවත වාදනය #4"   1:01
20. "සටනට යාම"   2:41
21. "අවසාන ඝට්ටනය"   1:41
22. "ජැබොර්වකීගේ රුධිරය"   2:37
23. "ඇලිස් ආපසු පැමිණෙයි"   3:14
24. "ඇලිස් ආපසු පැමිණෙයි"   2:56

ඕල් මෝස්ට් ඇලිස්[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : ඕල් මෝස්ට් ඇලිස්

ඕල්මෝස්ට් ඇලිස් යනු චිත්‍රපටය මඟින් උනන්දුවට පත්වූ විවිධ කලාකරුවන්ගේ සංගීත එකතුවකි.2010 ජනවාරි 27 වන දින රයන් සීක්‍රෙස්ට්ගේ ගුවන්විදුලි වැඩසටහනේදී ඇව්‍රිල් ලැවින්ගේ ඇලිස් ගීතය ප්‍රථම වරට විකාශය විය.2010 මාර්තු 2 වන දින ඇල්බමය නිකුත් කෙරිණි.

නිකුත් කිරීම[සංස්කරණය]

සිනමා ශාලාවල තිරගත කිරීමත් DVD නිකුත් කිරීමත් අතර සාමාන්‍ය කාලය වන සති 17ක කාලයෙන්,සති 12ක කාලයට අඩු වූ නිසා 2010 වර්ෂයේ පෙබරවාරි 12 වන දින,බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ සිනමා සමාගම් වන ඕඬියන්,විව් සහ සිනෙ වර්ල්ඩ් මෙම චිත්‍රපටය වර්ජනය කිරීමට සැලසුම් කර තිබුණි.එම නිවේදනයෙන් සතියකට පසු,බ්‍රිතාන්‍ය බොක්ස් ඔෆිස් හි 24%ක කොටසක් හිමි සිනෙ වර්ල්ඩ්,චිත්‍රපටය සිනමා ශාලා 150කටත් අධික ප්‍රමාණයක තිරගත කිරීමට තෝරාගත්තේය.සිනෙ වර්ල්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් විඅනර් පැවසුවේ " 3D හි ප්‍රමුඛයන් ලෙස අපට අවශ්‍ය වුණේ නැහැ,ජනතාවට එවැනි අපූර්ව දර්ශනයක් මඟහරවන්න.ඇවටර් හි සාර්ථකත්වය පෙන්වා දෙන ආකාරයට,වර්තමානයේ 3D අත්දැකීමට විශාල කැමැත්තක් තිබෙනවා".කෙටි කලකට පසු විව් සිනමා සමාගමද ඩිස්නි සමඟ එකඟතාවයකට පැමිණියේය.නමුත් ඔඬියන් තව දුරටත් බ්‍රිතාන්‍යයේ,අයර්ලන්තයේ හා ඉතාලියේ චිත්‍රපටය තිරගත කිරීම වර්ජනය කළේය.2010 පෙබරවාරි 25 වන දින ඕඬියන් සම්මුතියකට එළඹ 2010 මාර්තු 5 වන දින චිත්‍රපටය තිරගත කිරීමට තීරණය කළේය.කුඩා ළමුන් හා කලාව සඳහා වූ රාජකීය අරමුදල තර කිරීම සඳහා,වේල්ස් හි කුමාරයා(චාල්ස්) සහ කෝන්වෝල්හි ආදිපාදිවරිය(කැමිලා) සහභාගී වූ මංගල දර්ශනය 2010 පෙබරවාරි 25 වන දින ඕඬියන් ලෙස්ටර් චතුරස්‍රයේ පවත්වන ලදි.චිත්‍රපටය ස්පාඤ්ඤය,ජර්මනිය,පෘතුගාලය,ඔස්ට්‍රියාව යන රටවල තිරගත කිරීම සඳහා වූ සැලසුම් වලට මෙය බල නොපෑවේය.චිත්‍රපටය එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඩිස්නි ඩිජිටල් 3D,IMAX 3D මෙන්ම සම්ප්‍රදායික සිනමා ශාලාවලද 2010 මාර්තු 5 වන දින තිරගත කෙරිණි.

අලෙවිකරණය[සංස්කරණය]

ඩෙප් උමතු හැටර් ලෙසත්, හැතවේ සුදු රැජින ලෙසත්,බොන්හැම් කාටර් රතු රැජින ලෙසත් සහ ලූකස් ට්වීඩ්ලිඩී සහ ට්වීඩ්ලේඩම් ලෙසත් දැක්වෙන චිත්‍රපටයේ පළමු ඡයාරූප 2009 ජුලි 22 වන දින නිකුත් කෙරිණි.ජුලි මාසයේදී සුදු හාවෙකු අතින් ගත් ඇලිස්,හාවෙකු සමඟ සිටින උමතු හැටර්,ඌරෙකු අතැති රතු රැජින සහ මීයෙකු සමඟ සිටින සුදු රැජින දැක්වෙන අලුත් ඡයාරූප නිකුත් විය.

2009 ජුලි 22 වන දින,උමතු හැටර්ගේ දෘෂ්ටි කෝණයට අනුව වූ ටීසර් ට්‍රේලරයක් IGN වෙබ් පිටුවේ ඉදිරිපත් කරන ලදි.නමුත් ඩිස්නි විසින් ට්‍රේලරය තවමත් නිකුත් නොකළ යුතු යැයි ප්‍රකාශ කළ නිසා එය ටික කලකින් ඉවත් කෙරිණි.රොබර්ට් සිමෙකිස්ගේ,"ද ක්‍රිස්මස් කැරොල්"හි සිනමා අනුවර්තනය වූ G-Force හි ට්‍රේලරයක් සමඟම ටීසරය ප්‍රථම වරට 2009 ජුලි 24 වන දින නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි.පසු දින ටීසර් ට්‍රේලරය කොමික්-කොන් හිදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.නමුත් ප්‍රදර්ශනය කෙරුනු ට්‍රේලරය පෙර නිකුත් වූ ට්‍රේලරයට වඩා වෙනස් විය.කොමික්-කොන් හි අනුවාදයෙහි උමතු හැටර්ගේ දෙබස අඩංගු නොවීය.ඒ වෙනුවට MGMT හි "ටඉම් ටු ප්‍රිටෙන්ඩ්"()එහි ඇතුලත් විය.ඉදිරිපත් කළ දර්ශනයන් හි අනුපිළිවෙල පෙර නිකුත් වූ අනුවාදයට වඩා වෙනස් විය.පෙර නිදහස් වූ අනුවාදය,චිත්‍රපටය පෙර නිදහස් වූ අනුවාදය,චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත් ෆේස්බුක් කණ්ඩායම් 3 න් එක් කණ්ඩායමකට පෙන්වීමට විය.

ගෞරව සම්මාන[සංස්කරණය]

සම්මානය ප්‍රභේදය ප්‍රදානලාභියා ප්‍රතිඵලය
83 වැනි ශාස්ත්‍රීය සම්මාන උළෙල[8] හොඳම කලා අධ්‍යක්ෂණය රොබර්ට් ස්ට්‍රොම්බර්ග්
කරන් ඔහාරා
දිනාගති
හොඳම දෘෂ්‍ය සංකලනය කෙන් රල්ස්ටන්
ඩේවිඩ් ස්චෞබ්
කැරී විල්ලෙගස්
සේන් ෆිලිප්ස්
නිර්දේශිත
හොඳම අඳුම් නිර්මාණය කොල්ලීන් ඇට්වුඩ් දිනාගති
64 වැනි බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය චිත්‍රපට සම්මාන උළෙල[9] හොඳම අඳුම් නිර්මාණය දිනාගති
හොඳම චිත්‍රපට සංගීතය ඩැනී එල්ෆ්මන් නිර්දේශිත
හොඳම නිෂ්පාදන සැලසුම රොබර්ට් ස්ට්‍රොම්බර්ග්
කරන් ඔහාරා
නිර්දේශිත
හොඳම දෘෂ්‍ය සංකලනය නිර්දේශිත
හොඳම වේෂ නිරූපණය දිනාගති
68 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල[10] හොඳම චලන චිත්‍ර – සංගීතමය හෝ හාස්‍යජනක නිර්දේශිත
හොඳම රංගන ශිල්පියා – චලන චිත්‍ර සංගීතමය හෝ හාස්‍යජනක ජොනී ඩෙප් නිර්දේශිත
Best Original Score ඩැනී එල්ෆ්මන් නිර්දේශිත
2011 ග්‍රැමී සම්මාන උළෙල Best Score Soundtrack Album For Motion Picture, Television Or Other Visual Media නිර්දේශිත
2011 ළමා අභිමත සම්මාන උළෙල[11] ජනප්‍රියතම චිත්‍රපටය නිර්දේශිත
ජනප්‍රියතම චිත්‍රපට රංගන ශිල්පියා ජොනී ඩෙප් දිනාගති
MTV චිත්‍රපට සම්මාන උළෙල විශ්වීය සුපිරි තරුව නිර්දේශිත
හොඳම චිත්‍රපටය නිර්දේශිත
හොඳම දුෂ්ටයා හෙලේනා බොන්හැම් කාටර් නිර්දේශිත
ජාතික චිත්‍රපට සම්මාන උළෙල විශිෂ්ඨතම රංගනය නිර්දේශිත
ජොනී ඩෙප් නිර්දේශිත
හොඳම මනඃකල්පිතය නිර්දේශිත
මහජන අභිමත සම්මාන උළෙල[12] ජනප්‍රියතම චිත්‍රපටය නිර්දේශිත
ජනප්‍රියතම දෘශ්‍ය කාව්‍ය චිත්‍රපටය නිර්දේශිත
නව යොවුන් අභිමත සම්මාන උළෙල හොඳම මනඃකල්පිත චිත්‍රපටය නිර්දේශිත
හොඳම විචිත්‍රවත් රංගන ශිල්පියා ජොනී ඩෙප් නිර්දේශිත
Scene Stealer - Female ඈන් හැතවේ නිර්දේශිත
හොඳම විචිත්‍රවත් රංගන ශිල්පිනිය මියා වසිකොව්ස්කා නිර්දේශිත
අති සාර්ථක රංගන ශිල්පිනිය නිර්දේශිත
හොඳම සටන මියා වසිකොව්ස්කාට එදිරිව ජැබොර්වකී දිනාගති
37 වැනි සැටර්න් සම්මාන උළෙල හොඳම මනඃකල්පිත චිත්‍රපටය දිනාගති
හොඳම අඳුම් නිර්මාණය දිනාගති
හොඳම වේෂ නිරූපණය නිර්දේශිත
හොඳම නිෂ්පාදන සැලසුම නිර්දේශිත
හොඳම ශ්‍රව්‍ය දෘෂ්‍ය සංකලනය නිර්දේශිත
2010 ස්ක්‍රීම් සම්මාන උළෙල Ultimate Scream නිර්දේශිත
හොඳම මනඃකල්පිත චිත්‍රපටය නිර්දේශිත
හොඳම අධ්‍යක්ෂණය ටිම් බර්ටන් නිර්දේශිත
හොඳම විචිත්‍රවත් රංගන ශිල්පිනිය මියා වසිකොව්ස්කා නිර්දේශිත
අති සාර්ථක රංගනය - කාන්තා නිර්දේශිත
හොඳම විචිත්‍රවත් රංගන ශිල්පියා ජොනී ඩෙප් නිර්දේශිත
හොඳම සහය රංගන ශිල්පිනිය ඈන් හැතවේ දිනාගති
3-D විශිෂ්ටතම ස්ථාන 3 නිර්දේශිත

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Verrier, Richard; Fritz, Ben; Eller, Claudia (February 17, 2010). "Trouble at the tea party: Alice in Wonderland faces theater owner revolt in U.K." Los Angeles Times. 2010-05-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 19, 2010. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. Grover, Ronald (March 5, 2010). "Joe Roth, Back in Wonderland". Bloomberg Businessweek. July 30, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 4, 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. Fritz, Ben (March 7, 2010). "First look: 'Alice in Wonderland' opens to record-setting $210 million". Los Angeles Times. Tribune Company. June 9, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 3, 2010. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Alice in Wonderland (2010) – Box Office Mojo". Box Office Mojo. IMDb. November 15, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 8, 2010. {{cite web}}: Check date values in: |accessdate= and |archivedate= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. Hoffmann, Sharon (June 1, 2010). "Johnny Depp's body double and other 'Alice in Wonderland' secrets". The Kansas City Star. p. D3.
  6. "Buena Vista Records Presents Almost Alice Featuring Other Voices from Wonderland". EarthTimes. January 12, 2010. July 1, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 15, 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. Grein, Paul (March 10, 2010). "Week Ending March 7, 2010: Cruz Controls Hot 100". Yahoo! Music. Yahoo!. සම්ප්‍රවේශය November 14, 2010.
  8. Labrecque, Jeff (January 25, 2011). "Oscar nominations are in ... The King's Speech rules with 12 nods". Entertainment Weekly. සම්ප්‍රවේශය January 28, 2011. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help); Italic or bold markup not allowed in: |work= (help)
  9. "2011 Film Awards Nominees". January 6, 2011. 2011-01-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 28, 2011. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help)
  10. "Golden Globes: The King's Speech, The Social Network and The Fighter reign supreme; Johnny Depp earns two nominations". Entertainment Weekly. December 14, 2010. සම්ප්‍රවේශය January 28, 2011. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help); Italic or bold markup not allowed in: |work= (help)
  11. Kids' Choice Awards 2011 Nominees: Miley Cyrus, Justin Bieber and Selena Gomez lead
  12. "2011 People's Choice Awards Nominations". peopleschoice.com. සම්ප්‍රවේශය January 28, 2011. {{cite web}}: Check date values in: |accessdate= (help)