ඇටි කෙහෙල්

විකිපීඩියා වෙතින්

දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. ගම්බද ප්‍රදේශවල දක්නට ඇත. ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ ක‌‌ඳේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත. ව්‍යාජ කඳ මීටර් 3-3.2 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. ‌ කෙසෙල් ‌ගෙඩියේ බීජ ඇත. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. මෙම කෙසෙල් ප්‍රභේදයේ ඉහළ ඖෂධීය වටිනාකමක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇටි_කෙහෙල්&oldid=492631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි