Jump to content

ඇටඹ

විකිපීඩියා වෙතින්
ඇටඹ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Sapindales
කුලය: Anacardiaceae
ගණය: 'Mangifera'
විශේෂය: ''M. zeylanica''
ද්වීපද නාමය
Mangifera zeylanica
(Blume) Hook.f.

Mangifera zeylanica හෝ "ශ්‍රී ලංකා වල් අඹ" යනු ශ්‍රී ලංකාවට ආවේණික වන අඹ ගසකි. මෙම අතිවිශිෂ්ට ගස Mangifera අඹ ගණයේ උසම සාමාජිකයා වන අතර, Anacardiaceae පවුලේ උසම ගස් දෙකෙන් එකකි. අඹ පලතුරු ආහාරයට ගත හැකි අතර විශිෂ්ට රසයක් ඇත. එය සිංහල භාෂාවෙන් "ඇටඹ" හෝ "වල් අඹ" සහ දෙමළ භාෂාවෙන් "කද්දූ-මා" ලෙස හැඳින්වේ. සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු වූ ජෝසප් ඩෝල්ටන් හූකර් 1876 දී ගස ගැන මුලින්ම විස්තර කළේය.

උඩවත්තකැලේ වනාන්තරයේ විශාල ගසක්

සාමාන්‍ය අඹ ගෙඩියට වඩා ප්‍රමාණයෙන් කුඩා ඇටඹ ගෙඩිය හොඳින් ඉදුනු විට රතු මිශ්‍ර කොළ පැහැයෙන් දිස් වන අතර සෙ.මී. 3-5 පමණ දිග ගෙඩියේ ඉහළ කොටස තද රතු පාටින් දිස් වේ. ඇටඹ ගෙඩියේ ඇටය තරමක් විශාලය. මී පැණි තරමටම පැණි රසකින් මෙන්ම ඇඹුල් රසකින්ද යුක්ත ඇටඹ හමුවේ. රසයේ ඇති වෙනස්කම් මත විවිධාකාරයෙන් මේවා නම් කිරීමට ගැමියෝ පෙළඹෙති.

මීටර් 30ක් පමණ උසට සෘජුවම වැවෙන කඳක් සහිත ඇටඹ ගස ප්‍රමාණයෙන් ඉතා විශාලය. අඳුරු කොළ පැහැයක් ගන්නා දිළිසෙන ඇටඹ පත්‍ර ආසන්න වශයෙන් සෙ.මී. 7-13ක් පමණ දිගැතිය. කෙසේ වෙතත්, කුඩා පැළ වශයෙන් පවතින විට මෙම පත්‍රද සාමාන්‍යයෙන් අප වගා කරන අඹ පත්‍ර වලටම සමානය. ආවේණික ශාකයක් වන ඇටඹ තෙත් කලාපයේ මෙන්ම මුහුදු මට්ටමේ සිට අඩු උසක පිහිටි වියළි කලාපීය වනාන්තරවලද වැවේ. වියළි කලාපයේදී ජල පහරවල් ආසන්නයේසහ හුදකලා කඳු වැටි පිහිටි මිටියාවත් වල හොඳින් වැවේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඇටඹ&oldid=715389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි