Jump to content

ආහාර මගින් වැලඳෙන රෝග

විකිපීඩියා වෙතින්
ආහාර ස‍්වස්ථතාව
යෙදුම්
ආහාර මගින් වැලඳෙන රෝග
Hazard analysis and critical control points (HACCP)  • Hazard analysis and risk-based preventive controls (HARPC)
Critical control point
තීරණාත්මක සාධක
FAT TOM
pH
Water activity (aw)
බැක්ටීරියා රෝගකාරක
ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම්
Escherichia coli
Listeria
සැල්මොනෙල්ලා
විබ්‍රියෝ කොළරේ
වෛරස් රෝගකාරක
Enterovirus
හෙපටයිටිස් ඒ
Norovirus
Rotavirus
පරපෝෂී රෝගකාරක
Cryptosporidium
එන්ටැමීබා හිස්ටොලිටිකා
Giardia
Trichinella

ආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනු‍යේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළින් විනා ස්වාභාවිකව පවතින විෂකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ.

නූතන ලෝකයේ බලපෑම

[සංස්කරණය]

නූතන අවධිවල සිදු වූ ආහාර නිෂ්පාදනයේ හා කාර්මීකරණයේ ශීඝ්‍ර ගෝලීයකරණය නිසා ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීමේ සම්භාවිතාව ඉහළ ‍ගොස් තිබේ. ආහාර විෂ වීම නිසා ඇතිවන වසංගත රෝග තත්ත්වයන් මීට පෙර කුඩා ජන කොට්ඨාශයක් අතර දක්නට ලැබුණ ද මේ වන විට එය ‍ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇත. ආහාර ආරක්ෂණ අධිකාරිය මගින් ලොව පුරා දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව ආහාර ද්‍රව්‍යවල ආරක්ෂාව පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීම සදහා උපකාරී වන අතර හදිසි අවස්ථාවන්හි දී ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමට හැකි වී ඇත.

ලොව පුරා ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ ප්‍රවනතාව ගණනය කිරීම අපහසු වුව ද වසර 2000 දී මෙමගින් ඇතිවන පාචන රෝගී තත්ත්වයන් නිසා මිලියන 2.1 ක් පමණ වු පිරිසක් මරුමුවට පත්ව තිබේ. මෙයින් බහුතරයක් සිදුවී ඇත්තේ අපවිත්‍ර වූ ආහාර හා පානීය ජලය මගිනි. මීට අමතරව පාචනය යනු ළදරුවන් සහ කුඩා ළමුන්ට මන්ද පෝෂණය ඇති කරවන ප්‍රධාන සාධකයකි.

කාර්මිකරණය වු රටවල පවා සෑම වසරක් තුළම ජනගණයෙන් 30% ක් පමණ ආහාර මගින් බෝවන රෝග හේතුවෙන් පීඩා විදිති. ඇම‍රිකා එක්සත් ජනපදයේ සෑම වසරක් තුළ ම මෙය මිලියන 76 ක් වන අතර එමගින් රෝහල්ගතවීම් 325,000 සහ මරණ 500 ක් සිදු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල මෙකී තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපා ඇත්තේ එම රටවල පරපෝෂිතයින්ගෙන් ඇතිවන රෝග ඇතුළුව පුළුල් පරාසයක විහිදෙන රෝග ව්‍යප්තියක් දක්නට ඇති බැවිනි. ආහාර මගින් බෝවන රෝගවලට සමාජය තුල අහිතකර සහ වඩාත් පුළුල්ව පැතිරුණු බැලපෑමක් ඇති කළ හැකි අතර ඒ සදහා අතීතයෙන් ද සාක්ෂි ඇත. 1994 දී සැල්මොනෙල්ලා බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම නිසා ඇමරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 2,24000 පමණ රෝගී වී ඇත. 1988 දී චීනයේ යාකෘත් ප්‍රදානය (Hepatitis A) නම් වසංගත තත්ත්වය ඇතිවුයේ ආසාදිත බෙල්ලන් ආහාරයට ගැනීමෙනි. මෙමගින් 3,00000 පුද්ගලයින් ප්‍රමාණයක් රෝගී තත්ත්වයට පත්වුහ.

ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීම කිසියම් සමාජයක් තුළ සමාජීය හා ආර්ථික වශයෙන් දැඩි පීඩනයක් එල්ල කරයි. ඇ.එ.ජ.යේ 1997 වසරේදි මෙමගින් සිදු වූ පාඩුව වෛද්‍ය ගාස්තු සහ නිෂ්පාදිතයේ අපතේ යාම් ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහකි. 1991 දී පේරු ජනපදයේ කොලරා රෝගයේ ආගමනයත් සමග ම එම වසර තුළ ‍මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කිරීමට නො හැකි වීමෙන් සිදු වූ පාඩුව ඇම‍රිකානු ඩොලර් මිලියන 500කි.

"https://si.wikipedia.org/w/index.php?title=ආහාර_මගින්_වැලඳෙන_රෝග&oldid=362042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි