ආර්මේනියානු වර්ගඝාතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආර්මේනියානු වර්ගඝාතය
ආර්මේනියානුවන්ට වධ හිංසා පැමිණවීමහී කොටසකි
Armenians marched by Ottoman soldiers, 1915.png
අවිගත් ඔටෝමාන් සොල්දාදුවන් විසින් පිරිවරා ගෙන යන ආර්මේනියානු සිවිල් වැසියන්, හාපූට් (කාපෙට්) ඔස්සේ, අසබඩ මෙසිරේ(වර්තමානයේ එලාසිග්) හී පිහිටි සිරගෙයකට, 1915 අප්‍රේල් හිදී කැඳවාගෙන යමින්.
ස්ථානය ඔටෝමාන් අධිරාජ්‍යය
දිනය 1915[note 1]
ඉලක්කය ආර්මේනියානු ජනගහණය
ප්‍රහාර මාදිලිය රටින් නෙරපීම, ජන සංහාරය
මරණ 1.5 මිලියන[note 2]
අපරාධකරුවෝ සංගමය හා ප්‍රගතිය පිළිබඳ කාරක සභාව (යං ටර්ක්ස්)

ආර්මේනියානු සමූලඝාතනය ලෙසින්ද,[7] ආර්මේනියානු ජනසංහාර ලෙසින් සහ, ආර්මේනියානුවන් විසින් සාම්ප්‍රදායික ලෙසින්, මැඩ් යියරෙන් (ආර්මේනියානු: Մեծ Եղեռն, "මහා අපරාධය") යනුවෙන්ද හැඳින්වෙන ,[8] ආර්මේනියානු වර්ගඝාතය[9] (ආර්මේනියානු: Հայոց Ցեղասպանություն Hayots Tseghaspanutyun),[note 3] යනු, ඔටෝමාන් රජය විසින් ක්‍රමානුකූල ලෙසින්, එහි සුළුතර ආර්මේනියානු යටත්වැසියන්, වර්තමාන තුර්කි ජනරජයට අයත් බලප්‍රදේශය තුල පිහිටි ඔවුන්ගේ ඓතිහාසික වාසභූමිය වෙතින් සමුච්ඡේදනය කර දැමීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් මිය ගිය සම්පූර්ණ ජන සංඛ්‍යාව මිලියන 1 සහ 1.5 අතර යැයි ඇස්මේන්තු කෙරෙයි. ඔටෝමාන් අධිකාරීන් විසින් කොන්ස්තන්තිනෝපලයේදී ආර්මේනියානු ප්‍රාඥයන් සහ ප්‍රජා නායකයන් 250 දෙනෙකු වට කර අත් අඩංගුවට ගත් 1915 අප්‍රේල් 24 දින, මෙහි ඇරඹුම් දිනය ලෙස සාම්ප්‍රදායිකව සැලකෙයි. පළමුවන ලෝක යුද්ධය අතරතුර හා ඉන් පසුව සිදුකෙරුණු වර්ගඝාතය, අදියර දෙකකින් ක්‍රියාත්මක විය: සමූලඝාතනය සහ බලෙන් හමුදාවට බඳවා ගත්තවුන් වෙතින් බලෙන් වැඩ ගැනුම තුලින්, ගතසවි පිරිමි ජනගහණය තොග පිටින් මහා දැමීම සහ ඉන්පසුව ගැහැණුන්, දරුවන් සහ මහල්ලන් සහ බෙලහීනයන්, සිරියානු කාන්තාරය දක්වා දිවුනු මාරක ප්‍රයාණයන්හී යෙදවීම තුලිනි. හමුදා සාමාජිකයන් විසින් ඉදිරියට එලැවුණු නිර්වාසිකයන් හට ආහාර හෝ ජලය හෝ නොලැබුණු අතර, විටින් විට සොරකම්, ස්ත්‍රී දූෂණය සහ, ඝාතනයන්ට මුහුණ දීමට සිදු විය.[10][11][12]අනෙකුත් ස්වදේශීය සහ ක්‍රිස්තියානි වාර්ගික කණ්ඩායම් වු ඇසිරියානුවන් සහ ඔටෝමාන් ග්‍රීක්වරුන් වැන්නවුන්ද ඔටෝමාන් රජය විසින් සමුච්ඡේදනය කිරීම සඳහා එසේම ඉලක්කගත කෙරුණු අතර, ඔවුනට කල සැලකීමද බොහෝ ඉතිහාසඥයින් විසින් සැලකෙනුයේ එකම වර්ගඝාත ප්‍රතිපත්තියක කොටස් ලෙසිනි. ලොව වටා ආර්මේනියානු විසිරිත ප්‍රජාවන්ගෙන් බහුතරය බිහි වූයේ මෙම වර්ගඝාතයෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙසිනි.

ආර්මේනියානු සමූලඝාතනයෙහි විස්තර වෙතින් ඉපැහැදිලි ලෙසින් භයප්‍රාප්තවූ රෆායෙල් ලෙම්කින් විසින් 1943 වසරෙහිදී එය සඳහා වර්ගඝාතය යන පදය ඈඳනු ලබමින්, නීතික පරාමිතික තුල සිටිමින් ක්‍රමානුකූල සහ පූර්වමර්ශිත සමුච්ඡේදනයන් අර්ථදැක්වීය.[13] නූතන වර්ගඝාතයන් අතුරින් එකක් ලෙසින් ආර්මේනියානු වර්ගඝාතය සැලකෙන්නේ,[14][15][16] ආර්මේනියානුවන් සමුච්ඡේදනය කිරීමට ඝාතනයන් සිදු කෙරුණු සංවිධානාත්මක ආකාරය පිළිබඳව ප්‍රාඥයින් පෙන්වා දී ඇති බැවින් සහ, මහා සමූලඝාතනයට පසුව, වඩාත්ම අධ්‍යයනයට ලක්වූ දෙවන වර්ගඝාතය එය වන බැවිනි.[17]

1915 වසරේදී ඔටෝමාන් පාලනය යටතේ ඇරඹුනු, ආර්මේනියානුවන් සමූල ඝාතනය සඳහා, වර්ගඝාතය යන්න, නිරවද්‍ය පදයක් නොවන බවට පවසන, ඔටෝමාන් අධිරාජ්‍යයට අනුප්‍රාප්තික රාජ්‍යය වන තුර්කිය, එය ප්‍රතික්ෂේප කරයි. එම ඝාතන, වර්ගඝාත ලෙසින් පිළිගන්නා මෙන්, මෑත වසර වලදී එල්ලවූ පුනාරාගත ඉල්ලීම් වලට මුහුණ දීමට එයට සිදුවිය. අද වන විට, රටවල් විසිදෙකක් විසින් එම සමූල ඝාතනයන්. වර්ගඝාතයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇති අතර,[18] බොහෝ වර්ගඝාත ප්‍රාඥයන් සහ ඉතිහාසඥයින් මෙම අදහසට එකඟ වෙති.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් එය විස්තර කෙරුණේ "විසිවන සියවසෙහි පළමුවන වර්ගඝාතය" ලෙසින් වන අතර, එය නිසා තුර්කිය සමග රාජ්‍යතාන්ත්‍රික සිද්ධියක් ඇති විය. රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ විසින් තමන්වහන්සේගේ මත ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ, තමන් පාප් වහන්සේ බවට පත් වීමට වසර සියයකට පෙර ඔටෝමාන් තුර්කිවරුන් විසින් "නිරර්ථක ලෙසින්" ඝාතනය කෙරුණු අහිංසක පුරුෂයන්, සත්‍රීන් සහ දරුවන් පිළිබඳ මතකයට බුහුමන් පිදීම තමන්වහන්සේට නියමිත කර්තව්‍යයක් බවයි. සියළු රාජ්‍ය නායකයන්ගෙන් සහ ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් එතුමන් තවදුරටත් ඉල්ලා සිටියේ, "ඉස්මතු වී ඇති සත්‍යය පිළිගෙන, ව්‍යාකූලත්වයට හෝ සමථයට හෝ උත්ත්‍යජනය නොවෙමින් එවැනි අපරාධ වලට එරෙහි වන" ලෙසටයි. [19]

පසුබිම[සංස්කරණය]

ඔටෝමාන් පාලනය යටතේ ආර්මේනියානුවෝ[සංස්කරණය]

ආර්මේනියාව බොහෝ ලෙසින් ඔටෝමාන් පාලනයට නතු වූයේ පහලොස්වන සහ දහසයවන සියවස් තුලදීය. ආර්මේනියානුවන් මහත් බහුතරයක්, ආර්මේනියානු මිල්ලට් (ප්‍රජාව) යන නාමය යටතේ කාණ්ඩගත කරනු ලැබ, ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයාවූ කොන්ස්තන්තිනෝපලයේ ආර්මේනියානු පීතෘමූලිකයා විසින් සැපයනු නායකත්වය යටතේ, ඔටෝමාන් අධිරාජ්‍යයේ නැගෙනහිර පළාත්වල ( තුර්කි ආර්මේනියාව හෝ බටහිර ආර්මේනියාව ලෙසින් පොදුවේ ව්‍යවහාරය විය) එක්තැන් කර තිබුනද, බටහිර පළාත්වල මෙන්ම අගනුවර කොන්ස්තන්තිනෝපලයේද විශාල ප්‍රජාවන් පදිංචිව සිටියහ. ආර්මේනියානුවන් අතිබහුතරයක් අයත්වූ ආර්මේනියානු අපෝස්තලික සහ, ආර්මේනියානු කතෝලික සහ ආර්මේනියානු ප්‍රොතෙස්තන්ත ප්‍රජාවන් ලෙසින්, ආගමික නිතායයන් තුනකින් ආර්මේනියානු ප්‍රජාව සමන්විත වී තිබුණි. ඔටෝමාන් රජයේ ඉතාමත් සුළු මැදිහත්වීමක් සහිත ස්වීය පාලන ක්‍රමයක් යටතේ තමන් පාලනය කරගැනුමට, මිල්ලට් ක්‍රමය යටතේ, ආර්මේනියානු ප්‍රජාවට ඉඩ සලසා තිබුණි. අධිරාජ්‍යයේ නාගරික කේන්ද්‍ර සහ, ඩූසියන්වරු (රාජකීය මුදල් අච්චු පිළිබඳ අධ්‍යක්ෂවරු), බැලියන්වරු (ප්‍රධාන රාජකීය වාස්තු විද්‍යාඥයෝ) සහ ඩේඩියන්වරු (වෙඩිබෙහෙත් පාලකයන් සහ කාර්මික කර්මාන්තශාලා කළමනාකාරවරු) ඇතුළත් අතීශයින් ධනවත් කොන්ස්තන්තිනෝපල්-පදනම් වූ අමිරා පංතිය හැරුණු විට, බොහෝ ආර්මේනියානුවෝ – දළ වශයෙන් ඔවුන්ගේ ජනගහණයෙන් 70% ක් පමණ – ජීවත් වූයේ දූගී සහ අනතුරුදායක තත්ත්වයන් යටතේ ග්‍රාමීය පිටිසර පළාත් වලය. [20] [21] ඔටෝමාන් ජනසංඛ්‍යාලේඛන සංඛ්‍යා සහ ආර්මේනියානු පීතෘ ශාසනය වෙතින් එකතු කෙරුණු සංඛ්‍යාලේඛන අතර පරස්පරයක් ඇත. පසුවැන්න පරිදී, 1878 වසරෙහිදී, අධිරාජ්‍යය තුල ආර්මේනියානුවන් මිලියන තුනක් (කොන්ස්තන්තිනෝපලයේ සහ බෝල්කනයේ 400,000 ක්, සුළු ආසියාවේ සහ සිලිසියාවේ 600,000 ක්, කුඩා ආර්මේනියාවේ සහ කයිසිරි අසබඩ පළාත් වල 670,000 ක් සහ, බටහිර ආර්මේනියාවේ 1,300,000 ලෙසින්) ජීවත් වූහ. [22]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "සිස්ටර්නාකැබර්ඩ් මෙමෝරියල් කම්ප්ලෙක්ස්". ආර්මේනියානු වර්ගඝාතය කෞතුකාගාර-ආයතනය. 
  2. කිෆ්නර්, ජෝන් (7 දෙසැම්බර් 2007). "ආර්මේනියන් ජෙනොසයිඩ් ඔෆ් 1915: ඇන් ඕවර්වීව්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/ref/timestopics/topics_armeniangenocide.html. 
  3. "ද ෆොර්ගොට්න් හොලෝකාස්ට්: දි ආර්මේනියන් මැසකර් දැට් ඉන්ස්පයර්ඩ් හිට්ලර්". ඩේලි මේල් (ලන්ඩනය). 11 ඔක්තොම්බර් 2007. http://www.dailymail.co.uk/news/article-479143/The-forgotten-Holocaust-The-Armenian-massacre-inspired-Hitler.html. 
  4. ඕරන්, යඊර් (2000). ද බැනෑලිටි ඔෆ් ඉන්ඩිෆරන්ස්: සයනිස්ම් ඇන්ඩ් දි ආර්මේනියන්ජෙනොසයිඩ්. ට්‍රාන්සැක්ෂන්. පිටුව. 44. ISBN 978-0-7658-0881-3. http://books.google.com/books?id=nnUR4hSTb8gC&pg=PA44. 
  5. ෆෝසයිත්, ඩේවිඩ් පී. (11 අගෝස්තු 2009) (ගූගල් බුක්ස්). එන්සයික්ලොෆීඩියා ඔෆ් හියුමන් රයිට්ස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටුව. 98. ISBN 978-0-19-533402-9. http://books.google.com/books?id=1QbX90fmCVUC&pg=PA98. 
  6. චෝක්, ෆ්‍රැන්ක් රොබර්ට්; ජොනස්සොන්, කර්ට් (10 සැප්තැම්බර් 1990). ද හිස්ට්‍රි ඇන්ඩ් සෝෂියලජි ඔෆ් ජෙනසයිඩ්: ඇනෑලිසර්ස් ඇන්ඩ් කේස් ස්ටඩීස්. Institut montréalais des études sur le génocide. යේප් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටු. 270–. ISBN 978-0-300-04446-1. http://books.google.com/books?id=UgzAi1DD75wC&pg=PA270. 
  7. රොබර්ට් ෆිස්ක්: ලෙට් මී ඩිනවුන්ස් ජෙනසයිඩ් ෆ්‍රොම් ද ඩොක් දි ඉන්ඩිපෙන්ඩන්ට්, 14 ඔක්තොම්බර් 2006
  8. මටියොෂන්, වාටන් (12 ජනවාරි 2013). "ද සෙල්ෆ් -ඩිලූෂන් ඔෆ් 'ග්‍රේට් කැලෑමිටි': වට් ' මැඩ් යියරෙන්' ඇක්චුවලි මීන්ස් ටුඩේ". ආර්මේනියන් වීක්ලි. http://www.armenianweekly.com/2013/01/12/the-self-delusion-of-great-calamity-what-medz-yeghern-actually-means-today/. 
  9. ආර්මේනියන් ජෙනසයිඩ් (affirmation), වර්ගඝාත පිළිබඳ ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය, වර්ගඝාත පිළිබඳ ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ, මෙම මහා සභාව විසින් 1997 දී ජූනි 11–3 හිදී මොන්ට්‍රියල් හිදී පැවැත්වුනු එහි සම්මේලනයේදී, යළි සහතික කරනුයේ 1915 දී තුර්කියේදී ආර්මේනියානුවන් ජන සංහාරයට ලක් කිරීම, වර්ගඝාතය වැලැක්වීම හා එයට දඞුවම් පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි ව්‍යවස්ථාවන් පරිදී වර්ගඝාත අවස්ථාවක් වන බවයි. තුර්කි රජය සහ එහි නිල හා නොනිල නියෝතයන් සහ අනුග්‍රාහකයන් විසින්, මෙම ආර්මේනියානු වර්ගඝාතය ප්‍රතික්ෂේප කිරීම, එය විසින් තවදුරටත් හෙළා දකියි.  zero width joiner character in |quote= at position 22 (help); zero width joiner character in |publisher= at position 22 (help)
  10. කීසා, හෑන්ස්-ලූකස්; ෂලා, ඩොමිනික් ජේ. (2002), Der Völkermord an den Armeniern und die Shoah [ආර්මේනියානු වර්ගඝාතය සහ ෂෝවා] (in ජර්මානු), ක්‍රොෙනාස්, p. 114, ISBN 3-0340-0561-X  zero width joiner character in |publisher= at position 3 (help)
  11. වෝකර්, ක්‍රිස්ටොෆර් ජේ. (1980), ආර්මේනියා: ද සර්වයිවල් ඔෆ් අ නේෂන්, ලන්ඩනය: ක්‍රෑම් හෙල්ම්, pp. 200–3  zero width joiner character in |publisher= at position 3 (help); zero width joiner character in |first= at position 3 (help)
  12. බ්‍රයිස්, විස්කවුන්ට් ජේම්ස්; ටොයින්බී, ආනෝල්ඩ් (2000), සරේෆියන්, ආරා, ed., ද ට්‍රීට්මන්ට් ඔෆ් ආර්මේනියන්ස් ඉන් දි ඔටෝමාන් එම්පයර්, 1915–1916: ෆොලෝඩන්හී විස්කවුන්ට් ග්‍රේ සාමිවරයා වෙත ඉදිරිපත් කෙරුණු ලේඛන (uncensored ed.), ප්‍රින්ස්ටන්, NJ: ගෝමිඩාස්, pp. 635–49, ISBN 0-9535191-5-5  zero width joiner character in |place= at position 3 (help); zero width joiner character in |last1= at position 3 (help); zero width joiner character in |title= at position 5 (help); zero width joiner character in |authorlink= at position 10 (help)
  13. හයිඩ්, ජෙනිෆර් (2 දෙසැම්බර් 2008). "පෝලිෂ් ජූ ගේව් ගේව් හිස් ලයිෆ් ඩිෆයිනිං, ෆයිටිං ජෙනසයිඩ්". සීඑන්එන්. Archived from the original on 3 දෙසැම්බර් 2008.  Check date values in: |date=, |archive-date= (help)
  14. "කවුන්සිල් ඔෆ් යුරප් පාර්ලිමෙන්ටර් එසෙම්බ්ලි රෙසලූෂන්". ආර්මේනියන් ජෙනසයිඩ්. 
  15. ෆර්ගසන්, නියල් (2006). ද වෝ ඔෆ් ද වර්ල්ඩ්: ට්වෙන්ටියත්-සෙන්චරි කොන්ෆ්ලික්ට් ඇන්ඩ් ද ඩිසෙන්ට් ඔෆ් ද වෙස්ට්. නිව්යෝර්ක්: පෙන්ගුයින් ප්‍රෙස්. පිටුව. 177. ISBN 1-59420-100-5. 
  16. "අ ලෙටර් ෆ්‍රොම් දි ඉන්ටර්නැෂනල් අසෝෂියේෂන් ඔෆ් ජෙනසයිඩ් ස්කොලර්ස්" (PDF). ජෙනසයිඩ් වොච්. 13 ජූනි 2005.  zero width joiner character in |title= at position 12 (help); Check date values in: |date= (help)
  17. රමුමෙල්, ආර් ජේ (1 අප්‍රේල් 1998), "ද හොලෝකාස්ට් ඉන් කම්පැරටිව් ඇන්ඩ් හිස්ටරිකල් පර්ස්පෙක්ටිව්", ද ජර්නල් ඔෆ් සෝෂල් ඉසූෂ්, 3 (2)  zero width joiner character in |date= at position 6 (help); Check date values in: |date= (help)
  18. ස්පීච්-ලෙක්චර් ඔෆ් ද ආර්ඒ එන්ඒ වයිස් ප්‍රසිඩන්ට් එඩුවර්ඩ් ෂාමාෂනොෆ් ඇට් චාල්ස් යුනිවර්සිටි ඉන් ප්‍රාග්, 11 මාර්තු 2015
  19. පෝප් ෆ්‍රැන්සිස් කෝල්ස් ආර්මේනියන් ස්ලෝටර් ෆර්ස්ට් ජෙනසයිඩ් ඔෆ් දි ට්වෙන්ටියත් සෙන්චරි
  20. බාසුමියන්, හාකොබ් (1982), "ද ඩුවල් රෝල් ඔෆ් දි ආර්මේනියන් අමිරා ක්ලාස් විතින් ද ඔටෝමාන් ගවර්න්මන්ට් ඇන්ඩ් දි ආර්මේනියන් මිල්ලට් (1750–1850)", in බ්‍රෝඩ්, බෙන්ජමින්; ලුවිස්, බර්නාඩ්, ක්‍රිස්ටියන්ස් ඇන්ඩ් ජූස් ඉන් දි ඔටෝමාන් එම්පයර්: ද ෆන්ක්ෂනිං ඔෆ් අ ප්ලූරල් සොසයිටි, I, නිව්යෝර්ක්: හෝල්ම්ස් ඇන්ඩ් & මයියර්  zero width joiner character in |editor1-last= at position 3 (help); zero width joiner character in |title= at position 3 (help)
  21. බාසුමියන්, හාකොබ් (1997), "දි ඊස්ටන් ක්වෙෂ්චන් ඇන්ඩ් ද ටාසිමට් ඊරා", in හොවාන්නිසියන්, රිචඩ් ජී, දි ආර්මේනියන් පීපල් ෆ්‍රොම් ඒන්ෂන්ට් ටු මොඩර්න් ටයිම්ස්, II: ෆොරින් ඩොමීනියන් ටු ස්ටේට්හුඩ්: ද ෆිෆ්ටීන්ත් සෙන්චරි ටු ද ට්වෙන්ටියත් සෙන්චරි, නිව්යෝර්ක්: සෙන්ට් මාර්ටිංස්, pp. 175–201, ISBN 0-312-10168-6  zero width joiner character in |title= at position 23 (help)
  22. හම්බරියන්, අසාට් එස් (1981), අග්යාවන්, සාටර්; et al., eds., Հայաստանի սոցիալ-տնտեսական և քաղաքական դրությունը 1870–1900 թթ [ආර්මේනියාවේ සමජ -ආර්ථික සහ දේශපාලනික තත්ත්වය, 1870–1900] [හිස්ට්‍රි ඔෆ් දි ආර්මේනියන් පීපල්] (in ආර්මේනියානු), 6, යේරෙවන්: ආර්මේනියානු විද්‍යා ඇකඩමිය, p. 22  zero width joiner character in |trans_title= at position 7 (help); zero width joiner character in |publisher= at position 17 (help)

සටහන්[සංස්කරණය]

  1. ආර්මේනියානු වර්ගඝාතය සාමාන්‍ය ලෙසින් බැඳෙනුයේ, ක්‍රෑරකම් අතුරින් බොහෝමයක් සිදුවූ 1915 හා සමගය. මුලාශ්‍රයෙන් මූලාශ්‍රයට කාල පරාසය වෙනස් වෙයි: 1915–1916, 1915–1917, 1915–1918, 1915–1923, 1894–1915, 1894–1923
  2. බොහෝ ලෙසින් පිළිගැනෙන සංඛ්‍යාව වන්නේ මිලියන1.5 වුවද,[1][2][3], ඇස්තමේන්තුගත සංඛ්‍යාවන් 600,000 සිට 1,800,000 දක්වා විචලනය වෙයි[4][5][6]
  3. Հայոց Ցեղասպանութիւն සම්භාව්‍ය ආර්මේනියානු අක්ෂර වින්‍යාසය තුල
"https://si.wikipedia.org/w/index.php?title=ආර්මේනියානු_වර්ගඝාතය&oldid=365284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි