ආයුර්වේදයෙහි ශාඛා අට

විකිපීඩියා වෙතින්

ආයුර්වේදයට අනුව රෝගයක් ඇතිවන්නේ සිරුර තුළ නොයෙකුත් සුසංයෝගයන්හි ඇතිවන වෙනස් වීමක් හේතුවෙනි. පොදුවේ ගත්කළ මේවා ප්‍රධාන ශාඛා අටකට බෙදිය හැක.

කාය චිකිත්සා - සිරුර අභ්‍යන්තයට ලබාදෙන ප්‍රතිකාර

බාල චිකිත්සා - ළමා රෝග

ග්‍රහ චිකිත්සා - මානසික රෝග

ෂලක්‍ය චිකිත්සා - උගුර , කන , නාසය හා අක්ෂි රෝග

ශල්‍ය තන්ත්‍ර - ශෛල්‍ය වෛද්‍ය වේදය

අගද තන්ත්‍ර - ධුලකවේදය

වජීකරණ - ලිංගික රෝග

රසායන - තිරිහන් වීම


(පංච මහා භූත) මුලික අංග පහ[සංස්කරණය]

පුරාණ වේද චින්තන කර්මයට අනුව විශ්වාස වූ සියල්ල පංචමහාභූත නමින් හැඳින්වෙන අංග පහකින් සැදුම්ගෙන ඇත.

ආපෝ - ජලය , එමගින් රස සංවේදනය වේ. රස සංවේදන අවයව වන්නේ දිවයි.

තේජෝ - ගින්න , වර්ණ පිළිබඳව දෘෂ්ටිමය සංජානනය ලබාදේ (රූප ) , සංවේදක අවයවය වන්නේ ඇසයි.

වායු - වාතය , දැනීම පිළිබඳ අවබෝධයක් ලබා දේ. (ස්පර්ශ) සංවේදක අවයවය වන්නේ සමයි.

පෘථිවි - පෘථිවිය , ගඳ , සුවඳ පිළිබඳ දැනීම ඇති කරයි. (ගන්ධ) සංවේදක අවයවය වන්නේ නාසයයි.

ආකාශ - අවකාශය , ශ්‍රවණය ඇතිකරයි. (ශබ්ද) සංවේදක අවයවය කනයි.


ඉහතින් සඳහන් කරන ලද්දේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගෙඩනැගී ඇති පදනම හා මූලධර්මයන්ය. මෙකී අංග පහම අප ජීවිතය කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරනුයේ සිරුර සෑදී ඇත්තේ මෙම මහාභූතයින් (අංග) වලින් බැවිනි. සියළුම පදාර්ථයන් තරලමය ලෙසට සැලකේ. ඒවායෙහි සංඝටකයන් අතර තුල්‍යතාවය නිරන්තරයෙන්ම වෙනස් වේ.

තුන්දෝෂ[සංස්කරණය]

ආයුර්වේදයෙහි සිරුර , මනස සහ අධ්‍යාත්මය අතර එකතුවක් ගැන විග්‍රහ කෙරේ. එක් එක් අංගවල ප්‍රමුඛතාවය අනුව සිරුර වර්ග තුනකි. මේවා තුන් දෝෂ නම් වේ.

1) වාත (වා) - වාතය

2) පිත්ත (පිත්) - පිත

3) කප්හ (සෙම්) - සෙම


සත්වැදෑරුම් දේහ පටකයන් ධාතු නම් වේ. සිරුරෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය වර්ග 3කි. ඒවා මාලා නම්වේ.



වාත[සංස්කරණය]

මෙම දෝෂය මගින් සිරුරේ අභ්‍යන්තර හා බාහිරව ඇති ජීව විද්‍යාත්මක ක්‍රියාවලියන් කෙරෙහි ආරම්භය හා ක්‍රියාකාරීත්වය වෙත උදව් දේ. මේවා,

1) ප්‍රාණ (හිස) - ජීවනාලිය වූ ශ්වසනයට උදව් වේ.

2) උදාන (උගුර) - ග්‍රන්ථිමය ක්‍රියාකාරීත්වයට උදව් දේ

3) සමන (ආමාශය හා ග්‍රහණිය) - ආමාශය ක්‍රියාකාරිත්වයට උදව් දේ

4) ව්‍යාන ( හෘදය හා රුධිර වාහිනී) - රුධිර සංසරණයට උපකාරී වේ

5) අපණ(ශුක්‍ර තරලය , මලපහ , මුත්‍රා) - බහිස්‍රාවය සඳහා උපකාරී වේ.


පිත්ත[සංස්කරණය]

මෙම දෝෂය සිරුරේ තාපය උත්පාදනය පරිවෘත්තීය හා නොයෙකුත් මානසික ක්‍රියාකරිත්වයන් සඳහා වගකියනු ලැබේ.

කප්හ[සංස්කරණය]

මෙම දෝෂයෙහි ප්‍රධාන කෘත්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්න සිරු‍රක් පවත්වාගෙන යාම හා මේදය , ජලය හා අනෙකුත් තරලයන් අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමයි.

මේ එක් එක් දෝෂයන් එකිනෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගනිමින් පුද්ගලයාගේ සිරුර ප්‍රකෘති තත්වයෙන් පවත්වා ගැනීම සඳහා උපකාරී වේ. මෙම තුන්දොස්හි කිපීමෙන් ඇතිවන දේහ ක්‍රියාකරිත්වයේ අසමතුලිතතා හේතුවෙන් රෝග ඇතිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආයුර්වේදයෙහි_ශාඛා_අට&oldid=341407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි