අමාවතුර

විකිපීඩියා වෙතින්

අමාවතුර, ගුරුළුගෝමිගේ නිර්මාණයකි.අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමීන් විසිනි. ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”  මෙහි රචනා කාලය පොළොන්නරු රාජ්‍ය සමයේ අවසාන කාලච්ඡේදය ලෙස පිළිගැනේ. අමාවතුර කතුවරයාගේ ග්‍රන්ථ පරමාර්ථය ඔහු ග්‍රන්ථාරම්භයේ නිශ්චිත කොට ඇත.

           “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නො පිළිවනින් මෙහි මුල් පුරිසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදුවැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන්ලොව්හි සැරිසැරැ විෂමපුරුෂයන් දමා අමාමහනිවන් පැමිනවූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ”

              පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. මෙහිදී තත්කාලීන ග්‍රන්ථකරණයේ පුනරුදයක් තිබූ බව බුත්සරණ, ප්‍රදීපිකාව ආදී ග්‍රන්ථ උදාහරණ සපයයි. මෙහිදී මෙම ග්‍රන්ථය දහම් පුස්ථකයක් ලෙස ද දැක්විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=අමාවතුර&oldid=611718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි