අ විෂන් ඔෆ් ෆයර්

විකිපීඩියා වෙතින්
අ විෂන් ඔෆ් ෆයර්
A Vision of Fire
ගොනුව:Vision-of-fire-9781471137730 hr.jpg
කර්තෘගිලියන් ඇන්ඩර්සන් සහ ජෙෆ් රොවින්
රටඇමරිකා එක්සත් ජනපදය
මාලාවදි අ(ර්)තන්ඩ් සාගා
ප්‍රභේදයවිද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක
ප්‍රකාශිත2014 ඔක්තෝබර්

අ විෂන් ඔෆ් ෆයර් යනු සුප්‍රසිද්ධ ඇමරිකානු නිලි ගිලියන් ඇන්ඩර්සන් සහ නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට්සෙලර් ලෙස පිදුම් ලැබූ කෘති රචනා කල කතුවරයෙකු වන ජෙෆ් රොවින් යන දෙදෙනා එක්ව රචනා කල ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි. මෙය දි අ(ර්)තන්ඩ් සාගා නවකතා මාලාවේ පළමුවැන්න ද වේ. එමෙන්ම ද එක්ස්-ෆයිල්ස් ටෙලිනාට්‍ය මාලාවට රංගනයෙන් දායක වූ ගිලියන් ඇන්ඩර්සන්ගේ පළමු කෘතියද වේ.[1]

කථා වස්තුව[සංස්කරණය]

නිව්යෝර්ක් නුවර ළමා මනෝවිද්‍යාඥවරියක වන කයිට්ලින් ඔහාරාගෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන අලුත්ම රෝගී දැරිය නිසා ඇගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වේ. මෙලෙස ඇගෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ ඉන්දියානු නියෝජිතයාගේ දියණිය වන මානික් නැමැති දැරියයි. මෙම දැරිය විවිධ භාෂා වලින් කතාකිරිමටත්, තමාට අත්භූත දසුන් දර්ශනය වන බව පැවසීමටත් පටන් ගනී. මෙයට හේතුව ඇගේ පියාව ඝාතනය කිරීමට මෑතකදී යම් පිරිසක් ගත් උත්සහයක් නිසා, එය ඇගේ මනසට දරුණු ලෙස බලපෑම බව ඔහාරා අනුමාන කරයි. මෙම ඝාතන තැත ඉන්දියාවත් පාකිස්තානයත් අතර දරුණු න්‍යෂ්ටික අර්බුධයක් ඇතිකරලීමට ද සමත් වෙයි. කෙසේවෙතත් මානික් නම් දැරියගේ මෙම ලක්ෂණ වලට සමාන ලක්ෂණ පෙන්වන දරුවන්ගේ සිදුවීම් ලොව නන්දෙසින් වාර්තා වීමත් සමග මෙය පිටුපස සිතනවාට වඩා දරුණු අත්භූත බලවේගයක් ඇතැයි ඔහාරා කල්පනා කරයි.

හයිටි රාජ්‍යයේ සිසුවියක් ඇගේම උගුරු දණ්ඩ උගුලා දමයි. ඉරානයේ සිසුවෙක් තම සිරුරටම ගිනි තබාගනී. ලොව පුරා සතුන්ගේ චර්යා රටාවද වෙනස් වී ඔවුන් දරුණු ලෙස හැසිරීමට පටන් ගනී. එමෙන්ම ආසියාව තුල න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹෙන ලකුණු පහළ වේ. මේ සියල්ල පිටුපස සැඟවුණු සත්‍යය කුමක්දැයි සෙවීමට කයිට්ලින් ඔහාරා අරඹන ගමනත් සමග කතාව ඉදිරියට දිවෙයි.

  1. In Haiti, a student claws at her throat, drowning on dry land. In Iran, a boy suddenly and inexplicably sets himself on fire. Animals, too, are acting irrationally, from rats in New York City to birds in South America to ordinary house pets. With Asia on the cusp of nuclear war, Caitlin must race across the globe to uncover the mystical links among these seemingly unrelated incidents in order to save her patient—and perhaps the world. - See more at: http://books.simonandschuster.com/Vision-of-Fire/Gillian-Anderson/9781476776521#sthash.3bETKmfN.dpuf
"https://si.wikipedia.org/w/index.php?title=අ_විෂන්_ඔෆ්_ෆයර්&oldid=413417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි