අළු ගිරවා

විකිපීඩියා වෙතින්
අළු ගිරවා
Female eating fruit in Sri Lanka
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Psittaciformes
කුලය: Psittacidae
ගණය: 'Psittacula'
විශේෂය: P. calthropae
ද්වීපද නාමය
Psittacula calthropae
Blyth, 1849
අළු ගිරවා

කඳුකරයේ මීටර් 1750 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්‍රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී. මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. . ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය.

"https://si.wikipedia.org/w/index.php?title=අළු_ගිරවා&oldid=488827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි