අශෝක පීරිස්

විකිපීඩියා වෙතින්
අශෝක පීරිස්
Asoka Peiris
උපත1942
මියගිය දිනය2007 දෙසැම්බර් 24 (වයස අවුරුදු 65)
මොරටුව
සතපවන ලද තැනඑම්මානුවෙල් දේවස්ථානයේ සුසාන භූමිය, මොරටුව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය
රැකියාවනළුවා, නාට්‍යකරුවා, අධ්‍යක්ෂක, සංගීත අධ්‍යක්ෂක
සක්‍රීය වසර1965–2011
කලත්‍රයා(යන්)චිත්‍රා පීරිස්
දරුවන්3

අශෝක පීරිස් (උපත 1942 - විපත 2007 දෙසැම්බර් 24), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2] බහුවිධ ප්‍රධාන නළුවා වශයෙන් නාට්‍යමය චරිත සඳහා පෙනී සිටි පීරිස් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ‘‘අඹ යහළුවෝ’’ ටෙලිනාටකය සහ ‘‘ගුරු ගෙදර’’ චිත්‍රපටවල චරිත සඳහාය.[3][4]

Personal life[සංස්කරණය]

අශෝක පීරිස් 1942 දී මොරටුව, කොළඹ හි උපත ලැබීය. අශෝකට වයස අවුරුදු 16 දී පමණ ඔහුගේ පියා මිය ගියේය. ඔහුගේ මූලික අධ්‍යාපනය දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා උසස් පාසලෙන් සහ බෲක්ස් මහත්මිය යටතේ ෆර්ගියුසන් බාලිකා උසස් පාසලෙන් ලබා ගත්තේය. ඉන්පසු ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කලේය. ඔහු විවාහ වී සිටියේ චිත්‍රා පීරිස් සමඟ වන අතර මෙම යුවළට ප්‍රකාශ්, එෂාන්ත සහ මේනකා යන එක් දියණියක් ලෙස පුතුන් දෙදෙනෙක් සිටිති. විවාහයෙන් පසු ලෙස්ටර් මුණගැසෙන විට ඔහු වැල්ලවත්ත ස්පිනින් ඇන්ඩ් වීවිං මෝල්හි සේවය කළේය.

ඔහු 2007 දෙසැම්බර් 24 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට 65 වැනි වියේ පසුවිය. ඔහුගේ අවසන් කටයුතු 2007 29 සිකුරාදා සවස 3ට මොරටුව එම්මානුවෙල් දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු විය.[5]

Acting career[සංස්කරණය]

1959 දී ඔහු තම මිතුරා වූ මාරපන සමඟ එක්ව පාසල් අධ්‍යාපනයේ අවසන් වසරේ දී “කැරොලිස් සහ පොරෝලිස්” නමින් සිංහල නාට්‍යයක් නිෂ්පාදනය කළේය.[6]

ඔහු රංගන ජීවිතය ආරම්භ කළේ 1965 වසරේ වේදිකා ගත කළ ‘‘පාල මල්ල’’ වේදිකා නාට්‍යයෙන් ප්‍රධාන චරිතය රඟපාමින්.[6] ඊට පස්සේ ලූෂන් ද සොයිසා අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි නාට්‍යයක රඟපෑවා. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙලොවක් අතර හරහා සහය භූමිකාවක් සමඟිනි. ඔහු සිනමාවේ ප්‍රථම ප්‍රධාන චරිතය ඉදිරිපත් කලේ රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද තන ගිරවි චිත්‍රපටය තුලිනි.[7] 1967 දී ඔහු ‘‘සරණ’’ නාට්‍යය අධ්‍යක්ෂණය කළේය. 1993 වසරේ "ගුරු ගෙදර" චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් සරසවිය චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.[8]

1994 වසරේ "ගුරු ගෙදර" චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් සරසවිය චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පීරිස්ට හිමි විය. ඔහු දිගටම "ෂැඩෝ ඔෆ් ද කෝබ්රා" සහ "ඩෙත් ස්ටෝන්" වැනි විදේශීය චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. ඔහුගේ වඩාත්ම විචාරක පැසසුමට ලක් වූ චරිත කිහිපයක්, යුගාන්තය, බද්දේගම, යහළු යෙහෙළි, විරාගය සහ මරුතය ඇතුළු චිත්‍රපට හරහා දැකිය හැකි විය.[7][9] ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන රූපවාහිනී රංගනය "අඹ යහළුවෝ" හරහා නෙළුම් බණ්ඩාර ලෙසින් ශ්‍රී ලාංකේය රූපවාහිනියේ සංධිස්ථානයක් බවට පත්විය.[6][10]

1994 දී ඔහු මොරටුව කලා සංසදය (MAF) ආරම්භ කරන ලද අතර එය මොරටුව දක්ෂයින් හඳුනා ගැනීමට සහ සංගීතය ප්‍රවර්ධනය කිරීමට බොහෝ ව්‍යාපෘති දියත් කළේය.[11] ඔහු 1995 සිට 1996 දක්වා සංසදයේ වරලත් සභාපති ලෙස කටයුතු කළේය.[12]

2004 දී ඔහු ජොලි බෝයිස් හා හාදු වැස්සක් චිත්‍රපටවල සංගීත නිර්මාපකයෙකු ලෙසද කටයුතු කළේය.[6]

References[සංස්කරණය]

  1. "Asoka Peiris (1942–2007)". IMDb. සම්ප්‍රවේශය 25 April 2019.
  2. "Actors of Sinhala cinema - Asoka Peiris (1942–2007)". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 25 April 2019.
  3. "An epitome of humanity : Tribute to Asoka Peiris". Sri Lanka Guardian. සම්ප්‍රවේශය 25 April 2019.
  4. "Immortal within our hearts". Sunday Times. සම්ප්‍රවේශය 25 April 2019.
  5. "Veteran actor Ashoka Peiris passed away on the 24th following a heart attack". thummansala. සම්ප්‍රවේශය 25 April 2019.
  6. 6.0 6.1 6.2 6.3 "I will never call it a day". The Nation. සම්ප්‍රවේශය 25 April 2019.
  7. 7.0 7.1 "Remembering Ashoka Peiris". Daily Mirror. සම්ප්‍රවේශය 25 April 2019.
  8. "Asoka Peiris - 'The Legend in our time' - Appreciation". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  9. "Asoka Peiris films". mubi.com. සම්ප්‍රවේශය 25 April 2019.
  10. "Asoka Peiris an inimitable actor". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  11. "Moratuwites step into the silver jubilee". Daily News. සම්ප්‍රවේශය 25 April 2019.
  12. "MAF silver jubilee AGM". Sunday Times. සම්ප්‍රවේශය 25 April 2019.

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_පීරිස්&oldid=548850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි