අවුරන්ගාබාද් දිස්ත්රික්කය, මහාරාෂ්ට්රා
Jump to navigation
Jump to search
අවුරන්ගාබාද් දිස්ත්රික්කය औरंगाबाद जिल्हा | |
---|---|
මහාරාෂ්ට්ර ප්රාන්තයෙහි දිස්ත්රික්කය | |
![]() මහාරාෂ්ට්ර ප්රාන්තයෙහි අවුරන්ගාබාද් දිස්ත්රික්කයෙහි පිහිටුම | |
රට | ඉන්දියාව |
ප්රාන්තය | මහාරාෂ්ට්ර |
පරිපාලනමය කොට්ඨාශය | අවුරන්ගාබාද් කොට්ඨාශය |
මූලස්ථානය | අවුරන්ගාබාද්, මහාරාෂ්ට්ර |
ටහ්සිර් | 1. අවුරන්ගාබාද්, 2. පයිතාන්, 3. වයිජපූර්, 4. ගංගාපූර්, 5. කුල්දාබාද්, 6. පුලම්බ්රි, 7. කන්නද්, 8. සිල්ලොද්, 9. සොයිගොන් |
රජය | |
• ලෝක් සභා මැතිවරණ කොට්ඨාශ | 1. අවුරන්ගාබාද්, 2. ජල්නා ( ජල්නා දිස්ත්රික්කය සමග හවුලේ) ( මැතිවරණ කොමිසම වෙබ් අඩවිය පදනම් කොට) |
සරිය | |
• සම්පූර්ණ | 10,100 කිමී2 (3,900 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• සම්පූර්ණ | 2,897,013 |
• ඝණත්වය | 290/කිමී2 ( 740/වර්ග සැත) |
• නාගරික | 37.53% |
ජනවිකාස | |
• සාක්ෂරතාව | 61.15% |
• ස්ත්රී-පුරුෂ අනුපාතය | 924 |
ප්රධාන මහාමාර්ග | NH-211 |
මධ්යන්ය වාර්ෂික වර්ෂාපතනය | 734 මිමී |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |

බිබී කා මක්බරා යනු අවුරන්සේබ්ගේ පුතා විසින් වසර 1660දී, ඔහුගේ මව වූ ඩිල්රස්බානො බෙගම් හට උපහාරයක් වශයෙන් තැනවුනු ස්මාරකයකි.
අවුරන්ගාබාද් දිස්ත්රික්කය (මරාති: औरंगाबाद जिल्हा) යනු, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයෙහි දිස්ත්රික්ක 35 අතුරින් එකකි. එය මායිම් වී ඇත්තේ, බටහිරින් නාෂික දිස්ත්රික්කයෙන්, උතුරින් ජල්ගෝන් දිස්ත්රික්කයෙන්ද, නැගෙනහිරින් ජල්නා දිස්ත්රික්කයෙන් සහ, දකුණින් අහමද්නගර් දිස්ත්රික්කයෙන්ද වෙයි. අවුරන්ගාබාද් යනු මූලස්ථානය සහ ප්රධාන නගරය වෙයි. දිස්ත්රික්කය පැතිර පවතින භූමි ප්රමාණය 10,100 කිමී² වන අතර, එයින් 141.1 කිමී² ප්රමාණයක් නාගරික සහ 9,958.9 කිමී² ප්රමාණයක් ග්රාමීය වෙයි.