අවර-එන්ජිම සැලසුම

විකිපීඩියා වෙතින්

මෝටර් රථ සැලසුමෙහි, අවර-එන්ජිම සැලසුම තුලදී, එන්ජිම පිහිටුවනු ලැබෙන්නේ වාහනයෙහි පසුපස වෙයි. එන්ජිමෙහි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ අවර අක්ෂදණ්ඩට පසුපසිනි. සම්පූර්ණ වාහනයෙහි ගුරුත්ව කෙන්ද්‍රය හා සමගින් මෙය පටලවා ගත යුතු නොවෙන්නේ, සම්පූර්ණ වාහනයෙහි ගුරුත්ව කෙන්ද්‍රය පසුපස පිහිටීමවන් පරිමාණයක අසංතුලනයක් පැවතුනොත්, ඉදිරිපස රෝද පොළව මත තබාගැනීම කල නොහැකි වන බැවිනි.

අවර-එන්ජිම පිහිටුම / අවර-රෝද ධාවකය

අවර-එන්ජිම සහිත රථ සියල්ලම පාහේ අවර-රෝද ධාවකය මෝටර් රථ පිරිසැලසුම සහිත වන අතර, සමහරක් සිවු රෝද එලැවුම සහිත වෙයි. මෙම පිරිසැලසුම පහත ගුණාංග සහිත වෙයි:

  • ඇසුරුම: සම්ප්‍රේෂණ උමගක අවශ්‍යතාවයක් නොමැති බැවින්, බිම් තට්ටුව පැතලි විය හැකිය.[1]
  • අවර ප්‍රකර්ෂණය: එලවෙන රෝදවලට උඩින් එන්ජිම පිහිටුම විසින් පහතට පීඩනය ඉහළ නංවන අතර එය විසින් ලිහිල් පෘෂ්ඨයන් මතදී දෘඩ ග්‍රහණයක් ඇති කර ගැනීමට උපකාර වෙයි. කෙසේවුවද මෙය නිසා ප්‍රමාණයට වඩා වාහනය හැරවීම හෙවත් අධිසුක්කානම ඇති විය හැකිය.[2]
  • නිෂ්පාදනයෙහි සරල බව: එලවෙන රෝදවලට සමීපයෙහි එන්ජිම පිහිටා පවතින බැවින්, සම්ප්‍රේෂණය සහ ආන්තරය සංයුක්ත කිරීමෙන් ඉඩකඩ ඉතිරි කල හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "1965 ෂෙවලේ කොවඑයර්". සම්ප්‍රවේශය 16 මාර්තු 2019.
  2. "වට් ඊස් රියර් එන්ජින් ලේඅවුට් ඇන්ඩ් නෝ හවු ඉට් ඊස් බෙනිෆිෂල්?". සම්ප්‍රවේශය 16 මාර්තු 2019.
"https://si.wikipedia.org/w/index.php?title=අවර-එන්ජිම_සැලසුම&oldid=617139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි