අල් කුර්ආන් පාරායනය කරන පාසල් හෙවත් මද්රසා
13වන සියවසට අදාල කුර් ආන් ග්‍රන්ථයක සුරා 33.73 පිටුවෙන් උපුටා ගන්නා ලදී. කුර්ආනය පරායනය කරන පාසල් හෙවත් මද්රසාවන් බොහෝමයක අනුගමනය කරන්නේ උස්මාන් (රලි) තුමාගේ අනුකරණයන්ය. එයින් 7ක් සුදුසුය. 3ක් අනුමැතිය සහිත වන අතර අඩු තරමින් 4ක් ගැටළු සහගතය. 8ක් උප පරම්පරාවෙන් පැවති අතර මෙය වෙනස් ආකාර 80කින් පාරායනය කළ හැකිය. තවද එහි ගැටළු සහගත ස්වරූපයෙන් පාරායනා කිරීමේ දී සෑහීමකට පත්විය හැකි අවස්ථා 3ක් ඇත. 1. අක්ෂරයෙන් ආකාරයට ගලපා අනුකරණය කිරීම. 2. අරාබි භාෂාවේ අක්ෂර ගලපා වාක්‍ය ඛණ්ඩ හා සම්පූර්ණ වාක්‍යය තැනීමේ නීති රීතිවලට අනුකූල විය යුතුය. 3. එය මුහම්මද් නබි තුමාගෙන් පැමිණි බවට දැනුම් දෙන්නන්ගේ විශ්වාසවන්ත නාමාවලිය අඛණ්ඩව පවතින “තවාතූර්” හෙවත් නිවැරදි සැකයෙන් තොර දීර්ඝ අඛණ්ඩ නාමාවලියක් පැවතීම අනිවාර්යය වේ. අරාබි භාෂාවේ භාෂා ව්‍යාකරණයට අනුව සමහර වාක්‍ය පාරායනයේ දී එය උච්ඡාරණය කරන ආකාරය (තෂ්කිල්) ගැටළු සහගතය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රියා පදයක වචන උච්ඡාරණය කිරීමේ දී එය සිදු වෙමින් පවතින හෝ සිදුවී අවසන් වූ ක්‍රියාවක් ලෙස වෙනස් විය හැක. එසේම වචනයක් උච්ඡාරණය කිරීමේ දී හුස්ම ගෙන නතර නොකර එය දීර්ඝ ලෙස හෝ කෙටියෙන් පාරායනය කර නැවැත්වීමට නියමිත ස්ථානවල නැවැත්වීම හෝ දිගටම පාරායනය කිරීමේ නීති රීතිවලට එකඟව පිළිපැදිය යුතුය. උදාහරණයක් ලෙස දේව දූතයන්ගේ උසස් “ජීබ්රීල්” (අලෛ) තුමාගේ නම උච්ඡාරණය කරන ආකාර කිහිපයක් ඇත. “ජිබ්රිල්” “ජබ්රිල්” ජිබ්රිඉල්, ජිබ්රඊල් යනුවෙනි. “කුර්ආන්” යන නම උච්ඡාරණය කළ යුත්තේ “හම්ස්” යන අක්ෂරය උපයෝගී කර නොගෙනය. එසේම නබි “ආබ්‍රහම්” නම උච්ඡාණය කිරීමේ දී ඉබ්‍රාහීච් ලෙසය. තවද බොහෝ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘන් වන “හෆ්ස්” “වර්ෂ්”, “කලුෆ්” , සහ “අල්දුර්” යන අයවලුන් මඟින් සඳහන් බව පවසන අබු අම්ර් ගේ අදහසට අනුව මුස්ලිම්වරු තරයේ විශ්වාස කර පිළිගන්නේ මේ හැම ආකාරයකම උච්ඡාරණ ස්වරූප මුහම්මද් නබි (සල්) තුමා උච්ඡාරණය කළ ඉස්ලාමීය නීති රීතිවලට අනුකූල එමෙන්ම මුහම්මද් නබි (සල්) තුමාගේ රුවන් වැකි වන පොත් කර පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් දනු විශ්වාසවන්ත අයගේ නාමාවලිය අඛණ්ඩව පැවති බවට පිළිගත් හා පිලිපැදී ක්‍රමයන් ඉස්ලාමීය නීති රීතිවලට එකඟ හා අනුකුලය. මෙම භය භක්තියෙන් පිරුණු විශ්වය ජනක පාරායනාවන් සරල පැහැදිලි කිරීමක් ලෙස වෙනස් අර්ථ ලබා දෙන වාක්‍ය හෙවත් ආයත් වේ. අද බොහෝමයක් ජනයා අනුගමනය කරන අනුකරණ ක්‍රමය වන්නේ දස පනත වන පොත් කර ගත් ක්‍රමයයි. මෙය මුස්ලිම්වරු අතර විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති බව නොරහසකි. මාලික් බින් අකස් සඳහන් කරන පරිදි වෙනස් උච්ඡාරණ විධි අනුගමනය කරන පිළිවෙත ගැන ශුද්ධ නබි තුමා ගෙන හැර දක්වා ඇති ආකාරයක් අබ්දුර්රහ්මාන් ඉබ්න් අබ්දි අල්කාරි මෙසේ පවසයි. මා ඉදිරියේ උමර් ඉබ්නු කන්තාබ් මෙසේ කීය. හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් සුරා ෆර්කාන් කියවූ ආකාරය මම අසා සිටියෙමි. එය මම කියවන ආකාරයට වඩා වෙනස් විය. තවද මුහම්මද් නබි තුමා එම සුරාව මා ඉදිරියේ පාරායනය කළේය. නබි තුමා එය පාරායනය කිරීම ඇසූ විගස එය කියවූ විලාසය ග්‍රහණය කර ගැනීම මට අවශ්‍ය විය. කෙසේ වෙතත් නබි තුමා නැමදීම අවසන් කරන තුරු ඉවත සිට කබායෙන් අල්ලා නතර කර මෙසේ ඇසුවෙමි. හිෂාව් ඉබ්නු හකීම් ඉබ්න් හිසාම් සුරා ෆුර්කානය ඔබ මට පාරායනය කර පෙන්වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකට පාරායනය කළේය. එවිට ඔහුව නිදහසේ සිටීමට ඉඩ හරින ලෙස උමර් (රලි) ට පවසා හාෂිව් දෙසට හැරී “කියවන්න” යනුවෙන් පැවසීය. එවිට උමර් (රලි) තුමා හාෂීම් වා ඉදිරියේ කියවූ ආකාරයටම සුරා ෆුර්කාන් කියවන ලදී. යනුවෙන් පැවසීය. එය එසේ පහල වූ බව නබි තුමා පැවසීය. එවිට නබි තුමා එය පාරායනය කරන ලෙස මට පැවසූ නිසා මම ද පාරායනය කළෙමි. එය ද මෙසේ පහල වූ බව නබි තුමා පවසා ශුද්ධ වූ අල් කුර්ආනය පාරායනය කළ හැකි ආකාර 7ක් ඇති බවත් එයින් තමන්ට පහසු ඕනෑම ආකාරයකට පාරායන කිරීම සුදුසු බවත් පැවසීය. පහලොස් වන ශත වර්ෂයේ සුප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ සුයුති ලියා ඇති තොරතුරු අනුව ඉහත සඳහන් හදීසය වෙනස් වූ ආකාර 40කට ඇති බව ගවේෂණය කර ඇත. ඔහු පවසන්නේ තමන් නිගමනය කර ඇති ආකාරයට මෙම හදීසය සමහර අවස්ථාවල තේරුම් ගැනීම අපහසු බවය. බොහෝ අයගේ අදහස වන්නේ වෙනස් ආකාරවලට පාරායනය කිරීමේ දී ගැටළු සහගත අවස්ථා මතු වන බවය. අබු අබ්දුර්රහ්මාන් අල් සුලාමි සඳහන් කරන්නේ අබුබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) සහ සෛයිද් ඉබ්නු සාබිත් ඇතුළු නබි තුමා සමඟ මක්කාමෙන් මදීනාවට ගිය සංක්‍රමණිකයන් සහ මදීනාවාසීන් පාරායනය කළ ආකාර සමානය. කිරාත් අල් අම්මාන් ලෙස හැඳින්වෙන මෙම පාරායනා ක්‍රමය එනම් නබි තුමා කාල ක්‍රියා අවුරුද්දේ ජබ්රීල් (අලෛ) දෙවරක් පාරායනා කර පෙන්වූ පරිදිය. සෛද් ඉබ්නු සාබිත් (රලි) තුමා ද පාරායනය කලේ අර්ධාහි ආකිරා නම් වු එම ක්‍රමයටම වූ අතර ඔහුගේ අවසානය දක්වාම මිනිසුන්ට පාරායනය කර පෙන්වූයේ දමෙම ක්‍රමයටමය. ඉබ්නු සීරීන් පවසන්නේ අද ජනතාව අල් කුර්ආනය පාරායනය කරන්නේ ද එදා ජිබ්රීල් (අලෛ) තුමා මුහම්මද් නබි (සල්) තුමාගේ අවසාන අවුරුද්දේ පාරායනය කර පෙන්වූ ආකාරයටමය. ජාවද් අහමද් ගාමදී උපුටා දක්වනනේ අල් කුර්ආනය පාරායනය කළ හැකි ආකාර ඇත්තේ එකක් වන අතර එය කිරාත් හෆ්ස් නොහොත් ව්‍යවහාර භාෂාවෙන් කිරාත් අල් - අම්මාහ් වේ. එදා මුහම්මද් නබි තුමාට අල් කුර්ආනය පහල වූණේ නබි තුමාගේ ගෝත්‍රය වන කුරෛෂ් ගෝත්‍රයටම ආවේණික වූ භාෂාවෙනි. කෙසේ වෙතත් හෆ්ස් හෙවත් කිරාත් අල් අම්මාහ් ලෙස හැඳින්වෙන ක්‍රමයට පාරායනය කිරීමේ දී ඉරාක් හී කුෆා වැසියන් පාරායනය කරන ක්‍රමය නබි තුමා ජීවත් වූ නගරයේ වැසියන් වන මදීනා වාසීන් පාරායනය කළ ක්‍රමයට වඩා මඳක් ගැටළු සහගත බව හඳුනාගෙන ඇත. මදීනා වැසියන් පාරායනය කරන්නේ “නාෆී” ක්‍රමයට බවත් එය අනුගමනය කිරීමක් බවත් මාලික් ඉම්ම් තුමා පවසා ඇත. තවද කුරෛෂ්වරු අරාබි භාෂාව භාවිතා කරන විලාසයට අනුව හම්ස් යන අක්ෂරය භාවිතා කරන ආකාරයට වඩා අඩුවෙන් හිජාස් ප්‍රාන්තයේ අරාබිවරු යොදා ගන්නා නිසා “නාෆි” ක්‍රමයට පාරායනා කිරීමට මඟ පාදා ඇත. “හෆ්ස්” ක්‍රමයට පාරායනා කිරීමේ දී හම්ස් යන අක්ෂරය අනෙකුත් සලකුණුවලට වඩා වැඩි බලපෑමක් කර ඇත. කෙසේ වෙතත් හිජාස්, හුදෛයිල්, මක්කා, මදීනාවල ජීවත් වන වැසියන් හම්ස් අක්ෂරය නිතරම භාවිතා කරන්නේ නැත. ඉෂා ඉබ්නු උමර් පවසන්නේ තමීම් නැමැත්තා හම්ස් උපයෝගී කරගෙන පාරායනය කළ අතර හිජාස් වැසියන් එය සාහිත්‍ය ප්‍රබන්ධනය වැනි අවශ්‍ය අවස්ථාවලදී පමණක් උපයෝගී කර ගෙන ඇත. සමස්ථයක් වශයෙන් ගත් කළ හම්ස් උපයෝගී කරගත් හජ්ද් ප්‍රාන්ථ වැසියන්ගේ ප්‍රබන්ධවල කුෆා වාසීන්ගේ භාෂා ක්‍රමය හා පාරායනය කරන ක්‍රමය ගැබ්වී ඇති අතර මදීනා වැසියන්ගේ ප්‍රබන්ධවල හිජාස් ප්‍රාන්ථ වැසියනගේ හා කුරෛෂ්වරුන්ගේ පාරායනය කරන ක්‍රමය වන “නාෆී” ක්‍රමයට අනුකූල වන පරිදි “හම්ස්” යොදා ගැනීමට වග බලාගෙන ඇත. කෙසේ වෙතත් අරාබි භාෂාව ගැන මනා නිපුණත්වයක් ඇති විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ අල් කුර්ආන් පාරායනය කිරිමේ දී යොදා ගත හැකි පාරායනය ක්‍රමය එකක් අනෙකට වඩා උසස් නොවන අතර ඒ සඳහා යෙදා ගැනීමට ඇති ක්‍රම හතෙන් එකක් යොදා ගෙන පාරායනය කිරීම සලාතයේ දී සුදුසු බවයි. බොහෝ විට ගැටළු සහගත තත්වයන් යටතේ පාරායනය කළ අල් කුර් ආන් පිටපත උස්මාන් (රලි) තුමාගේ පිටපත සැසඳීමේ දී එම ක්‍රමය නීතියක් ලෙස සලාතයේ දී පාරායනා කිරීමට උපයෝගී කරගත හැකි නමුත් එය කුර්ආන් අර්ථ විවරණය සඳහා සුදුසු නොවුණත් යම් කිසා ආයතනයක් හෙවත් වාක්‍යයක් පැහැදිලි කිරීමට තර්කානුකූලව යොදා ගත හැක.