අනුෂ්කා වීරසිංහ
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
අනුෂ්කා වීරසිංහ හෝ හේමමාලි යනු ශ්‍රී ලංකාවේ කොළඹ ඉපදුණු සුප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ ලේඛිකාවකි. ප්‍රෙන්ටයිස් පෝල් ප්‍රකාශකයන් මගින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට ඇය විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශනයට පත් කිරීම තුළින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ඇයට ලබා දී ඇත.[තහවුරු කරන්න]
චරිතාපදානය[සංස්කරණය]
කොළඹ උපත ලද අනුෂ්කා ඇයගේ උසස් අධ්‍යාපනය සිදු කර ඇත්තේ U.K හා USA විශ්ව විද්‍යාලවලදීය. ඇයට ආර්ථික විද්‍යාව පිළිපඳ ලන්ඩන් පාසලේ හා U.K දේශපාලන විද්‍යාවෙහි ගෞරව උපාධි ඇති අතර USA හි හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිදරයෙකි. හාවඩි විශ්ව විදළ්‍යාලයේ අධිකාරීන් විසින් ඍජුවම ඇයට ක්ෂුද්‍ර පරිගණක හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ආරාධනා කරනු ලැබීය.
තවද ඇය , අන්තර්ජාතික නිරූපණ හා හැකියා සංගමය , නිව් යෝර්ක් මගින් විලාසිතා නිර්මාණ කරණය සඳහා හා හොඳම සිනාව සඳහා වූ සම්මානය ඇතුළත් නිරූපණය සඳහා වූ සම්මාන ද ජයග්‍රහණය කර ඇත.[තහවුරු කරන්න]
වෘත්තීය ජීවිතය[සංස්කරණය]
ඇය ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පොත් 30 ට වඩා ලියා ඇති අතර ඉන් සමහරක් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. ඇය විසින් ලියන ලද ග්‍රන්ථ රට පුරා පාසල්වල, අධ්‍යාපනික ආයතනවල හා පුස්තකාලවල භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.[තහවුරු කරන්න]
වැඩ කටයුතු[සංස්කරණය]
· Visually Learn PC, Prentice Hall-India [5] · On Your Marks…Net…Set…Go! Surviving in an e-world!, Prentice Hall-India, 1st edition(2004) [6] · Microchip Militant, Publish America (October 2004) [7]