අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අනුරාාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛතම පාසලකි.

“අනුරාධපුර මධ්‍ය විද්‍යාලය” උතුරු මැද පළාතේ ඇති මිශ්‍ර පාසලකි. එය ද්වියිතික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසලක්ද වේ.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

අනුරාධපුරයේ හදවත ලෙස සලකන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පිහිට තිබෙන්නේ උතුරු මැද පළාතේ අගනුවර වන අනුරාධපුර නගරයේ ය. එය 1947 ජූලි මාස 21 වන දින ආර්.එල්.එන්. ද සොයිසා මහතාගේ මුල් පිරීම යටතේ වර්තමානයේ රත්මලේ තිස්ස මහා විද්‍යාලය පිහිටා තිබෙන ස්ථානයේදී පිහිටුවා ඇත. එය 1947 ජූලි මස 21 ක් වන දින ආරම්භ වූයේ එකල අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් සැලසු නිදහස් අධ්‍යාපනය ලබා දීමටයි. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 34 ට ඇතුලත් වේ. ආර්.එල්.එන්. ද සොයිසා මහතා මෙහි පළමු විදුහල්පතිතුමා විය. එවකට මෙහි ගුරුවරුන් 7 දෙනෙකු සහ සිසුන් 20 දෙනෙකු සිටියහ.