අන්තර්ජාතික සංවර්ධන සංගමය

විකිපීඩියා වෙතින්
අන්තර්ජාතික සංවර්ධන සංගමය
සංස්ථාපනය1960
වර්ගයසංවර්ධන මුල්‍යමය ආයතන
අභිප්‍රායසංවර්ධනය සදහා අනුග්‍රහය ලබාදීම හා දරිද්‍රතාව අවමකිරීම
මූලස්ථානයවොෂින්ග්ටන් නුවර
Membership
රටවල් 172
ලෝක බැංකු සභාපති
ජිම් යොන්ග් කිම් මහතා
පීතෘ සංවිධානය
ලෝක බැංකුව
වෙබ් අඩවියworldbank.org/ida

අන්තර්ජාතික සංවර්ධන සංගමය යනු ඉතා දිළිදු , සංවර්ධනය වෙමින් පවතින රට වලට සහනදායි ණය සහ දීමනා ලබා දෙන අන්තර්ජාතික මුල්‍යමය ආයතනයකි.මෙය ලෝක බැංකු සමුහයහි සාමාජිකයකු වන අතර මෙහි මුලස්ථානය එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් වල පිහිට ඇත.1960 වර්ෂයේදී පිහිටවනු ලැබූ මෙහි මුලික අරමුණ වුයේ අවම ඒක පුද්ගල අදායමක් සහ අවම දල ජාතික අදායමක් සහිත සංවර්දනය වෙමින් පවතින දිළිදු රටවල් සදහා ණය ආධාර ලබා දිමයි. අන්තර්ජාතික සංවර්ධන සංගමය සහ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික බැංකුවහි එකතුවෙන් ලෝක බැංකුව නිර්මාණය වී ඇත.[1][2][3][4]

මෙම සංවිධානය ලෝක බැංකුවහි පරමාර්ථය වන දරිද්‍රතාව අවම කිරීම සදහා මුලිකත්වය ගනිමින් ක්‍රියා කරනු ලබයි.[5] අන්තර්ජාතික සංවර්ධන සංගමයේ මුලික අරමුණ වනුයේ දුප්පත් බවින් පෙලෙන ජාතීන්ට තම දරිද්‍රතාව අවම කිරීමටත්,ඒවාට ඉක්මන් සංවර්ධනයක් ලබාදීමත්,සාධාරණත්වයෙන් නොනැසී පැවතීමටත් ආධාර කිරීමයි.[6]ලෝකයේ දිළිදුම ජාතීන්ගේ ආර්ථික සහ මානුෂිය සංවර්ධන ව්‍යපෘති වලට විශාල මුදල් ආධාර ලබා දෙන එකම ආයතනයයි.



ඉතිහාසය[සංස්කරණය]

1940,1950 කාල වකවානුව තුල අඩු අදායම්ලාභී රටවල් තවදුරටත් තම මුල්‍ය ප්‍රතිපාදන, ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික බැංකුව මගින් ණයට ලබාගත නොහැකි බවත්, ඊට වඩා වාසිදායක කොන්දේසි වල අවශ්‍යතාවයන් තිදින් දැනෙන්නටත් විය.[7]1949 ඇමරිකානු ජනාධිපති වූ හැරී එස් ට්රුමන් මහතා විසින් පත්කරන ලද උපදේශක කමිටුවේ යෝජනා මත දියුණුවෙමින් පවතින රටවල් ශක්තිමත් කිරීමටත්(විශේෂයෙන්ම නැගෙනහිර කොටසට අයත් රටවල්)අනෙකුත් කොමියුනිස්ට් වාදී රාජ්‍යන් සමග එකතුව ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනා ලදී.[8]නමුත් ඇමරිකානු රාජ්‍ය මේ පිලිබදව ප්‍රතිචාර දැක්වීම දිනෙන් දිනම කල් ගිය අතර ,කොරියානු යුද්ධය ආරම්භවීමත් සමග නොසලකා හරිනු ලැබිණි. සංවර්ධනය වෙමින් පවතිනා රටවල් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික බැංකුව වෙතින් ණය ආධාර ලබාගැනීමේ අසීරුතා හේතුවෙන් තවදුරටත් අපහසුතාවට පත් විය.[8]1940-1950 කාල සිමාව තුල එම රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුනට තාෂණික සහාය සහ සහන මුදල් ලබාගැනීම සදහා නියෝජිත ආයතනයක් පත්කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය.1954 වන විට මේ සදහා අන්තර්ජාතික මුල්‍ය සමායතනය නමින් වැඩපිළිවෙලක් පිහිටුවා එයට පිටුබල සැපයීම සිදු විය.1956 වන විට මෙය වෙනුවට නැවතත් වඩා වාසිදායක අන්දමින් මුල්‍ය ආධාර ලබාගැනීමේ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරමින් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික බැංකුව සමග සම්බන්ධව අන්තර්ජාතික සංවර්ධන සංගමය නමින් ආයතනයක් පිහිටුවීමට යෝජනා කරනු ලබනා ලදී.[8] 1958 වසරෙදී සෙනට් මණ්ඩලයේ අනුමැතියද මිට ලැබුණු අතර අනෙකුත් රටවල්ද මේ පිලිබදව අවදානය යොමු කර 1959 වන විට ගිවිසුම් අත්සන් තැබිණි. 1960 ජනවාරි අග වන විට රටවල් 15 ක් මෙම ගිවිසුමට අත්සන් තබා අන්තර්ජාතික සංවර්ධන සංගමය පිහිටුවන ලදී.මෙම අවුරුද්දෙම සැත්තැම්බර් මස වන විට අරම්භක අරමුදල ඩොලර් මිලියන 913 ක් වෙමින් ආයතනය ක්‍රියාත්මක විය.මීලග මාස 8 ඇතුලත අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජික රටවල් ගණන 51 දක්වා වැඩිවූ අතර මිලියන 101 (2012 දී වටිනාකමින් ඩොලර් මිලියන 784.2 ක් ) සංවර්ධනය වෙමින් පවතින රටවල් 4 කට ලබාදෙන ලදී.[9]).[10][11] අන්තර්ජාතික සංවර්ධන සංගමය අගයනු ලබන්නේ නිදහස් ඇගයුම් සංගමය මගිනි.[12]2009 වර්ෂයේදී මෙමගින් වංචනික ආකාරයට අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ආදිය ලබනා ව්‍යපෘති කිහිපයක් හදුනාගත් අතර එමගින් මෙම ආයතනයේ පාලන ක්‍රමවේද වල පවතිනා දුර්වලතා හදුනා ගන්න ලදී.

පාලනය[සංස්කරණය]

අන්තර්ජාතික සංවර්ධන සංගමය ලෝක බැංකුවහි පාලක මණ්ඩලය මගින් පාලනය වනු ලබන අතර එක් රටකින් එක් පාලක නිලදාරියෙක්(බොහෝ විට අදාල රටහි මුදල් අමාත්‍ය වරයා) බැගින් අඩංගු වන පරිදි මෙම පාලකයින් පිරිස වාර්ෂිකව රැස්වේ.මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය විධායක අධ්‍යක්ෂකවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය ලෝක බැංකුවහි සභාපති මගින් උසුලයි.මෙම විධායක අධ්‍යක්ෂක අධ්‍යක්ෂක වරුන් මගින් සමුහිකව ලෝක බැංකුවහි සාමාජිකත්වය දරනා 187 වන තම මුළු සාමාජිකයින් ගණන සහ අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය දරනා 172 වන තම සාමාජිකයින් ගණන නිරුපනය කරයි.මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති මගින් අන්තර්ජාතික සංවර්ධන සංගමයේ දෛනික ක්‍රියාවලිය මෙන්ම එහි සමස්ත ක්‍රියාවලියම පාලනය වේ.2012 වර්ෂයේ සිට ලෝක බැංකුවහි සභාපතිත්වය ජිම් යොන්ග් කිම් මහතා විසින් උසුලනු ලබයි.

සාමාජිකත්වය[සංස්කරණය]

ගොනුව:අන්තර්ජාතික සංවර්ධන සංගමයට අයත් රටවල්.png
----------------අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජික රාජ්‍යන්----------------

අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය දරනා රටවල් සංඛ්‍යාව 172 වන අතර මෙම සංගමය මගින් රටවල් 81 සදහා දැනටමත් ණය ආධාර ලබාදී ඇති අතර ඉන් හරි අඩකට වඩා අප්‍රිකානු රටවල් වීම විශේෂ සිදුවීමකි.අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැක්කේ ලෝක බැංකුවහි සාමාජිකත්වය හිමි රට වලට පමණි.[13] [14]මෙම සංවිධානය මගින් ණය ආධාර ලබා දීම සදහා එම රටහි ඒක පුද්ගල අදායම ඩොලර් 1.175 නොඉක්මවිය යුතුය.

අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබාගත් රටවල්[සංස්කරණය]

පහත දැක්වෙනුයේ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා ඇති රටවල් වේ.[15]

  • ඇල්බේනියාව (2008)
  • ඇස්ර්බෛජං (2011)
  • බොට්ස්වනා (1974)
  • චිලි (1961)
  • චීනය (1999)
  • කොලොම්බියාව (1962)
  • චොස්ට රිචා (1962)
  • ඩොමිනිකන් රිපබ්ලික් (1973)
  • එකුඅදෝර් (1974)
  • ඊජිප්තුව (1999)
  • එල් සැල්වදෝරය (1977)
  • එකුඇටොරිඅල් ගුඉනි(අ)ව (1999)
  • ඉන්දුනීසියාව (2008)
  • ජෝර්දානය (1978)
  • මකෙදෝනියාව (2002)
  • මෞරිටි(අ)ස් (1975)
  • මොන්ටෙනිග්රෝව (2008)
  • මොරොක්කෝව (1975)
  • පැරගුවේ (1977)
  • පිලිපීනය (1993)
  • සෙන්ට් කිට්ස් සහ නෙවිස් (1994)
  • සර්බිරියව (2007)
  • දකුණු කොරියාව (1973)
  • ස්විස්ටර්ලන්තය (1975)
  • සිරියාව (1974)
  • තායිලන්තය (1979)
  • ටුනිසියාව (1977)
  • තුර්කිය (1973)

අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම ප්‍රතික්ෂේප වූ රටවල්[සංස්කරණය]

පහත දැක්වෙනුයේ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා නොමැති හෝ අර්ධ වශයෙන් සුදුසුකම් සපුරා ඇති රටවල් වේ.[15]

  • කමෙරූන් (1994)
  • කොන්ගෝව (1994)
  • කොටේ ද'ඉවොඉරේ (1992)
  • හොන්ඩුරාස් (1991)
  • නිකරගු(ආ) (1991)
  • නයිජීරියාව (1989)
  • පපුවා නිව් ගිනීයාව (2003, සාමාන්‍ය සුදුසුකම් ඇති )
  • සිම්බාබ්වේ (1992)

මේ ලිපිත් බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. International Development Association. "What is IDA?". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
  2. Coppola, Damon P. (2011). Introduction to International Disaster Management, 2nd Edition. Oxford, UK: Butterworth-Heinemann. ISBN 978-0-75-067982-4.
  3. Sanford, Jonathan E. (2002). "World Bank: IDA Loans or IDA Grants?". World Development. 30 (5): 741–762. සම්ප්‍රවේශය 2012-08-02.
  4. Dreher, Axel; Sturm, Jan-Egbert; Vreeland, James Raymond (2009). "Development aid and international politics: Does membership on the UN Security Council influence World Bank decisions?". Journal of Development Economics. 88 (1): 1–18. සම්ප්‍රවේශය 2012-08-02.
  5. "World Bank (IBRD & IDA) Lending". Bank Information Center. සම්ප්‍රවේශය 2012-07-01.
  6. Moss, Todd; Standley, Scott; Birdsall, Nancy (2004). "Double-standards, debt treatment, and World Bank country classification: The case of Nigeria" (PDF). Center for Global Development. 2012-05-28 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-07-02. {{cite journal}}: Cite journal requires |journal= (help)
  7. International Development Association. "History of IDA". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
  8. 8.0 8.1 8.2 Gwin, Catherine (1997). "U.S. Relations with the World Bank, 1945-1992". in Kapur, Devesh. The World Bank: Its First Half Century. Washington, D.C.: The Brookings Institute. . 
  9. "CPI Inflation Calculator". U.S. Bureau of Labor Statistics. සම්ප්‍රවේශය 2012-06-20.
  10. International Development Association. "IDA: Historic Timeline". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
  11. International Development Association (1960). IDA Articles of Agreement (PDF) (Report). World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
  12. "Forgotten sibling". The Economist. 2009-04-23. සම්ප්‍රවේශය 2012-07-02.
  13. International Development Association. "Borrowing Countries". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
  14. World Bank Group. "Member Countries". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-14.
  15. 15.0 15.1 International Development Association. "IDA Graduates". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-03.

බාහිර සබැඳුම්[සංස්කරණය]