අන්ටෝනි ෆන් ලේවන්හුක්

විකිපීඩියා වෙතින්
අන්ටෝනි ෆන් ලේවන්හුක්

අන්ටෝනි ෆිලිප්ස් ෆන් ලේවන්හුක් ( ඕලන්ද භාෂාවෙන් අන්තෝනි, ඇන්ටනි, හෝ තෙයුනිස්, ඉංග්‍රීසියෙන්, ඇන්ටනි හෝ ඇන්ටන් ලෙසින්ද හැඳින්වෙන;[1] ඉංග්‍රීසි උච්චාරණය: /ˈleɪvənhʊk/, ඕලන්ද: [ˈɑntoːni vɑn ˈleːuə(n)ˌɦuk] ( අසන්න); ඔක්තොම්බර 24, 1632 – අගෝස්තු 26, 1723) යනු නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් වෙතින්වූ ඕලන්ද වෙළෙන්දෙක් සහ විද්‍යාඥයෙක් විය. ඔහු සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ "ක්ෂුද්‍රජීව විද්‍යාවේ පියා" ලෙසින් වන අතර, පළමු ක්ෂුද්‍රජීව විද්‍යාඥයා ලෙසින් සැලකේ. ඔහු වඩාත් ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ අන්වීක්ෂය වැඩිදියුණු කිරීම වෙනුවෙන්වූ ඔහුගේ දායකත්වය නිසා සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිහිටුවීම වස් ඔහුගේ දායකත්වයන් නිසාය. ඔහු විසින් සියතින්ම තැනූ අන්වීක්ෂ උපයෝගී කරගනිමින්, ඔහු විසින් එකල මුලින්ම ක්ෂුද්‍ර ප්‍රාණින් ලෙසින් සහ, වර්තමානයේ ක්ෂුද්‍ර ජීවින් ලෙසින්ද හැඳින්වෙන, ඒක සෛලික ජීවින් නිරික්ෂණය කළ හා විස්කර කළ පළමු පුද්ගලයා ඔහු විය. පේශි තන්තු, බැක්ටීරියා, ශුක්‍රාණු සහ කේශනාලිකා (කුඩා රුධිර වාහිනී) තුල රුධිරය වහනය වීම පිළිබඳ අන්වීක්ෂීය නිරික්ෂණ සටහන් කළ පළමුවැන්නාද ඔහු විය. ෆන් ලේවන්හුක් කිසිදු ග්‍රන්ථයක් රචනා නොකළ මුත්, හේ බොහෝ ලිපි ලිවීය.

අන්වීක්ෂය හා මුල් ඇලලීම්[සංස්කරණය]

ෆන් ලේවන්හුක්ගේ අන්වීක්ෂයේ අනුරුවක්

අන්වීක්ෂ පිළිබඳ ෆන් ලේවන්හුක්ගේ රුචිය සහ වීදුරු සැකසුම පිළිබඳ ඔහුගේ දැනුම නිසා විද්‍යාවේ ඉතිහාසයෙහි මහත්වූ වැදගත් තාක්ෂණික හෙළිදරව් අතුරින් එකක් මෙන්ම බෙහෙවින් සැඟවුනු සොයාගැනීමක් වෙත පූර්වාගමනය කිරීමට හැකි විය.

අධෝසටහන්[සංස්කරණය]

  1. ලේවන්හුක් බව්තිස්ම කෙරුණේ තෝනිස් ලෙසින් වන අතර හැම විටම ඔහුගේ අත්සන යෙදුවේ අන්ටොනිජ් ලෙසින් වන අතර එය නූතන ඉංග්‍රීසියේ ඇන්ටනි යන නමට අනුරූප වෙයි. ඔහුගේ දුන් නම ඇන්ටන්, ඇන්තොන්, ඇන්තනි, ඇන්ටොනී, ඇන්ටනි, ඇන්තනී, ඇන්ටොනි, අන්ටොනියෝ සහ ඇන්තොනි ලෙසින් ද ලියූ බවක් නිරික්ෂණය කර ඇත. එවිට තමා වැදගත් පුද්ගයෙකු බව සිතූ ලේවන්හුක්, 1686දී ෆන් යන්නක් ඔහුගේ නමට එක් කර ගත්තේය. http://www.archief.delft.nl/ සංරක්ෂණය කළ පිටපත 2011-10-03 at the Wayback Machine බලන්න
"https://si.wikipedia.org/w/index.php?title=අන්ටෝනි_ෆන්_ලේවන්හුක්&oldid=591220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි