අධිභෞතිකවාදය

විකිපීඩියා වෙතින්

අධිභෞතික වාදය[සංස්කරණය]

අධ්‍යාත්ම විද්‍යාව - භාවනා හා යෝගී අභ්‍යාස මගින් පුද්ගල ආත්මය උසස් තත්වයනට පත්කරගැනීම. චිත්ත ශක්තිය දියුනුකිරීම.

මනෝ විද්‍යාව[සංස්කරණය]

සිතුවිලි හා හැගීම් -චිත්ත හා චෛතසික ක්‍රියාකාරිත්වය, ඉගෙනීම, ආකල්ප හා හුරු පුරුදු හා පීඩන ඇතිවන අන්දම හැදෑරීමඅධිභෞතික වාදය හා මනෝවිශ්ලේෂණය

අධිමනෝවිද්‍යාව[සංස්කරණය]

අධිමනෝවිද්‍යාව යනු ටෙලිපති, ප්‍රාග් ප්‍රජානනය (යමක් පිළිබඳ කලින් දැන සිටීම), අනාගත

සංජානනය/දිවැස, චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම, මරණාසන්න අත්දැකීම්,

පුනරුත්පත්තිය, අවතාර පිළිබඳ අත්දැකීම්, පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන,

මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා

ගවේෂණවලට පරිබාහිර අද්භූත හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු

කෙරෙන ව්‍යාජ විද්‍යාව (විද්‍යාත්මකව තහවුරු කල නොහැකි දෑ පිළිබඳ විද්‍යාව)කි.

ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා

බැලීමට ප්‍රයත්න දරා ඇත‍.

පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් විශ්ව විද්‍යාල ආශ්‍රීතව අධිමනෝවිද්‍යා

පර්යේෂණ විවිධ ක්‍රම මගින් පර්යේෂණ සහ ක්ෂේත්‍ර කාර්යයන් ආශ්‍රීතව පදනම් වී ඇත.

වර්තමානයේ පෙරට වඩා විශ්ව විද්‍යාල මගින් ලබා දෙන දායකත්වය අඩු වී ඇත. මෙම

ගවේෂණයන් විශේෂ අධිමනෝවිද්‍යා ප්‍රකාශනවල පලවන ලිපි අතර ස්වල්පයක් පමණක්

විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ එන සඟරාවල පල වේ. අධිමනෝවිද්‍යාඥයින් කරනු ලබන ප්‍රධාන

පර්යේෂණයන් ලෙස අහඹු අංක උපදවනය මගින් මනෝ චලනයන් ද , උත්තේජනය නැති

කිරීමේ ගෑනිස්ෆීල්ඩ් ගවේෂණය මගින් ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය ද දුරස්ථ දර්ශන සඳහා

ඇමරිකානු එක්සත් ජනපදයේ ආධාර සහිතව කරනු ලබන ගවේෂණයන් ද හැඳින්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=අධිභෞතිකවාදය&oldid=472710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි