Jump to content

අණුක ජීව විද්‍යා‍වේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

අණුක ජීව විද්‍යාව ඉතිහාසය

අණුක ජීව විද්‍යාවේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දී පමණ විවිධ ජීව විද්‍යා විෂය පථ වල එකතුවීමෙනි. එනම් ජීව රසායනය , ජාන විද්‍යාව ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ වෛයිරස පිළිබඳ විද්‍යාව ආදියයි.

මූලික අවධියේ දී ජීවිතය ගැන වටහා ගැනීමට බොහෝ භෞතික සහ රසායන විද්‍යාඥයෝඅණුක ජීව විද්‍යාවෙන් කුමන දෙයක් දැන ගැනීමට හැකිවේදැයි උත්සුක වූහ.

නූතන අවධියේ දී අණුක ජීව විද්‍යාව මගින් ජීවය නැමති සංසිද්ධිය විස්තර කිරීම සඳහා ජීවයේ පදනම වන මහා අණුවල ගති ලක්ෂණ හැදෑරීම සිදුකෙරේ. අණුක ජීව විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක් වූ ඉතා විශාල අණු; කාණ්ඩ 2 කට වර්ග කර ඇත.

1. නියුක්ලික් අම්ල - මේවායින් වඩාත්ම ජනප්‍රිය, DNA (ඩිඔක්සි රයිබෝස් නියුක්ලික්) අම්ලයයි. මෙම අම්ලය ජානවල ප්‍රධානතම සංඝටකයයි.
2. ප්‍රෝටීන - ජීවීන් තුළ ප්‍රධානම ක්‍රියාකාරී සංඝටකය

අණුකජීව විද්‍යාව පිළිබඳ එක් අර්ථ දැක්වීමක් වන්නේ ඉහත දැක්වූ මහා අණු කාණ්ඩ 2හි ක්‍රියාකාරිත්වය, සබඳතාවය සහ ව්‍යුහය විදහා දැක්වීමයි. මෙම අර්ථ දැක්වීම අඩු තරමින් විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටින අණුක විප්ලවයට දිනයක් තහවුරු කිරීමට හෝ එහි මූලික සංවර්ධන සඳහා කාලරාමුව තහවුරු කිරීමට හෝ සෑහේ.

අණුක ජීව විද්‍යාව ගොඩනැගීම හා රොක්ෆෙලර් පදනමේ වොරන් වීවර් (1938) නම් විද්‍යාඥයාගේ නාමය එකිනෙක හා බැඳී පවතී. 1910 දී ප්‍රවේණිය පිළිබඳ මැන්ඩලියන් ක්‍රෝමසෝම වාදය සහ පරමාණුකවාදය ද 1920 දී ක්වොන්ටම් යාන්ත්‍රණය ද ඉදිරිපත් වීමෙන් පසු, අණුක ජීව විද්‍යාව මුලින්ම විද්‍යාමාන වන්නේ වෙනමම විෂය ක්ෂේත්‍රයකට වඩා ජීවයේ භෞතික සහ රසායනික පදනම පිළිබඳ හුදු පැහැදිලි කිරීමක් වශයෙනි.

විවර් සහ අනෙක් අය ජීව විද්‍යාව , රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර අන්තර්ජේදනය වන පරිදි හෙවත් එම ක්ෂේත්‍ර 3නම උපයෝගී කර ගනිමින් පර්යේෂණ පැවැත්වීම ස්ථාපනය කළ අතර ප්‍රමුඛ භෞතික විද්‍යාඥයෝ වන නීල්ස් බෝර්, අර්වින් ශ්රූඩ්න්ගර් වැනි අය ජීව විද්‍යා කල්පිත (අනුමාන කිරීම්) දිශාවට ඔවුන්ගේ අවධානය යොමු කරන ලදී. කෙසේ වෙතත් 1930 සහ 1940 යන කාලය තුළ මෙබඳු අන්තර් විෂය පර්යේෂණ අතරින් කිනම් ඒවා ඵල දරනු ඇතිද යන්න අපැහැදිලි විය.නමුත් කොලොයිඩ රසායනය, ස්පටික විද්‍යාව, ජීව භෞතික විද්‍යාව සහ විකිරණ ජීව විද්‍යාව සහ අනෙකුත් නැගීඑන ක්ෂේත්‍රයන් ප්‍රතිඵල ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු තිබිනි.

1940 දී ජෝර්ජ් බීඩල් සහ එඩ්වර්ඩ් ටැටුම්, ජාන සහ ප්‍රෝටීන අතර ඇති සබඳතාවය පැහැදිලි කරන ලදී. ජාන විද්‍යාව හා ජීව රසායනය සම්බන්ධ කරමින් ඔවුන් සිදුකළ පර්යේශන වල දී සාමාන්‍යයෙන් ආදර්ශ විශේෂය ලෙස භාවිතා වූ Drosophila (ඩ්‍රොසපිලා) වෙනුවට වඩාත් යෝග්‍ය ආදර්ශ ජීවියෙකු වශයෙන්Neurospora (නියුරොස්පොරා) දිලීරය භාවිතා කළ අතර අණුක ජීව විද්‍යාව වර්ධනය වීමේ දී මෙලෙස නව ආදර්ශ ජීවීන් භාවිතය සහ අධ්‍යයනය සිදුවේ.

නිවුයෝර්ක් හි රොක්ෆෙලර් ආයතනයේ සිටි ඔස්වල්ඩ් ඒවරි 1944 දී ජාන, DNA වලින් සෑදී ඇති බව ආදර්ශනය කළේය. 1952 දී ඇල්ප්‍රඩ් හර්ෂි සහ මාර්තා චේස් බැක්ටීරියෝෆේජ් වෛරසයේ (බැක්ටීරියා ආසාදනය කරන වෛරස විශේෂයක්) ජාන, DNA වලින් නිර්මිත බව තහවුරු කළේය. ජේම්ස් වොට්සන් සහ ෆැන්සිස් ක්‍රීක් DNA අනුව ද්විත්ව හෙලික්සිය ව්‍යුහයක් දරන බව සොයා ගත්තේය. 1961 දී ෆැරැන්කෝස් ජාකොබ් සහ ජැකෙස් මොනොඩ් විසින් DNA සහ ඉන් නිපදවන ප්‍රෝටීන් ව්‍යුහය අතර අතරමැදි අණුවක් ලෙස සැලකෙන පණිවුඩකාර RNA (messenger RNA/mRNA) අණුව පිළිබඳ කල්පිතයක් එලිදැක්වීය. 1961 සහ 1965 කාලය තුළ DNA අණුව සහ ප්‍රෝටීන ව්‍යුහය අතර සබඳතාවය නිර්ණය කරන ලදී. DNA අණුවෙහි ඇතිජාන කේතය හෙවත් DNA අණුවක ඇති නියුක්ලියෝටයිඩ අනුපිළිවල මගින් අනුරූප ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල නිර්ණය කරනු ලබයි.1960 වසර ආරම්භයේ දී පමණ මොනොඩ් සහ ජාකොබ් විසින් එක්තරා ප්‍රෝටීන විශේෂයක් වන “යාමක ප්‍රෝටීන” ; DNA හි ඇති ජාන අද්දරින් එල්ළී ගෙන පණිවුඩකාර RNA(mRNA) තුළට ජාන පිටපත් කිරීමේ කාර්යය පාලනය කරන ආකාරය ආදර්ශනය කරන ලදී. මෙය ජාන ප්‍රකාශනය නමි.

අණුක ජීව විද්‍යාවේ ප්‍රධාන සොයාගැනීම් අවු 25 පමණ කාලයක් තුළ සිදු කෙරිණි. සංකීර්ණ ජීවීන් තුළ ඇති ජාන එකලා කිරීම සහ ඒවායේ ගති ලක්ෂණ හැදෑරීමට අවැසි තාක්ෂණය ද එක්ව දැනට ජාන ඉංජිනේරු තාක්ෂණය නමින් හැඳින්වෙන නූතන විෂය බිහිවීමට තවත් අවුරුදු 15 පමණ කාලයක් අවශ්‍ය විය.


http://en.wikipedia.org/wiki/History_of_molecular_biology