අඟහරු මත ජීවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉ‍ලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් ALH84001 උල්කාෂ්ම කැබලිවල බැක්ටීරියා වැනි ව්‍යුහ අනාවරණය කර ඇත.

අඟහරු ග්‍රහයා‍ගේ පෘථිවියට ඇති සමීපත්වය සහ සමානකම් අනුව එහි ජීවය පැවතී‍‍මේ හැකියාව පිළිබඳ විද්‍යාඥයන් දිගු කාලයක සිට අනුමාන කරති. අඟහරුමත ‍‍මේ වන විටත් ජීවය පවතී ද, එසේ නැති නම් මීට ‍‍ ‍‍‍පෙර එහි ජීවය පැවතියා ද යන්න අදටද විවෘත ප්‍රශ්නයකි.

පුරාණ විමර්ශණ[සංස්කරණය]

අඟහරුගේ ධ්‍රැව අයිස් වැස්ම 17 ශතවර්ෂයේ මැද භාගයේ දී පමණ අධ්‍යයනයට ලක්වූ අතර ඒවා විලියම් හර්ෂල් විසින් 18 වන ශත වර්ෂයේ අගභාගයේදී ග්‍රීෂ්ම හා ශීත කාලවලදී මාරුවෙන් මාරුවට වර්ධනයට හා හැකිලීමට භාජනය වන බව සොයාගන්නා ලදී. 19 වන ශත වර්ෂයේ මැද භාගයේදී අඟහරු පෘථිවියට සමානකම් දක්වන ලක්ෂණ තිබෙන බව තාරකා විද්‍යාඥයින් දැන සිටියහ. උදාහරණ ලෙස අඟහරුගේ දවසක් පෘථිවි දවසකට සමාන වීම දැක්විය හැක. එහි අක්ෂීය ඇලය පෘථිවියට සමාන අතර එම නිසා එහි සෘතු විපර්යාස පෘථිවියට ‍ෙබහෙවින් සමාන වුවද, අඟහරුගේ වැඩි පරිභ්‍රමණ කාලය නිසා‍ ඒවා අතර කාල ප්‍රාන්තර සාපේක්ෂව දෙගුණයක් පමණ වේ. මේවා අධ්‍යයනයන් තුළින්, අඳුරු ඇල්විඩෝවන් ජලය ලෙස ද දීප්තිමත් ඒවා භූමිය ලෙසද අනුමාණයක් වර්ධනය විය. එමනිසා අඟහරු මත යම් ආකාරයක ජීවයක් ඇති බවට විශ්වාසයන් පළවීම ස්වභාවික විය.

1854 දී විද්‍යාඥයා (Scientist) යන නාමය ජනප්‍රිය කළ කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ෆිල්ප් ලොයිටර්ටන්, අඟහරුමත මුහුදු හා ජීවය පවතින බවට සෛද්ධාන්තිකව ප්‍රකාශ කළේය. 19 ශත වර්ෂයේ අග භාගයේ දී දූරේක්ෂ මගින් සිදු කෙරුණු නිරීක්ෂණ මගින් දර්ශනය වූ ඇල මාර්ගයන් නිසා අඟහරුමත ජීවය පිළිබඳ අනුමාණයන්ට නව ප්‍රබෝදයක් ලැබුණි. නමුත් මේවා දෘෂ්ටිමායාවන් බව පසුව අනාවරණය කර ගන්නා ලදී. එසේ වුවුද 1895 දී “Mars and it’s Canals” කෘතිය පල කළ ඇමරිකානු තාරකා විද්‍යාඥ පර්සිවල් ලොවෙල් ප්‍රකාශ කළේ මෙම ඇළ මාර්ග අතීතයේ විසූ ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයක් බවය. මෙම අදහස් බ්‍රිතාන්‍ය ලේඛක “H.G. Wells” 1897 දී “The war of the world” කෘතිය ලිවීමට පෙලඹ වූ අතර,එහි අඟහරුගේ වියළීම (ශෝෂණය) නිසා පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණි අඟහරු ජීවීන් ගැන සඳහන් වෙයි.

අඟහරුගේ වායුගෝලයේ තවදුරටත් ඔක්සිජන් හෝ ජලය නොපවතින බවට ඇමරිකා‍නු තාරකා විද්‍යාඥ විලියම් වොලස් කැම්ප්බෙල් (William Wallace Campbell) විසින් 1894 දී වර්ණාවලි නිරීක්ෂණය මගින් පෙන්වා දුන්නේය. 1909 දී සිදු කෙරුණු වඩාත් ප්‍රබල දූරේක්ෂ නිරීක්ෂණ මගින් හා 1877 සිට ඇති වූ හොඳම අපහේලික විරෝධය හේතුවෙන් ඇල මාර්ග පිළිබඳව අදහසට නැවතීමේ තිත තබන ලදී.

මැරිනර් 4[සංස්කරණය]

1965 දී මැරිනර් 4 ගවේෂණයෙන් ගන්නා ලද ඡායාරූපවලින් දක්නට ලැබුණේ අඟහරු ගංගා හෝ සාගර හෝ ජීවය පිළිබඳ සලකුණක්වත් නැති වියළි , නිසරු ග්‍රහලොවක් බවයි. තව දුරටත් අනාවරණය වූ කරුණක් නම් (ඡායාරූපගත කරන ලද ප්‍රදේශයෙන්) අඟහරුගේ පෘෂ්ඨය ආවාටවලින් ගහණ වීමය. මින් තහවුරු වනුයේ එහි පෘෂ්ඨය මත පසුගිය වසර බිලියන 4 පුරාවට කිසිදු ඉදිකිරීමක් හෝ කාලගුණ විෂමතා නිසා සිදුවූ පාංශු ඛාදනයක් හෝ සිදුවී නොමැති බවයි. එසේම , ‍ ගවේෂණ යානයෙන් ලද ‍තොරතුරුවලින් හෙළි වූ තවත් කරුණක් නම් අඟහරු පෘෂ්ඨය ජීවයට අතිශය අහිතකර වන කොස්මික් කිරණවලින් ආරක්ෂා කිරීම සඳහා ග්‍රහලොවට චුම්භක ක්ෂේත්‍රයක් පිහිටා නොතිබීමය. එහි වායුගෝල පීඩනය ද මිලිබාර් 4 – 7 දක්වා වූ ඉතා අඩු අගයක් විය. අරුත නම් , අඟහරු මත ද්‍රව ජලයට පැවතිය නොහැකි බවයි. මැරිනර් 4න් පසු අඟහරු මත ජීවය සෙවීමේ පරීක්ෂණ නවමු මගකට යොමු වුණි. බහු සෛලික ජීවයන් සෙවීම අතහැර ගවේෂණයන් ඒක සෛලික බැක්ටීරියා වැනි ජීවයක් පවතී දැයි පරීක්ෂණ පවත්වන්නට විය. මන්ද යත් , බහුසෛලික ජීවයක් පැවතීම උදෙසා අඟහරු පෘෂ්ඨය අතිශය කර්කෂ වූ බැවිනි.

අඟහරු මත ජීවය පිළිබඳ වයිකින්ග් පරීක්ෂණ[සංස්කරණය]

වයිකින්ග් යානයෙන් ලබාගත් ඡායාරූපයකි

1970 වසරේ මැදභාගයේ සිදුකරන ලද වයිකින්ග් ගවේෂණයේ මූලික අරමුණ වූයේ එම යානයේ සවිකොට තිබුණා වූ කුඩා සෙවුම් උපකරණ භාවිතයෙන් අගහරුගේ මතුපිට ජීවයක් පවතීදැයි සොයා බැලීමයි. මෙම උපකරණ විශේෂයෙන් සැලසුම් කොට තිබුණේ අගහරුගේ පස තුළ යම් ක්ෂුද්‍ර මට්ටමේ ජීවයක් පවතී නම් ඒවා හසුකර ගැනීමට හැකි වන පරිදි වේ. මෙම ගවේෂණයේ කාර්යයන් වඩාත්ම අපහසු කළ සාධකය වූයේ අගහරු මතුපිට තත්ත්වයන් පිළිබදව නාසා විද්‍යාඥයන් තුළ වූ අල්ප දැනුමයි. මැරිනර්-4 ගවේෂණයෙන් ලද තොරතුරු අනුව ගොණුකරගත් සීමිත දැනුම හමුවේ නාසා ආයතනය වයිකින්ග් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පෘථිවියට සමාන ජීවී තත්වයන් පරීක්ෂා කිරීම පිණිසය. කෙසේ වුවද , සිදුකරන ලද්දා වූ ප්‍රධාන පරීක්ෂණ හතරෙහි ප්‍රතිඵලවලට අනුව පෙන්නුම් කළේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීම වැඩිවී ඇති බවයි. පස තුළ ජලය හා පෝෂ්‍ය පදාර්ථ සෙවීමේ පරීක්ෂණ අතරතුර දී මේ බැව් තහවුරු විය. අගහරු මතුපිට ජීවය පැවති බවට මෙය සාධකයක් බව කියැවුණ ද ඇතැම් විද්‍යාඥයන් මෙය ප්‍රතික්ෂේප කළේය. ඒ පසෙහි වන සුපිරි ඔක්සයිඩ සෑදිය හැකි රසායනිකයන් හේතුවෙන් ද මෙසේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීමට සිදුවිය හැකි බව පවසමිනි. ඔවුන්ගේ තර්කය වූයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවීම ජීවයක් නැතිව වුවද සිදුවිය හැකි බවයි. නමුත් තම මතය තහවුරු කිරීම පිණිස නාසා ආයතනය තර්ක කළේය. ඒ ගවේෂණ යානයේ වූ වායු වර්ණාවලීක්ෂයට හසුවීම තරම් විශාල ප්‍රමාණයක් පරිවෘත්තීය ජීවීන් පරීක්ෂාකළ පස් නියැදියේ නොසිටි බව පවසමිනි. වයිකින්ග් ව්‍යාපෘති සැලසුම්කරුවකු වූ “ගිල්බර්ට් ලෙවින්” මෙම ප්‍රකාශනයට සහය පළ කළේය. ඒ වයිකින්ග් ව්‍යාපෘතියේ අරමුණ වූයේ අගහරු මතුපිට ජීවයකට පැවතිය හැකි සාධක තිබේදැයි පරීක්ෂා කිරීම විනා ජීවීන් සිටීදැයි පරීක්ෂා කිරීම නොවූ බව පවසමිනි.

කාල් සාගන් විසින් මීළඟ වයිකින්ග් යානයේ අනුරුව පෙන්වමින්

තිස් වසරක් පැරණි වයිකින්ග් ගවේෂණ දත්ත නැවත විමර්ශණය කිරීමේදී යොදාගත් නූතන ජීව - රසායන ක්‍රමවේදවලදී යෝජනා වූයේ වයිකින්ග් ගවේෂණය සදහා යොදාගත් තාක්ෂණය ජීවයක් හැදින ගැනීම සදහා ප්‍රමාණවත් නොවූ බවයි. නැතහොත් ඇතැම් විට යොදාගත් ක්‍රමවේද නිසා නියැදිවල සිටි ජීව පදාර්ථ මිය යන්නට ඇති බවයි. මින් ගම්‍යවන ප්‍රධානතම අදහස වනුයේ අගහරු මත වූ ජීවය එහි ඇති අධි ප්‍රමාණයක් වූ ඔක්සයිඩ හා හයිඩ්රජන්පෙරොක්සයිඩ හේතුවෙන් විනාශ වී යාම වෙනුවට එම තත්වයන් තමන්ගේ පැවැත්ම සදහා කළමණාකරණය කරගන්නට ඇති බවයි. උදාහරණයක් ලෙස , හයිඩ්රජන් පෙරොක්සයිඩ්, ජල අණුවක් -500C ට වඩා සීත වීමට ඉඩ නොහරී. මෙය ජලාකර්ෂණ තත්වයකි. එනම් , වියළි ග්‍රහලොවක් මත වන ජීවයට හිතකර තත්ත්වයකි. ඇසිටික් ඇසිඩ් බැක්ටීරියා ගණයට අයත්වන Acetobacter peroxidans නම් පෙරොක්සයිඩය. මේ සඳහා වූ ප්‍රකට උදාහරණයකි.

එසේම තවත් තර්කයක් වනුයේ , වයිකින්ග් යානය ගොඩ බැස්සවීමේදී එම යානය මගින් නිකුත් කළ තාප තෙරපුම් හේතුවෙන් අවට වූ ජීවය විනාශ වී යන්නට ඇති බවයි.

ෆීනික්ස් අභ්‍යාවකාශ යානයේ ක්‍රියාන්විතය[සංස්කරණය]

ෆීනික්ස් අභ්‍යවකාශ යානය සිත්තරෙකුගේ සංකල්පයක්

ෆීනික්ස් ක්‍රියාන්විතය විසින් ටෙලිරොබෝවෙකු 2008 මැයි මාසයේ දී අගහරුගේ ධ්‍රැව ප්‍රදේශ මතට ගොඩ බස්වනු ඇත. මෙම මෙහෙවරට මූලික අරමුණු 2 ක් පවතී. එකක් නම් ක්ෂුද්‍ර ජීවීන් වාසය කිරීමට ඉඩ ඇතැයි සැලකෙන අගහරුගේ ප්‍රචාරණ පාෂාණ මත ජීවීන්ට ජීවත්වීමට සුදුසු ප්‍රදේශ ඇත්දැයි පරීක්ෂා කිරීමය. අනෙක අගහරු මත ඇති ජලයේ භූවිද්‍යාත්මක ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කිරීමයි. මෙම යාත්‍රාවට ප්‍රචාරණ පාෂාණ මත 0.5m පමණ අගලක් කැනිය හැකි 2.5m දිග රොබෝ අතක් ඇත. මෙම අතෙහි කැමරාවක් සවිකර ඇති අතර එමගින් විශ්ලේෂණය සදහා ද්‍රව්‍යය සාම්පල යානය වෙතට ගෙන ඒමේ දී කොරොස්ස මත ද්‍රව්‍යය සාම්පල ඇත්දැයි නිසැකවම දර්ශනය කරගත හැක. මෙමගින් වයිකින් යානාවන්හි නිර්මාණකරණයේ දී වූ විශාල අතපසුවීමක් මගහරවා‍ගෙන ඇත.

මෙම යානාව සතුව 10 ppb දක්වා වාෂ්පශීලී කාබනික සංයෝග අනාවරණය කරගත හැකි විශාල වර්ණාවලිමානයක් , ආලෝක අන්වීක්ෂයක් හා පරමාණුක බල අන්වීක්ෂයක් ඇත. උපකරණ නිවැරදිව ක්‍රියා කළහොත් අගහරු මත ඇති ඔක්සිහාරක වර්ග හා එහි ප්‍රමාණික බව ප්‍රචාරණ පාෂාණවල ඇති අයන පිළිබදව විද්‍යාඥයින්ට දැනගත හැකිවන පරිදි විද්‍යුත් රසායනික පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත. මේ අතර නාසා විද්‍යාඥ කැරොල් ස්ට්‍රොකර් විසින් අගහරු මත ඇති ඔක්සිකාරක අක්ෂාංශ මත වෙනස් බව වාර්තාකරණ ලදී. ඒ වයිකින් 1 ට වඩා වයිකින් 2 දී සුළු ඔක්සිකාරක ප්‍රමාණයක් දැකීමෙනි.ඒ එය වඩාත් උතුරට වන්නට පිහිටීම නිසා බව කියා සිටී. ෆීනික්ස් ගොඩබස්සවනු ඇත්තේ වඩාත් උතුරට වන්නටය. ෆීනික්ස් ගොඩ බසින ප්‍රදේශයේ මණ්ඩි බැස්මේ (අවසාදන) සීඝ්‍රතාවය වැඩි නිසා අඩුම තරමේ අවුරුදු 50000 ක් හෝ සමහර විට අවුරුදු මිලියන ගණනක් පැරණි සාම්පල් ගෙන ඒමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ. අතීතයේ අගහරු මත දේශගුණය වඩාත් උණුසුම්ව තිබුණු නිසා ඕනෑම ආකාරයක ජීවයක් පැවතීයේ යැයි සිතීමට මෙම පරීක්ෂණය ඉතා වැදගත් එකක් වෙතැයි ස්ට්‍රොකර් පවසයි.

පාත්පයින්ඩර් රෝවරය හෝ වායු බෑග මගින් කුෂන් කළ (air bag – cushioned) කැප්සූල භාවිතා කළ අගහරු ගවේෂක රෝවර (Mars Exploration Rovers) මෙන් නොව , රොකට් අපද්‍රව්‍ය මගින් වයිකින්ග් ගොඩ බැසූ ස්ථාන දුෂණය වූ බවට විරෝධතා එල්ල වූවද ෆීනික්ස් යානය ද ගොඩ බසිනු ඇත්තේ වයිකින්ග් ගොඩබැසූ ආකාරයමටය.

පෙර කළ 1965 තාරකා විද්‍යාඥයන් විසින් කළ දුරේක්ෂ නිරීක්ෂණවලට අනුව ෆීනික්ස් මගින් අගහරු මත ජීවය සොයා ගැනීමට ඉතා හොද හැකියාවක් ඇති බවට Imminent Discovery නම් පොතෙහි සමහර පර්යේෂ‍කයන් අදහස් දක්වා ඇත. 1962 දී අර්ල් සී. ස්ලිෆර් විසින් රචිත ‘MARS “ The photographic story’ නම් පොතෙහි ඔහු “අගහරුගේ ධ්‍රැව වැස්මේ සීමාවන්හි තදින් පැතිර පවතින අදුරු නිල් පැහැති පටියක් ගැන විස්තර කරයි. මෙම අභිරහස විසදිය හැකි ස්ථානයක ෆීනික්ස් ගොඩ බසිනු ඇත.

අඟහරු මත ජීවය පරීක්ෂා කිරීමේ ක්‍රියාන්විතයන්[සංස්කරණය]

නාසා ආයතනය විසින් අගහරුමත ජීවය පිළිබද ගැටළුවලට පිළිතුරු දිය හැකිවන පරිදි 2016 දී නක්ෂත්‍ර ජීව විද්‍යාත්මක විද්‍යාගාරයක් (Astrobiology Field laboratory) දියත් කිරීමට සැලසුම් කරමින් පවතී. මෙම මෙහෙවරේදී කුමන ආකාරයේ පරීක්ෂණ සිදු කෙරෙනු ඇත් ද යන්න තීරණය කරනු ලබන්නේ අගහරු ගවේෂණ හා අයබර විශ්ලේෂණ කණ්ඩායම (Mars Exploration and Payload Analysis Group) විසිනි.

නූතන සොයාගැනීම්[සංස්කරණය]

අඟහරු මත අතීතයේ පැවතියා යැයි උපකල්පිත ජලය සිත්තරුන්ගේ ඇසින්.

1990 අගභාගයේ දී Mars Globle Surveyor මඟින් සිදු කළ සොයා බැලීම් විසින්. (පෘථිවියේ මෙන් නොව) , අඟහරු මත තව දුරටත් තහවුරු කළ හැකි ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් නොමැති බවත්, එමනිසා ජීවීන්ට අහිතකර කොස්මික් කිරණ පෘෂ්ඨය මතට පතිතවන බවත් තහවුරු කළේය. තවද පසුගිය අවුරුදු බිලියන කිහිපය තුළදී අඟහරුගේ ක්ෂය වී ඇති ගෝලීය චුම්භක ක්ෂේත්‍රය හේතුවෙන්, සූර්ය සුළං විසින් අඟහරුගේ වායුගෝලය විනාශ කර ඇති බවට විද්‍යාඥයෝ සැක කරති.


උල්කාෂ්ම[සංස්කරණය]

මෑත කා‍ලයේ “ALH84001 අඟහරු උල්කාෂ්මය (Mateorite) පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයන මඟින් විවිධ අනුමානයන් විශාල ප්‍රමාණයක් කර ඇති අතර එය මත ෆොසීලකරණය වූ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට තහවුරු කොට ඇත. වෙනත් විද්‍යාඥයින් පසුව රසායනික ක්‍රියාදාම මත පමණක් පදනම්ව මෙම සොයාගැනීම් පැහැදිලි ‍කිරීමට නැඹුරු විය. මේ දෙ‍ක‍ම විද්‍යාත්මක ප්‍රජාව තුළ විශාල විවාදයන්ට බඳුන් වෙමින් පවතී. “නක්ලා” උල්කාෂ්මය වැනි අඟහරුගේ වෙනත් උල්කාෂ්මවල ජීවය පවා පැවතිය හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබුණ ද 2008 වන තෙක්ම ඒ පිළිබඳ සාක්ෂි හමු වී නැත.


Extremophile[සංස්කරණය]

අඟහරු මත extremophile පැවතීමට තවත් සාක්ෂි හමුවන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙනි. අඟහරුගේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල අඳුරු වැටි වාර්ෂික ඇතිවීම් හා නැතිවීම්වලට ජීව විද්‍යාත්මක සාධකයක් ඇති බවට යෝජනා වී ඇත.

Haloarchaea අඟහරු මත පැවතිය හැකි තවත් ආකාරයක ජීවයක් බවට යෝජනා වී ඇත. මන්ද අඟහරුගේ වායු පීඩනය ජලයේ ත්‍රික ලක්ෂ්‍යයට වඩා අඩු නිසා මිරිදිය ජීවීන්ට පැවතිය නොහැක.


අඟහරු මත ද්‍රව ජලය[සංස්කරණය]

වයිකින්ග් ගෙන් පසුව කිසිඳු යානයක් අඟහරු‍ගේ ප්‍රාචරණ පාෂාණ ජීවීය ලකුණු පිළිබඳව කෙලින්ම පරීක්ෂණයකට ලක්කර නැත. නාසාහි මෑත ක්‍රියාන්විත තවත් ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අතීතයේ අඟහරු මත ජලාශ හෝ සමුදුරු අතීතයේ තිබුණේ ද යන්නයි. ජලය නිසා ඇති වන ඛනිජයක් වන හිමටයිට් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. මෙය විවිධාකාර භූ විද්‍යාත්මක හැඩ ගැසීම්වල ප්‍රතිඵලයක් බව බොහෝ විද්‍යාඥයින් කලක් තිස්සේ සිටිය ද තවත් අදහස් ද ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස සුළං ඛාදනය, ඔක්සිජන් සමුදුරු දැක්විය හැක. මෙලෙස 2004 අඟහරු ගවේෂණ රෝවර්වල කාර්යය වූයේ වර්තමාන හෝ අතීත ජීවය පිළිබඳ සොයා බැලීම නොව අතීතයේ දී තිබූ ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි සොයා බැලීමය.

2000 ජුනි මාසයේ දී අඟහරු පෘෂ්ඨයට යට ජලය ගලායන විට ඇතිවන පීලි ආකාර පවතින බවට සාක්ෂි හමුවිය. ග්‍රහලොවේ ද්‍රව මාධ්‍යය ආසන්නයේ ගැඹුරු උප පෘෂ්ඨ ජල තැන්පතු වර්තමාන ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත. කෙසේ වුවද 2006 මාර්තුවලදී තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මත ද මෙයට සමාන පීලි ඇති බව සොයා ගන්නා ලද අතර මේවායේ ද්‍රව ජලය කිසිදා නොපැවතුණු බව විශ්වාස කෙරේ. මෙම පීලි ක්ෂුද්‍ර උල්කාෂ්ම ගැටීම්වල ප්‍රතිඵලයක් බව දැන් විද්‍යාඥයින් යෝජනා කරයි. අතීතයේ අඟහරු තෙත් ග්‍රහලොවක්ව පැවති බව රෝවර් යානය සාක්ෂි සොයාගත් බව 2004 දී නාසා ආයතනය නිවේදනය කළේය. මෙමඟින් අතීත ජීවය පිළිබඳ තොරතුරු සොයාගත හැකැයි බලාපො‍රොත්තු ඉහළ නැංවුණි.

2006 දෙසැම්බර් මාසයේ දී අඟහරු මතුපිට වරින්වර ජලය ගැලූ බවට සැක කළ හැකි ඡායාරූප “Mars Global Surveyor” මඟින් සොයා ගත්තේය. මේවා ඇත්ත වශනේම ජලය ගලා යනු පෙන්නුම් කළේ නැත. මේවා පෙන්ණුම් කළේ ආවාට හා ‍රොන් මඩ නැත්පතු වූ අතර එමඟින් ජලය අවුරුදු කිහිපයකට පෙර ඒවා මතින් ගලාගිය බවය, සමහර විට දැන් පවා ගලා යන බව දැනට හමු වූ ප්‍රබලතම සාක්ෂි පෙන්වයි. අභ්‍යවකාශ යානා මඟින් දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ වෙන්සවීම් වලට හේතුව ද්‍රව ජලය බව වන මතය පිළිබඳ සමහර විද්‍යාඥයින් සැක පහළ කරති. වැලි හා දූවිලි වැනි ද්‍රව්‍ය පවා ගැලීම් නිසා මෙයට සමාන ප්‍රතිඵල ඇති විය හැකි බව ඔවුන් පවසති. මෙම සොයා ගැනීම් “journal science” හි 2006 දෙසැම්බර් 8 දී ප්‍රකාශනය කළේය.


අඟහරු මත මෙතේන්[සංස්කරණය]

මෙතේන් වායුවට අඟහරු වායුගෝලයේ අවුරුදු සිය ගණනකට වඩා පැවතිය නොහැකි නිසා එහි වර්තමාන පැවැත්මෙන් පෙනී යන්නේ එය හඳුනා නොගත් ගිනි කඳු හෝ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් නැවත පිරී යන බව හෝ පෘථිවියේ දක්නට ලැබෙන ආකාරයේ extremophile ජීවයක් විසින් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය කරමින් මෙතේන් නිෂ්පාදනය කරන බවය.

1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත් හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.

Mars water.JPG

2004 මාර්තු මාසයේ දී මාර්ස් එක්‍ස්ප්‍රෙස් නම් කක්ෂගතESA යානාව,අඟහරු වායුගොලයේ මෙතේන් අනාවරණය කරගත් බවට අනාවරණය කළේය. මෙය 2003 දී එක්සත් රාජධානියේ හවායි හි අධෝරක්ත දුරේක්ෂය හා චිලීහි “ජෙමිනි සවුත්” පරීක්ෂණාගාරය මඟින් කළ පරීක්ෂණ මඟින් අනුමාණ කර තිබිණි.

ද්‍රව ජලය හා ඔලිවයින් ඛනිජය අන්තර් ක්‍රියා කොට සර්පන්‍ටයින්කරණය නම් විශේෂ ක්‍රියාවලියක් ය‍ටතේ සර්පන්ටයින් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියක් අඟහරුගේ උපපෘෂ්ඨ තුළ සිදුවන බවත් එම නිසා නිරීක්ෂණ පැහැදිලි කිරීමට තරම් මෙතේන් නිපදවෙන බවත් සමහරුන්ගේ මතයයි.

අඟහරු පෙබරවාරිහි දී European Space Agency’s Mars Express Orbiter හි Planetary Fourier Spectrometer (PFS) මඟින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ප්‍රමාණයක ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණයක් අනාවරණය කරගත් අතර මෙය ක්ෂුද්‍ර ජීවයක් පැවතීමට වැනි වෙනත් පැහැදිලි කිරීම්වලට ප්‍රබල ඉඟියක් විය.

මෙම ප්‍රකාශ විද්‍යාත්මක ප්‍රජාව තුළ බරපතල ලෙස විවාදයට බඳුන් වෙමින් පවතී. මෙම මිණුම් ගැන සැක පහල කරන විද්‍යාඥයින් පවසා සිටින්නේ PFS මඟින් ලැබුණු දත්ත වැරදි අර්ථ කථනයකට භාජනය වී ඇති බවයි.



අඟහරු මත ඇමෝනියා[සංස්කරණය]

අඟහරු වායුගෝලයේ දී ඇ‍මෝනියා අස්ථායී අතර පවතින්නේ පැය කිහිපයක් පමණි. “ජීවයේ සබඳතාවයක් නොමැතිව අඟහරු වායුගෝලයේ ඇමෝනියා පැවතිය හැකි ක්‍රමයක් නැත”යි වරක් නාසා විද්‍යාඥයෙක් ප්‍රකාශ කළේය. මෙම නිසා අඟහරු මත ජීවයක් පවතී ද යන විවාදයට ඇමෝනියා අනාවරණය ඉතා වැදගත් වනු ඇත.

1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත්හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.

2004 ජුලි මාසයේ දී Planetory Fourier Spectrometer (PFS) හි භාරකරු විද්‍යාඥ විටෝරියෝ ‍ෆෝමිසානෝ ,ළඟඳීම පැවැත්වීමට යන සම්මන්ත්‍රණයක දී ඇමෝනියා අනාවරණය පිළිබඳව ප්‍රකාශ කිරීමට යන බවට කට කතා පැතිර යන්නට විය. නමුත් එබන්දක් සොයාගෙන නැති බවට පසුව පැහැදිලි විය. තවද ‍කාබන්ඩයොක්සයිඩ් වලින් ඇමෝනියා වෙන් කර ගැනීමට PFS ට නොහැකි බව ද පසුව සමහරු ප්‍රකාශ කළහ.


අඟහරු මත සිලිකා[සංස්කරණය]

2007 මැයි මාසයේ දී ස්පිරිට් අඟහරු රෝවරයට ජීවයට ඉතා සුදුසු වූ අතීත පරිසරයක් ගැන සාක්ෂි හමු වූ බව විද්‍යාඥයන් පවසති. මෙය උණු ජල බුබුළු හෝ වාෂ්ප ගිනි කඳු පාෂාණ හා ගැටෙන විට ඇති වන සංසිද්ධිය සිහි කරවන සුළුය. පෘථිවිය මත දී මෙවැනි ස්ථාන බැක්ටීරියා බහුලව පවතින බව රෝවර් ප්‍රධාන විද්‍යාඥ ස්ටීව් ස්ක්වයර්ස් පවසයි. “අපි මේ පිළිබඳව උද්‍යෝගිමත්ව සිටිනවා” ඔහු ඇමරිකානු භූ භෞතික එකමුතුවේ (AGU) රැස්වීමක ප්‍රකාශ ක‍ලේය. මෙම ප්‍රදේශය වීදුරු තැනීම සඳහා ගන්නා ප්‍රධාන සංඝටකය වන සිලිකාවලින් ඉතා පොහොසත්ය. මෙම දීප්තිමත් මූලද්‍රව්‍ය නිෂ්පාදනය වීමට ක්‍රම 2ක් ඇති බවට විද්‍යාඥයන් නිශ්චය කර ඇත. පළමුවැන්න, ජලය මඟින් සිලිකා දිය කොට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමෙන් උණු බුබුළු තැන්පත් වීම (උණු දිය උල්පත්) දෙවැන්න, පාෂාණවල ඇති ගැලීම්වලින් ඉහල නඟින ආම්ලික වායූන්ගෙන් ඒවා සංඝටක මූලද්‍රව්‍යවලට වෙන් කරමින් සිලිකා වෙන් කිරීම. වැදගත් දෙය වන්නේ මෙය උපකල්පනයක් වුවද නැත ද, අතීතයේ අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් පැවතුණු බවට ගම්‍ය වීම එසේම පවැතීම”යි. BBC ප්‍රවෘත්ති සේවයට මහාචාර්ය ස්ක්වයර්ස් ප්‍රකාශ කළේය. උණු ජලය මඟින් ක්ෂුද්‍ර ජීවීන්ට පැවතිය හැකි පරිසරයක් නිර්මාණය කෙරෙන අතර සිලිකා තැන්පතු මඟින් ඒවා භූමිගතව ආරක්ෂාව වේ. “ඔබ පෘථිවිය මත උණු වායු බුබුළු හෝ වාමුවකට ගොස් බලන්න. ඒවා ජීවයෙන් පිරී ඇත. ක්ෂුද්‍ර ජීවයෙන්” ස්ක්වයර්ස් පවසයි.

"https://si.wikipedia.org/w/index.php?title=අඟහරු_මත_ජීවය&oldid=403058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි