ඇස්වැස්ම

විකිපීඩියා වෙතින්
(අක්ෂියාවරණය වෙතින් යළි-යොමු කරන ලදි)
චැලෙන්ජර් අභවකාශ ශටලයේ ගගනගාමීන් වූ Richard H. Truly සහ Guion Bluford එහි නිදා සිටින අයුරු. Bluford, පෙරබිමෙහි (උඩු-යටිකුරුව) නිදි ඇස්වැස්මක් පැළඳ සිටී. ගගනගාමීන්ට අභ්‍යවකාශයේ නිදා ගැනීමට අපහසු (විශේෂයෙන් ඔවුන් ආලෝකයට සංවේදී නම්) විය හැක.
නිදි ඇස්වැස්ම

ඇස්වැස්මක් යනු සාමාන්‍යයෙන් රෙදි වලින්, පළඳින්නාගේ පෙනීම අක්‍රිය කිරීම සඳහා ඇස් ආවරණය වන පරිදි හිසෙහි බැඳ ඇති පැළඳුමකි. නිසි ලෙස පැළඳි ඇස්වැස්මකින්, ඇස් විවෘතව තිබියදී පවා පෙනීම වළක්වන අතර, දුර්වල ලෙස පැළඳි හෝ උපක්‍රමශීලී ඇස්වැස්මක් පැළඳ සිටින තැනැත්තාට අවට හෝ ඇස්වැස්ම හරහාම පවා දැකීමට ඉඩ සැලසෙයි.

භාවිත[සංස්කරණය]

රෙදි ඇස්වැස්මකින් දෑස් බැඳගත් කාන්තාවක්

විවිධ යෙදුම්වල ඇස්වැසුම් භාවිතා කළ හැකිය:

  • නිදි ඇස්වැස්මක් ලෙස: අයෙකු නිදා සිටින විට, (විශේෂයෙන් ගුවන් ගමන් වලදී හෝ දිවා කාලයේ නිදා සිටින අය) ආලෝකය ඇසට වැටීම වැලැක්වීම මගින් [1] පරිශීලකයාට ගැඹුරු නින්දක් ලබා ගැනීමට ඉඩ සැලසෙයි. [2] [3] චුම්භක අනුනාද රූප (MRI) පරීක්ෂාවන්ට බඳුන් වන පුද්ගලයන් සඳහා claustrophobia වලින් සහනයක් ලබා දීමටද නිදි ඇස්වැසුම් භාවිතා කරයි.
  • කණාමුට්ටි, අලියාට ඇහැ තැබීම වැනි ක්‍රීඩා වලදී.
  • සටන් කලා අභ්‍යාස සහ බර ඉසිලීම යන වැනි ක්‍රියාකාරකම් වලදී, ස්පර්ශය හෝ ශ්‍රවණය වැනි වෙනත් ඉන්ද්‍රියයන් මත යැපීම දිරිමත් කිරීමට යොදාගැනීම.
  • බාහිර රූපවලට වඩා තමා කෙරෙහි අවධානය යොමු කිරීම වර්ධනය කිරීමට ඇතැම් භාවනා කරම වලදී ඉන්ද්‍රිය සන්වේදනය වැලැක්වීමේ මෙවලමක් ලෙස.
  • පැහැරගැනීමට ලක්වූවෙකු, ප්‍රාණ ඇපකරුවෙකු, සිරකරුවෙකු වැන්නවුන්ට ස්ථාන හෝ පුද්ගලයින් හෝ හඳුනා ගැනීම වළක්වා ගැනීමේ මාර්ගයක් ලෙස.
  • සෞඛ්‍ය හෝ රූපලාවන්‍ය හේතූන් මත අන්ධ පුද්ගලයෙකුගේ ඇස් ආවරණය කිරීම. (අව් කණ්නාඩි සොයා ගත් දා සිට, මෙය බොහෝ සෙයින් අඩු වී ඇත.)
  • මැජික් උපක්‍රමවල මෙවලමක් ලෙස: එක් සුලභ උපක්‍රමයක් වන්නේ යමෙකු ඇස් බැඳගෙන රිය පැදවීම වැනි පෙනීම අවශ්‍ය කාර්යයක් කිරීමයි. [4]
  • දිශානතිය සහ සංචලතා විශේෂඥයින් පුහුණු කිරීමේදී අන්ධභාවය අනුකරණය කිරීමට ආධාරකයක් ලෙස: මෙමගින් ඔවුන් අන්ධභාවය පිළිබඳ සංවේදී අවබෝධය වර්ධනය කර ගන්නා අතර, අවට පරිසරය වෙනත් ඉඳ්‍රියයන්ගෙන් ලැබෙන සන්වේදන භාවිතයෙන් අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ. තවද පෙනීම රහිතව, ඔවුන්ගේ අනෙකුත් ඉන්ද්‍රියයන් මත විශ්වාසය තබා, නිදහසේ, ස්වාධීනව ගමන් කරන ආකාරය ද ඉගෙන ගැනීමට ඇස්වැසුම් භාවිතා කෙරේ.
  • ලිංගික ක්‍රියාකාරකම් වලදී ඇස් බැඳීමට: ඇස්වැසුම් තනිව හෝ මාංචු වැනි අනෙකුත් උපකරන සමඟ "බැඳුම් කට්ටල" ලෙසද අලෙවි කිරීමට ඇත. [5] නමුත් පෙර සූදානමක් රහිත අවස්ථා වලදී මෙවැනි මිලදී ගන්නා විශේෂිත ඇස්වැසුම් වෙනුවට නිවසෙන්ම සොයාගත හැකි රෙදි කැබලි, ටයිපටි, ලේන්සු ආදී අයිතමයන් ද මීට ලෙස යොදාගත හැක.
BDSM ඇස්වැසුම් එකතුවක්.

ඇස්වැස්මක් පැළඳගත්තෙකුට ඔවුනගේ ඉතිරි ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදනයන්ගේ වැඩි දියුණුවීමක් සිදුවී, ශබ්දය, සුවඳ සහ ශාරීරික ස්පර්ශ කෙරෙහි වැඩි අවධානයක් යොමුවන බව කියනු ලැබේ. මෙමඟින් යමෙකුට සිදුවීමට යන දේ නොපෙනෙන බැවින්, දෘශ්‍ය ඉඟි ඉවත් වීමෙන් වැඩි උද්දීපනයක් සහ අපේක්ෂාවක් ලැබෙයි. එවිට මෙම ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි ඉන්ද්‍රියමය දැනුවත්භාවයක් ලැබෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි වින්දනයකූත් ලැබෙන බව කියනු ලැබේ. ඇස්වැස්මක් පැළඳීමට යටහත්ව සිටින්නාගේ විශ්වාසය අවශ්‍ය වේ. තවද, පෙනීම තාවකාලිකව අහිමිවීමෙන් ඇතිවන චිත්තවේගීය ඵල පළිබඳ මනා අවබෝධයකින් ඇස්වැසුම් පැළඳිය යුතුය. [6]

සංකේතවාදය[සංස්කරණය]

ඇස්වැසුම් 15 වන සියවසේ සිට පේන කීම සහ මිථ්‍යා කථා වල ඇතුලක් වූ ප්‍රබල සංකේතයකි.

නීතියේ දී, වාස්තවිකත්වය සහ අපක්ෂපාතීත්වය නියෝජනය කිරීම සඳහා යුක්තියේ ආර්යාව ඇස්වැස්මක් පැළඳ සිටියි. [7]

සංකේතයක් ලෙස ඇස්වැස්ම ටැරෝ සහ වෙනත් පේන කීමේ ක්‍රම වල පොදු තේමාවකි. තවද, ඇස්වැසුම් වින්දිතයන්ගේ තේමාවන්, පැහැදිලි දැක්මකට ප්‍රතිරෝධය පෑම, ප්‍රතික්ෂේප කිරීම් හෝ අදහස් වල සීමිත බව සංකේතාත්මක කළ හැකිය. එය බොහෝ විට සත්‍යයේ සහ අඛණ්ඩතාවයේ පුද්ගලානුබද්ධ/සමාජීය පිරිවැය පිළිබඳව දිවෙන තේමාවන් සමඟ බැඳී ඇත. ඒ හා සමානව, ඇස්වැස්මක නිරූපකය සවිඤ්ඤාණික සහ අවිඥානයේ ද්විකෝටිකය සංකේතවත් කළ හැකි අතර, ඇස්වැස්මක් පැළඳීමෙන් එකතැන පල්වීමක් හෝ අඩු සිහිකල්පනාවක් සංකේතාත්මක කළ හැක. තවද, යමෙකුගේ ඇස්වැස්ම ඉවත් කිරීම යම් පිබිදීමක් හෝ නැවත ඉපදීමක් නියෝජනය කරයි. තවද, යමෙකුගේ සංජානනයට වඩා හැඟීම්වල ලබාදෙන වැදගත්කම පෙන්වාදෙමින්, ඔවුන්ගේ ඉන්ද්‍රියයන්ට වඩා හැඟීමට ඇති සම්බන්ධය ද නියෝජනය කරයි. [8]

මේවාත් බලන්න[සංස්කරණය]

  • අයිපැච්
  • Blinders (blinkers): අශ්වයන් සඳහා

යොමුකිරීම්[සංස්කරණය]

  1. Gooley, Joshua J.; Chamberlain, Kyle; Smith, Kurt A.; Khalsa, Sat Bir S.; Rajaratnam, Shantha M. W.; Van Reen, Eliza; Zeitzer, Jamie M.; Czeisler, Charles A.; Lockley, Steven W. (March 2011). "Exposure to Room Light before Bedtime Suppresses Melatonin Onset and Shortens Melatonin Duration in Humans". The Journal of Clinical Endocrinology and Metabolism. 96 (3): E463–E472. doi:10.1210/jc.2010-2098. ISSN 0021-972X. PMC 3047226. PMID 21193540.
  2. Ellwood, Beth (2023-02-27). "Wearing an eye mask while sleeping improves memory encoding and makes you more alert the next day". PsyPost (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-02-28.
  3. The4. "The Benefits of Silk Sleep Mask". VAZA SILK (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-04-26.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  4. The News Today Online Edition, Of entertainers and blindfolded drivers by Atty. Cyril Regalado (retrieved July 31, 2011)
  5. "blindfold "bondage kit" - Google Search". www.google.com.
  6. NeoVox International Magazine, Psst...pass the handcuffs සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 20, 2008 at the Wayback Machine by Alex Reid, December 22, 2005 (retrieved August 1, 2006)
  7. "Blindfolds in justice". 2018-02-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-12-06.
  8. "Blindfold Symbolic Meanings in the Tarot by Avia from Tarot Teachings". May 7, 2020.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇස්වැස්ම&oldid=627164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි