අංජලී (නිළිය)

විකිපීඩියා වෙතින්
(අංජලි (නිළිය) වෙතින් යළි-යොමු කරන ලදි)
අංජලී
උපත
රැකියාවනිළිය
සක්‍රීය වසර2006-වර්තමානය

අංජලී යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ තෙලිඟු චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු චිත්‍රපට නිළියක සහ නිරූපිකාවකි.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසුව, ඇය මුලින්ම තෙලිඟු චිත්‍රපට දෙකක් සඳහා තෝරාගැනිණි. ඇගේ ප්‍රථම චිත්‍රපටය වූයේ තෙලිඟු චිත්‍රපටයක් වන ෆොටෝ (2006) ය. ඇය ප්‍රේක්ෂකයන්ගේ අවධානයට පාත්‍රවන්නේ කට්ට්‍රදු තමිල් (2007) චිත්‍රපටයෙහි ජීවා සමඟ සිදුකළ රංගනයෙනි. 2010 සහ 2011 වර්ෂවල දී, ඇය අංගාඩි තෙරු සහ එංගේයුම් එප්පෝතුම් චිත්‍රපටවල රංගනය උදෙසා හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිකරගත්තා ය. එසේම අංගාඩි තෙරු හි රංගනය උදෙසා ඇයට තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද හිමි විය. ඉන් අනතුරුව ඇය දෙමළ සිනමාවේ සිටින "දක්ෂතම යොවුන් නිළියන්ගෙන් අයකු" ලෙස සැලකෙන්නට විය.[1][2][3][4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Anjali eyeing mass films?". Sify. සම්ප්‍රවේශය 21 September 2011.
  2. "Anjali wants to do commercial cinema". The Times of India. 17 January 2011. 16 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 September 2011.
  3. "I want people to say there's no one like me". Rediff.com. 15 September 2011. සම්ප්‍රවේශය 21 September 2011.
  4. "Image makeover for Anjali". The Times of India. 20 August 2010. 27 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 September 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

  • Anjali සඳහා IMDb හි ඇති තොරතුරු
"https://si.wikipedia.org/w/index.php?title=අංජලී_(නිළිය)&oldid=591187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි