Jump to content

2004 සුනාමිය

විකිපීඩියා වෙතින්
(2004 ඉන්දීය සාගර භූමිකම්පාව වෙතින් යළි-යොමු කරන ලදි)
2004 ඉන්දීය සාගර භූමිකම්පාව

සුනාමියෙන් දරුණු ලෙස විනාශයට පත්වූ ඉන්දුනීසියාවේ Aceh ප්‍රදේශය
දිනය26 දෙසැම්බර් 2004 (2004-12-26)[1]
සම්භව වේලාව00:58 UTC
විශාලත්වය9.1–9.3 Mw
ගැඹුර30 km (19 mi)[1]
අපිකේන්ද්‍රය3°18′58″N 95°51′14″E / 3.316°N 95.854°E / 3.316; 95.854ඛණ්ඩාංක: 3°18′58″N 95°51′14″E / 3.316°N 95.854°E / 3.316; 95.854[1]
වර්ගයMegathrust
රටවල් හෝ ප්‍රදේශඉන්දුනීසියාව
ශ්‍රී ලංකාව
ඉන්දියාව
තායිලන්තය
මාලදිවයින
සෝමාලියාව
උපරිම තීව්‍රතාවයIX (Violent)[1]
සුනාමි30 මීටර (100 ft)
ආපතිකයන්230,000–280,000 dead and more missing[2][3]

2004 ඉන්දියානු සාගර භූමිකම්පාව එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් UTC පැය 00:58:53ට ඉන්දුනීසියාවේ සුමාත්‍රාහී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා අපිකේන්ද්‍රයේ සිදුවිය. රිච්ටර් පරිමාණයට අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත වූ අතර මර්කලි තීව්‍රතා පරිමාණයට අනූව භූ කම්පාව IX (ප්‍රචණ්ඩ) මට්ටමේ භූ කම්පනයක් ලෙස අරුත් දැක්විණි. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය. 2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත්විය. එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසන අතුරින් එකක් ලෙසද සැළකේ. ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 36000 පමණ වේ.

2004 සුනාමියේ ස්මාරකයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මඩකලපුවේ තිරුත්චෙන්තුර් කෝවිල

මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය.[4] එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතර[5] ඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය.[6] භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුනි.[7]

භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි. ඒ අනූව ලෝක ප්‍රජාව විසින් අමෙරිකා ඩොලර් බිලියන 14 (2004) කට වඩා වැඩි සමස්ථ මානුෂීය අාධාර ප්‍රමාණයක් සුනාමියෙන් හානියට ලක්වූ රටවල් වෙත ලබා දෙමින් සිය සහයෝගය ලබා දීමට කටයුතු කොට තිබුණි.[8] මෙම භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත විය.

භූමි කම්පාව සහ සුනාමිය

[සංස්කරණය]
2004 Indian Ocean
earthquake
ක්‍රි.ව. 2004දී ඉන්දියානු සාගරයේ ඇතිවූ භූමි කම්පාව සහ සුනාමිය
ක්‍රි.ව. 2004දී ඉන්දියානු සාගරයේ ඇතිවූ භූමි කම්පාව සහ සුනාමිය

Animation of tsunami caused by the earthquake showing how it
radiated from the entire length of the 1,600 km (990 mi) rupture


Events

Response

See also

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d "Magnitude 9.1 – OFF THE WEST COAST OF SUMATRA". U.S. Geological Survey. සම්ප්‍රවේශය 26 August 2012.
  2. ^ If the death toll in Myanmar was 400–600 as claimed by dissident groups there, rather than just 61 or 90, more than 230,000 people would have perished in total from the tsunami.
  3. ^ Indian Ocean tsunami anniversary: Memorial events held 26 December 2014, BBC News
  4. ^ NSF: "අැනලයිසිස් ඔෆ් ද සුමාත්‍රා-අන්දමන් එර්ත්ක්වෙක් රිවීල්ස් ලෝන්ගස්ට් ෆෝල්ට් රැප්චර් එවර්"
  5. ^ වෝල්ටන්, මාර්ශා. "සයන්ටිස්ට්: සුමාත්‍රා ක්වේක් ලෝන්ගස්ට් එවර් රෙකොර්ඩඩ් සංරක්ෂණය කළ පිටපත 2012-02-14 at the Wayback Machine." සීඑන්එන්. 20 මැයි 2005
  6. ^ වෙස්ට්, මයිකල්; සැන්චස්, ජෝන් ජේ.; මැක්නට්, ස්ටේ‍ෆන් ආර්. "පිරියෝඩිකලි ට්‍රිගර්ඩ් සීස්මසිටි ඇට් මවුන්ට් ව්රැන්ගල්, ඇලස්කා, ආෆ්ටර් ද සුමාත්‍රා එර්ත්ක්වේක් ." සයන්ස්. වෙළුම. 308, No. 5725, 1144–1146. 20 මැයි 2005.
  7. ^ නල්බන්ට්, එස්., ස්ටෙසී, එස්., සීහ්, කේ., නටවිඩ්ජාජා, ඩී., අැන්ඩ් මැක්ක්ලොස්කි, ජේ. "සීස්මොලොජි: එර්ත්ක්වේක් රිස්ක් ඔන් ද සුන්ඩා ට්‍රෙන්ච් ." නේචර්. වෙළුම. 435, No. 7043, 756–757. 9 ජුනි 2005. Retrieved 16 මැයි 2009. 18 මැයි 2009.
  8. ^ ජයසූරිය, සිසිර අැන්ඩ් පීටර් මැක්කවුලි, "ස ඒෂියන් සුනාමි: ඒඩ් අැන්ඩ් රීකන්ස්ට්‍රක්ෂන් අාෆ්ටර් අ ඩිසාස්ටර්" සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine. Cheltenham UK and Northampton MA USA: Edward Elgar, 2010.
"https://si.wikipedia.org/w/index.php?title=2004_සුනාමිය&oldid=718995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි