සුනාමි

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
2004 ආසියා සුනාමි බලපෑම

පටුන

[සංස්කරණය] නිර්වචන

ඇබොට් (Abbott) 1996දී දක්වන ආකාරයට "සුනාමි" යනු ජපන් වචනයක් වන අතර එහි අඳහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයන් "සුනාමි" ලෙස හදුන්වයි.

  • රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.
  • ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩින් උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.

සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දියරැල්ල්ක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග වේ.

[සංස්කරණය] සුනාමි ඇතිවීමට බලපාන සාධක

  1. සාගර පතුලේ ඇතිවන භූමිකම්පා
  2. නායයාම් ඇතිවීම ( උදා: 1958 ඇලස්කාවේ ලිතියාවේ වල කඳු නායයෑමක් නිසා සුනාමි තරංග ඇතිවිය.)
  3. යමහල් විදාරණය වීම හේතු‍කොටගෙන පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත්වීම
  4. උල්කාපාත කඩාවැටීම හා විශාල හිම කඳු සාගරයට කඩාවැටීමෙන්


[සංස්කරණය] සුනාමි ක්‍රියාකාරිත්වයේ ඓතිහාසික තොරතුරු

ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය.රාම-රාවණා යුද්ධයේදී ඳරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ.මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ.මීට වසර 2000 කට පෙර කැළණි තිස්ස රජ විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ.සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත.අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.

ඉතිහාසය තුළ සුනාමි ක්‍රියාත්මක වු අවස්ථා


දිනය බලපාන සාධක තරංග උස
(මීටර්)
ස්ථානය ජිවිතක්ෂයට පත් වු
ජනසංඛ්යායව
1755 නොවැම්බර් 01 භූමිකම්පාවෙන් 10 පෘතුගාලයේ ලිස්බන් 30,000
1883 අගෝස්තු 06 ගිනිකන්ද පිපිරීමෙන් 35 ඉන්දුනිසියාව 36,000
1896 ජුලි 15 භූමිකම්පාවෙන් 29 ජපානය 27,000
1929 නොවැම්බර් 18 භූමිකම්පාවෙන් - නිව්ෆවුන්ඩ්ලනිතය 29
1933 මාර්තු 12 භූමිකම්පාවෙන් 20 ජපානය 3,000
1946 අප්රේාල් 01 භූමිකම්පාවෙන් 15 ඇලෙස්කාව 179
1952 නොවැම්බර් 04 භූමිකම්පාවෙන් 8.2 රුසියාව -
1958 ජුලි 09 නායයෑමෙන් 10 රුසියාව 02
1960 මාර්තු 22 භූමිකම්පාවෙන් 8.4 චිලී 1250
1974 මාර්තු 27 භූමිකම්පාවෙන් 8.4 ඇලෙස්කාව 122
1976 අගෝස්තු 16 භූමිකම්පාවෙන් - පිලිපීනය 50
1992 සැප්තැම්බර් 01 භූමිකම්පාවෙන් 10 නිකරගුවා 150
1933 ජුලි 12 භූමිකම්පාවෙන් 11 ජපානය 175
1996 ජුලි 17 භූමිකම්පාවෙන් 12 පැපුවා නිව්ගිනියා 3,000

[සංස්කරණය] ශ්‍රි ලංකාවට ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වය

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම .
සුනාමි ක්‍රියාකාරිත්වය

2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි.මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත.භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී.මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ.එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ.තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියඳ සුළු මොහොතකින් ඊලග තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ.එවිට සුනාමි තරංගය විශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි.මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි.

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි රළ හේතුකොට ගෙන ජිවිතක්ෂයට පත් වු ජන සංඛ්‍යාව


රට මරණයට පත් වු
ජනසංඛ්‍යාව
අතුරුදහන් වු ජනසංඛ්‍යාව
ඉන්දුනිසියාව 237,071 113,937
ශ්‍රි ලංකාව 30,957 4,698
ඉන්දියාව 16,389 5,554
තායිලන්තය 5,393 2,993
මාලදිවයින 82 26
මැලේසියාව 68 -
මියන්මාරය 61 -
බංග්ලාදේශය 2 -
සෝමාලය 298 -
කෙන්යාව 1 -

[සංස්කරණය] 2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම

[සංස්කරණය] පාරිසරික බලපෑම

සුමිත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත.මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත.භූගෝල විද්‍යාඥ රිචඩ් ග්‍රොස් පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත.මෙම වෙනස්කම් නිසා පෘතුවියකාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත.සුමිත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.

[සංස්කරණය] සමාජීය බලපෑම

සුනාමි හානි

සුනාමි රළ හේතුවෙන් ආසියානු රටවල් රැසක විශාල පිරිසක් ජිවිතක්ෂයට පත් වීම හා අවතැන් වීමට ලක් විය.වගු අංක 4.1මගින් දැක්වෙන්නේ එම එක් එක් රටවල් වල ජිවිතක්ෂයට පත් වු ජනසංඛ්‍යාවයි.විශාල පිරිසක් මරණයට පත් වීම නිසා සමාජීය ගැටළු රැසක් බලපාන ලදි.

[සංස්කරණය] ආර්ථික බලපෑම

සුනාමි රළ හේතුකොටගෙන ආසියාතික රටවල ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය.ධීවර,සංචාරක හා වෙරළ ආශ්‍රිත සුළු පරිමාණ කර්මාන්ත රැසක් සුනාමි රළින් විනාශයට පත්විය.සුනාමි රළ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදු වු බලපෑම පිළිබඳව සලකා බැලීමේදී සුනාමි රළ ක්‍රියාකාරිත්වය බලපෑ රටවල් 11තුළම ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින්,ධීවර ආම්පන්න,ධීවර යාත්‍රා හා ධීවරයන්ගේ නිවාස විනාශයට පත්විය.

[සංස්කරණය] මේ වෙබ් අඩවිත් බලන්න

[සංස්කරණය] මුලාශ්‍ර

  1. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව
"http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92" වෙතින් නැවත ලබාගන්නා ලදි