Jump to content

ස‍‍‍‍ඳෙහි වායු ගෝලය

විකිපීඩියා වෙතින්
හිරුනැගීම සහ බැසීම යන අවස්ථාවන්හිදී ඇපලෝ ගගනගාමීන් දීප්තියක් සහ කිරණ දර්ෂනය කර ඇත.[1] ඇපලෝ 17 සැකිලි රූ (එම කිරණ සහ දීප්ති ගැන.

බොහෝ ප්‍රායෝගික කටයුතු වලදී චන්ද්‍රයා වටවී ඇත්තේ රික්තයකින් බවට සැලකේ. පෘථිවියේ වායුගෝලයත් සමඟ සන්සන්දනය කරන විට සඳෙහි වායු ගෝලය ඉතා විරල සහ නොසැලකිය හැකි ප්‍රමාණයේ එකකි. සඳෙහි වායුගෝලයේ පවතින වායූන් සඳහා එක් මූලයක් වන්නේ සඳෙහි කබොල සහ ප්‍රාවරණය තුළ විකිරණශීලී ක්ෂය වීම මඟින් නිපදවෙන රේඩෝන් වැනි වායූන් වේ. මෙසේ වායූන් නිදහස් වීමේ ක්‍රියාවලිය නිර්වායුකරණය ලෙස හැඳින්වේ. සඳෙහි වායුගෝලය නිර්මාණය වීම සඳහා තවත් වැදගත් මූලයක් ලෙස පටපනය නම් ක්‍රියාවලිය හැඳින්විය හැකිය. ක්ෂුද්‍ර උල්කාෂ්ම සඳ මත පතිත වීම, සූර්ය සුළඟ සහ සූර්යාලෝකය මෙම ක්‍රියාවලියට අයත් වේ. මෙසේ නිදහස් වන වායූන් රැසකි, [2]

  • චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් නැවත ප්‍රාවරණ පාෂාණ තුළට උරා ගැනීම හෝ,
  • සූර්ය විකිරණ පීඩනය හේතුවෙන් අභ්‍යවකාශය තුළට විසිරී යාම හෝ යම් හෙයකින් වායූන් අයනීකරණය වී ඇත්නම් සූර්ය සුළඟෙහි චුම්භක ක්ෂේත්‍රය ඔස්සේ ඉවතට ගසා ගෙන යාම සිදු වේ.

සංයුතිය

[සංස්කරණය]

සෝඩියම් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගේ පැවැත්ම පෘථිවියේ සිටම ක්‍රියාවේ යෙදවිය හැකි වර්ණාවලි මිතික ක්‍රම මගින් තහවුරු කර ඇති අතර රේඩෝන් - 222 සහ පොලෝනියම් - 210 වැනි මූලද්‍රව්‍යවල පැවැත්ම ලුනා ප්රෝස්පෙක්ටර් (Lunar Prospector) යානයේ ඇල්ෆා අංශු වර්නාවලි මානය මගින් ලබාගත් දත්ත ඇසුරෙන් අධ්‍යාලහාර කොට ඇත. ආගන් - 40, හීලියම් - 4, ඔක්සිජන් සහ/හෝ මෙතේන් (CH4), නයිට්‍රජන් වායුව (N2) සහ /හෝ කාබන් මොනොක්සයිඩ් (CO) සහ කාබන්ඩයොක්සයිඩ් (CO2) යන වායුන්ගේ පැවැත්ම ඇපලෝ අභ්‍යවකාශ ගාමීන්ගේ ඇඳුම් තුළ පිහිටි සංවේදක මගින් ප්‍රතිග්‍රහණය කර ගන්නා ලදී. [3] [4]


චන්ද්‍ර වායුගෝලයේ මූල්ද්‍රව්‍ය වල දෛනික සාමාන්‍ය බහුලතාවය (ඝන සෙන්ටිමීටරයකට අණු වශයෙන්) පහත දැක්වේ.

සඳෙහි ස්ථිති විද්‍යුත් වශයෙන් පාවීමට ලක්වන දුහුවිලි අංශු වලින් සකස් වු විරල වායුගෝලයක් ද පවතියි.

මෙම ලිපිද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Moon Storms
  2. ^ P. Lucey and 17 coauthors, P. (2006). "Understanding the lunar surface and space-Moon interactions". Reviews in Mineralogy and Geochemistry. 60 (1): 83–219. doi:10.2138/rmg.2006.60.2.{{cite journal}}: CS1 maint: numeric names: authors list (link)
  3. ^ S. Lawson, W. Feldman, D. Lawrence, K. Moore, R. Elphic, and R. Belian, Stefanie L. (2005). "Recent outgassing from the lunar surface: the Lunar Prospector alpha particle spectrometer". J. Geophys. Res. 110 (E9): E9009. Bibcode:2005JGRE..11009009L. doi:10.1029/2005JE002433.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  4. ^ S. Alan Stern, S. Alan (1999). "The Lunar atmosphere: History, status, current problems, and context". Rev. Geophys. 37 (4): 453–491. Bibcode:1999RvGeo..37..453S. doi:10.1029/1999RG900005. 2011-06-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-04-23. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help); More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
"https://si.wikipedia.org/w/index.php?title=ස‍‍‍‍ඳෙහි_වායු_ගෝලය&oldid=667126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි