ෂැංහුආ පන්සල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ෂැංහුආ පන්සල
Shanhua Temple 1.jpg
ෂැංහුආ පන්සලේ දෂිඔඞ්බො ශාලාව (චීන: 殿; පින්යින්: Dàxíongbǎo Diàn)
මූලික තොරතුරු
පිහිටුම දාතොං
අනුබැඳිය බෞද්ධ
පළාත ෂංෂී
Architectural description
ඉදිකිරීම නිමාව 11වන සියවස
Specifications
සැකිල්ල:නාමෝද්දේශනය /divbox
සැකිල්ල:නාමෝද්දේශනය /divbox

ෂැංහුආ පන්සල (සුළු චීන: 善化寺; පින්යින්: Shànhùa Sì) යනු චීනයේ, ෂංෂී පළාතේ, දාතොංහී පිහිටි, බෞද්ධ සිද්ධස්ථානයකි.මෙම සිද්ධස්ථානය පළමුව සොයාගනු ලැබුවේ 8 වන ශතවර්ෂයේ මුල් භාගයේ ටැංග් පාලන සමයේදීය. මෙහි පළමු ප්‍රතිසංස්කරණය සිදුකරනු ලැබුවේ 11 වන ශතවර්ෂයේදීය. වසර ගණනාවක් මුළුල්ලේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රථිපල වශයෙන්, පෙර තනන ලද ශාලා තුනක් සහ පසුකාලීනව නැවත සාදන ලද මණ්ඩප දෙකක් වර්තමානයේදී දැකගත හැකිය.මෙහි තිබෙන විශාලතම සහ පැරණිම ශාලාව දෂිඔඞ්බො ශාලාව වන අතර එය 11 වන ශතවර්ෂයේ ලිඔ පාලන, සමයේ සිට දැකගත හැකිය. දෂිඔඞ්බො ශාලාව චීනයේ තිබෙන විශාලම ශාලා වලින් එකකි. පෞරාණික වටිනාකමක් පවතින ප්‍රධාන ද්වාරය සහ සංශෙඟ් ශාලාව 12 වන ශතවර්ෂයේ ජින් පාලන සමයේ සිට පවතියි.

ඉතිහාසය[සංස්කරණය]

දෂිඔඞ්බො ශාලාව පැරණි තැපෑල් පතකින්

ෂැංහුආ පන්සල පළමුව සොයාගනු ලැබුවේ ටැංග් පාලන සමයේ කියුං යුගයෙදීය (713-741). ඒ සමයේ පාලකයා වූ සුආන්සෝන් පාලකයාගේ අනුග්‍රහය යටතේ පැවති සිද්ධස්ථානය හඳුන්වනු ලැබුවේ කියුං පන්සල ලෙසය. ටැංග් පාලන සමයේ පරිහානියෙන් පසුව පස්වන පාලන සමය (906-960), නමින් හැඳින්වූ කාලපරිච්චේදයේදී පෙර පැවති නාමය වෙනස්කර දා පු'එන්සි යන නමින් හඳුන්වන ලදී. මෙම ව්‍යාකුල සමයේදී සිද්ධස්ථානයේ පැවති ගොඩනැගිලි දහයක් අතරින් රැකගත හැකිවුයේ ගොඩනැගිලි තුනක් හෝ හතරක් පමණි. ලියෝ පාලකයන් යටතට පාලනය නතුවීමෙන් පසු (960) සිද්ධස්ථානය පැවති ආකාරයෙන් වර්තමානයේදීද දැකගත හැකියයි උපකල්පනය කළ හැකිය.[1]

1120දී ජින් පාලකයන් යටතට පාලනය නතුවූ අවදියේදී මෙම සිද්ධස්ථානය නැවත වරක් දැඩි ලෙස විනාශයට පත්විය. 1128දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර එම කටයුතු සම්පුර්ණ කිරීමට වසර පහලවක් පමණ ගතවිය.[2] 1421දී දයොන්ග් නම් භික්ෂුවගේ මුලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු පුළුල් ලෙස සිදුවිය. 1445දී එම හිමියන් හට ඉතා අගනා සුත්‍ර කිහිපයක් සොයාගැනීමට හැකිවිය. මෙය වර්තමානයේ හඳුන්වන ෂැංහුආ පන්සල ලෙස නම්කර ප්‍රථම අවස්ථාව වේ. 16 වන ශතවර්ෂයේ අගභාගයේදී බෙර සහ ඝණ්ටාර කුළුනු එකම ශෛලමය වේදිකාවක් (yuetai, 月台) මත දෂිඔඞ්බො ශාලාවට උපස්ථම්භක ලෙස ඉදිකරන ලදි. ප්‍රතිසංස්කරණ කටයුතු වසර දෙසීයක් මුළුල්ලේ සිදුකරන ලද අතර 18 වන ශතවර්ෂයේ අගභාගය වනවිට පන්සල නැවත වරක් ජරාවාස විය. මෙහි එක් ශාලාවක් ඔටුවන් ගාල්කිරීමට යොදාගැනීම හේතුවෙන් එහි බිත්ති කඩාවැටීමට විය.[3] දෙවන ලෝක යුද සමයේ පුසිඅන් මණ්ඩපය විනාශවූ අතර, 1953දී නැවත සාදන ලදී.[4][5]

ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]

වර්තමානයේ ෂැංහුආ පන්සල උතුරු සහ දකුණු දෙසින් තනන ලද ශාලා තුනකින් (දෂිඔඞ්බො ශාලාව, සංශෙඟ් ශාලාව සහ ප්‍රධාන ද්වාරය) සහ සංශෙඟ් ශාලාවට නැගෙනහිරෙන් සහ බටහිරෙන් තනන ලද මණ්ඩප දෙකකින් සමන්විත වේ. දෂිඔඞ්බො ශාලාවට දෙපසින් තවත් කුඩා ශාලා දෙකක් ද පිහිටා තිබේ.ප්‍රධාන ශාලා සියල්ල ලියෝ පාලන (907-1125), සමයේ ඉදිකරන ලද නමුත් ලිඔ ගොඩනැගිල්ලක් ලෙස වර්තමානයේ සලකනු ලබන්නේ මහාවීර ශාලාව පමණි.[6] ජින් පාලන සමයේදී ප්‍රධාන ද්වාරය සහ සංශෙඟ් ශාලාව පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අතර, විද්වතුන් විසින් එම ගොඩනැගිලි, ජින් ගොඩනැගිලි ලෙස වර්ගකරන ලදි.[7]

දෂිඔඞ්බො ශාලාව[සංස්කරණය]

දෂිඔඞ්බො ශාලාවේ ඇති ශාක්‍යමුණි ප්‍රධාන පිළිරුව

11 වන ශතවර්ෂයේ සිට පවතින දෂිඔඞ්බො ශාලාව (චීන: 大雄宝殿; පින්යින්: Dàxíongbǎo Diàn) , උතුරු දිශාවට ඉතා කිට්ටුවෙන් පිහිටා ඇති විශාලතම ශාලාවවේ. මෙහි විශාලත්වය මීටර් 40.5ක දිගින්ද මීටර් 25ක පළලින්ද යුක්ත වන අතර වේ. මීටර් තුනක් උසැති වේදිකාවක් මත ශාලාව තනා ඇත. එම වේදිකාව මත බෙර සහ ඝණ්ටාර කුළුන අතීතයේ පැවතියද අද වනවිට ඒවා නොපවතී. 11 වන ශතවර්ෂයේ චීනයේ වාස්තු විද්‍යාත්මක ප්‍රමිති සඳහන් යින්ග්සාඕ ෆෂි , ග්‍රන්ථයට අනුව ශාලාව තනා ඇත්තේ වියන් අටකින් යුතු ගොඩනැගිල්ලේ පස්වන මහලේය (鋪作).[8] ශාලාව ඇතුලත ප්‍රධාන දිශා හතරෙහි විශාල බුද්ධ ප්‍රතිමා හතරක් පිහිටුවා ඇති අතර එම ප්‍රතිමා මධ්‍යයෙහි ප්‍රධාන ප්‍රතිමාව ලෙස ශාක්‍යමුණි පිළිරුව පිහිටුවා ඇත.[9] බුද්ධ ප්‍රතිමා සියල්ල එකම අයුරින් තනා ඇති නමුත් එකිනෙකට වෙනස් මුද්‍රා (සංකේතාත්මක) විදහා දැක්වේ.[10] ශාක්‍යමුණි පිළිරුවේ අෂ්ටාශ්‍ර හැඩති දැව සිවිලිමේ තීන්ත ආලේපය සහ අලංකරණ කටයුතු සිදුකර ඇත්තේ කෛසොන් (චීන: 藻井; පින්යින්: zǎojǐng), නම් ආසියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.[8]

බුද්ධ ශ්‍රාවකයන්ගේ සහ අගසව් දෙනමගේ විශාල ප්‍රතිමාද මෙහි ඉදිකර තිබේ. තවද දේව ප්‍රතිමා විසිහතරක් නැගෙනහිර හා බටහිර බිත්ති සමීපයේ දක්නට ලැබේ.[10] ශාලාව තුල වර්ග මීටර් 190ක පරාසයේ බිතුසිතුවම් නිර්මාණය කර තිබේ.[11] ඒවා නිර්මාණය කර ඇත්තේ 1708 සිට 1706 කාලයේ තුල යයි සැලකේන අතර කාලයත් සමග බිතුසිතුවම් වලට හානි සිදුවී ඇත.[12]

සංශෙඟ් ශාලාව[සංස්කරණය]

ජින් පාලන සමයේ ඉදිකර ඇති සංශෙඟ් ශාලාව (චීන: 三圣殿; පින්යින්: Sānshèng Diàn; literally "මුණිවරයන් තුන්නමගේ ශාලාව"), මධ්‍යම ශාලාව වේ. මෙම ශාලාව මහායාන මුණිවරයන් තුන්නමගේ ප්‍රතිමා වල පිළිමගෙය වේ. ප්‍රධාන ප්‍රතිමාව වෛරෝකන (ශාක්‍යමුණි ලෙස හඳුන්වන) ප්‍රතිමාව වන අතර මන්ජුසිරි සහ සමන්තභද්‍ර අනෙක් ප්‍රතිමාවන් වේ.[13] ශාලාවට ආධාරක ලෙස ඇත්තේ ප්‍රධාන කුළුණු ඉතා සීමිත ප්‍රමාණයකි. ඊට හේතුව වන්නේ හයවන මහලේ පරාල වල හා වියන් වල ස්වභාවයයි.[14]

පුසිඅන් මණ්ඩපය[සංස්කරණය]

පුසිඅන් මණ්ඩපය

පුසිඅන් මණ්ඩපය (චීන: 普贤阁; පින්යින්: Pǔxián Gé) ඉදිකර ඇත්තේ ලිඔ පාලන සමයේ වන අතර එය සොයාගනු ලැබුවේ ලිඅනග් සිචේන්ග් විසින් 1930 වසරේදීය. දැඩි ලෙස හානි සිදුවී තිබු ගොඩනැගිල්ල සහ තවත් තොරතුරු කිහිපයක් ඔහු විසින් ඉදිරිපත් කළේය.[4] එනම් නටබුන් බවට පත්ව ඇති ගොඩනැගිල්ල හා එම ස්ථානයේ ඡායාරූප කිහිපයකි. සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාව වටිනාම සොයාගැනීම වේ.[15]

යුද සමයේදී විනාශවී තිබු ගොඩනැගිල්ල 1953 වසරේදී නැවත සාදන ලදී. මණ්ඩපය සමචතුරශ්‍ර හැඩයකින් යුක්ත වේ. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ යුඑටෛ (月台) නම් වන කුඩා ගල් වේදිකාවක් මත වන අතර එයට ඇතුල්වීමට කුඩා පියගැට පෙළ කිහිපයක් යොදා තිබේ. පිටතින් බැලූ විට මණ්ඩපය මහල් දෙකකින් සමන්විත ලෙස දිස්වුවද, එය මහල් තුනකින් සමන්විත වේ. දෙවන මහල පිටතට නොපෙනෙන ලෙස තනා තිබේ. පිටතට පෙනෙන මහල් සියල්ලේම වට ප්‍රමාණය ආවරණය වන ආකාරයට කුළුණු ඉදිකර ඇත.[16]

වෙන්ෂු මණ්ඩපය[සංස්කරණය]

මෙම මණ්ඩපය (චීන: 文殊阁; පින්යින්: Wénshū Gé) 20 වන ශතවර්ෂයේ මුල් අවධියේදී, සම් පදම් කිරීමට යොදා ගන්නා ස්ථානයක් ලෙස භාවිතා කරන ලද අතර එම කාලයේදී විනාශයට පත්විය. 2008 වසරේදී චීන සමූහාණ්ඩුව විසින් මෙම මණ්ඩපය නැවත සාදන ලදී.[17]

ප්‍රධාන ද්වාරය[සංස්කරණය]

ප්‍රධාන ද්වාරය (චීන: 山门; පින්යින්: Shān Mén) 12 වන ශතවර්ෂයේ ජින් පාලන සමයේදී ඉදිකරන ලද්දක් වන අතර මෙය විශාල ශාලාවකි. පන්සලට පිවිසෙන විට මුලින්ම දැකිය හැක්කේ මෙම ගොඩනැගිල්ලය.[18] ශාලාව තුල සතරවරම් දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිකර ඇත. ප්‍රතිමා දෙකක් නැගෙනහිර දිශාවෙන්ද, අනෙක් ප්‍රතිමාවන් බටහිර දෙසින්ද ඉදිකර තිබේ.[18] වර්ග මීටර් 278ක පරාසයක් තුල ප්‍රධාන ද්වාරය පිහිටා ඇත.[19] පස්වන පෙළෙහි ආකෘතියට ආධාරක ලෙස කරවර භාවිතා කර තිබේ.[20]

සටහන[සංස්කරණය]

  1. Steinhardt (1997), 141.
  2. Steinhardt (1997), 142-143.
  3. Steinhardt (1997), 143.
  4. 4.0 4.1 Steinhardt (1997), 147.
  5. Guo, (2002), 153.
  6. Steinhardt (1994), 7
  7. See Steinhardt, 1994 and 1997.
  8. 8.0 8.1 Steinhardt (1997), 145.
  9. Howard (2006), 376.
  10. 10.0 10.1 Howard (2006), 378.
  11. Shen (2002), 44
  12. Shen (2002), 44-45
  13. Zhao (2007), 118.
  14. Shen (2002), 45.
  15. Steinhardt (1997), 149.
  16. Steinhardt (1997), 148.
  17. China.com.cn (2008).大同文殊阁修缮进展顺利 古建筑群对称美感将现. Retrieved on 2009-06-29.
  18. 18.0 18.1 Shen (2002), 47.
  19. Shen (2002), 46-47.
  20. Shen (2002), 46.

යොමුව[සංස්කරණය]

  • Howard, Angela Falco, et al. Chinese Sculpture. New Haven: Yale University Press, 2006. ISBN 0-300-10065-5
  • Guo Daibeng. "The Liao, Song, Xixia and Jin Dynasties." in Nancy Shatzman Steinhardt, ed., Chinese Architecture (New Haven: Yale University, 2002), 131-198. ISBN 0-300-09559-7
  • Shen Weichen, (Chinese) ed. Huayan Temple, Shanhua Temple, Wall of Nice Dragons. Taiyuan: Shanxi People's Press, 2002. ISBN 7-203-04586-2
  • Steinhardt, Nancy Shatzman. "Liao: An Architectural Tradition in the Making," Artibus Asiae (Volume 54, Number 1/2, 1994): 5–39.
  • Steinhardt, Nancy Shatzman. Liao Architecture. Honolulu: University of Hawaii Press, 1997. ISBN 0-8248-1843-1
  • Zhao Yu, (Chinese) ed. Shanxi. Beijing: Chinese Travel Press, 2007. ISBN 978-7-5032-3001-1



ඛණ්ඩාංක: 40°05′09″N 113°17′37″E / 40.08583°N 113.29361°E / 40.08583; 113.29361

"http://si.wikipedia.org/w/index.php?title=ෂැංහුආ_පන්සල&oldid=260121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි