ටෙනිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ටෙනිස්
Highest governing body International Tennis Federation
First played 19th century
Characteristics
Contact No
Team members Single or doubles
Categorization Racquet sport
Equipment Tennis ball, tennis racquet
Olympic 1896-1924, 1988-present

ටෙනිස් ක්‍රීඩාව යනු කේවල (තනි) හෝ යුගල වශයෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳිවලින් නිමවන ලද පිත්තක් (racquet) හා ලෝමමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිතා කරන අතර ප්‍රතිවාදී පිටියට දැලට උඩින් බෝලය පතිත කිරීම කරයි. ටෙනිස් ක්‍රීඩාවේ මූලාරම්භය එක්සත් රාජධානිය වන අතර 19 වන ශත වර්ෂයේ දී තණ පිටියක කෙරෙන ක්‍රීඩාවක් ලෙස ඇරඹුනි. ලෝකයේ අනිත් රටවල් අතර පැතිරීමට පෙර ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතරට මෙය ප්‍රචලිත විය. අද ටෙනිස් ක්‍රීඩාව කළ හැකිය. රැකට්ටුව නිවැරදිව භාවිතා කළ හැකි සියළු දෙනාටම සේම, රෝද පුටුවක යන ආබාධිතයින්ට වුව ද මෙය ක්‍රීඩා කළ හැකිය. එක්සත් ජනපදයේ ද ක්‍රීඩා සංගමය විසින් ජාතික මට්ටමේ විද්‍යා පීඨයක් මේ සඳහා පිහිටුවා ඇත. 1970 දී හඳුන්වා දුන් තරඟ සම වූ අවස්ථාවක දිනුම්කරුවා තේරීමේ නීතිය හැරෙන්නට 1890 දී හඳුන්වා දුන් නීති රීති අදටත් එලෙසින්ම පවතී. මෑතක දී එක් කරන ලද ක්ෂණික නැවත විකාශය තාක්ෂණයෙන් ක්‍රීඩකයාට සිය ලකුණු පිළිබඳ අභියෝග කිරීමට නිත්‍යානුකූලව හැකිව ඇත. මිලියන ගණනින් සිටිනා ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සේම මිලියන ගණනක් නරඹන ක්‍රීඩාවක් බවට ද මෙය පත්ව ඇත. විශේෂයෙන්ම (Grand Slam) තරඟාවලිය , ඕස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් රජධානි විවෘත තරඟද, විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරඟයද නරඹන්නන් අතර ඉතා ජනප්‍රියයි. මෑත වසරවලදී නැ‍ගෙනහිර යුරෝපයේ හා ඈත පෙරදිග ‍රටවල ද මෙම ක්‍රීඩාව පැතිරීම විශේෂත්වයකි.

"http://si.wikipedia.org/w/index.php?title=ටෙනිස්&oldid=206016" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්