වොලිබෝලය
සාමාන්‍යයෙන් කෙරෙන අනිකුත් වොලිබෝල් ක්‍රීඩාව සඳහා නිළ වශයෙන් වොලිබෝලය පාචිච්ච් කරයි.
වොලිබෝල් කාණ්ඩ 3ක් ඇත.
- පිළිගත් ගෘහස්ථ වොලිබෝල්
- තරුණ ගෘහස්ථ වොලිබෝල්
- බීච්(Beach) වොලිබෝල්
සියළුම වොලිබෝල රවුම් හැඩයෙන් යුත් හුලං පිරුණු අවකාශයක් තුළ සම් තට්ටු 18 කින් යුත් බොලයකි. සෑම කොටසක්ම තට්ටු තුනකින් හෝ පේළි තුනකින් යුක්ත වේ. පිළිගත් වොලිබෝලයකින් (ගෘහස්ථ වැඩිහිටි) සහ සුදුපාට හෝ පැහැදිලිව හඳුනාගත හැකි වර්ණ තුනකින් සමන්විත වේ. බාල වයස් කාණ්ඩ සඳහා ඇති වොලිබෝලය සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩාවට තනා ඇති අතර ළමයින්ට එය පහසුවෙන් පාචිච්ච් කළ හැකිය. බෝහෝ දෙනෙකු විශ්වාස නොකලත් සාමාන්‍ය වොලිබෝලය හා බීච් වොලිබෝලය බරින් එක හා සමාන වේ. වෙනසකට ඇත්තේ බීච් බෝලය තරමක ප්‍රමාණයෙන් වැඩි වීමත්, වඩා මෘදු වීම හා දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු වීමත්ය.
ගති ලක්ෂණ[සංස්කරණය]
| Circumference cm (inches) |
Mass grams (ounces) |
Internal pressure kgf/cm² (psi) |
|
|---|---|---|---|
| පිළිගත් ගෘහස්ථ | 65-67 (25.5-26.5) | 260-280 (9.2-9.9) | 0.3-0.325 (4.3-4.6) |
| තරුණ ගෘහස්ථ | 63-65 (25-26) | 240-260 (8.5-9.2) | 0.3 (4.3) |
| බීච් | 66-68 (26-27) | 260-280 (9.2-9.9) | 0.175-0.225 (2.5-3.2) |
ප්‍රධාන වෙළඳ නාම[සංස්කරණය]
තරගකාරී වොලිබෝල් වෙළඳ නාම කිහිපයක් භාවිතයේ ඇත. ඒවා අතර පහත වෙළඳ නාම ඇතුළත් වන අතර ඒවාට සීමා ද නොවේ.
- “ටකිකාරා” Tachikara
- “මෝල්ටන්” Molten
- “විල්සන්” Wilson
- “මිකාසා” Mikasa
- “බේඩන්” Baden
- “ස්පේල්ඩින්ග්” Spalding
බොහෝ වර්ගීකරණයන් නැවත කුඩා කොටස්වලට විනෝදාස්වාද ක්‍රීඩා සඳහා යොදා ගනු පිණිස වෙන්කරනු ලැබේ.