රමණී බර්තෝලමියුස්

විකිපීඩියා වෙතින්
රමණී බර්තෝලමියුස්
Ramani Bartholomeusz
උපත
රමණී එලිසබෙත් බර්තෝලමියුස්

1 සැප්තැම්බර් 1966(1966-09-01)
මියගිය දිනය30 June 1987(1987-06-30) (වයස 20)
උසඅඩි 5 අඟල් 08 (මීටර 1.73) [1]
තනතුරශ්‍රී ලංකා රූ රැජින 1985

රමණී එලිසබෙත් බර්තෝලමියුස් (1966 සැප්තැම්බර් 1 – 1987 ජුනි 30) ශ්‍රී ලංකාවේ හිටපු නිළියක සහ නිරූපිකාවකි. 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි.[2] එම වසරේ පැවැති විශ්ව රූ රැජින තරඟයටද රමණී සහභාගී වූවාය.[3]

කලා දිවිය[සංස්කරණය]

1983 දී රමණී ප්‍රථම වරට, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යුගාන්තය චිත්‍රපටයෙහි චමරී නමින් චරිතයක් රඟපාමින් රිදී තිරයට පිවිසුනු අතර මේ අවධියේදී ඇය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටියාය. 1985 විශ්ව රූ රැජින තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඇය, ධර්මසිරි බණ්ඩාරණායකගේ මාරාක්ෂයහී සහ කමල් අද්දරාරච්චි සමග හිම කුමාරි හී රඟපෑවාය.[4] ඇය විසින් රංගනයෙන් දායක වූ භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජුතපර ගීතය එකල කා අතරත් අතිශය ජනප්‍රිය විය.[5]

මරණය[සංස්කරණය]

1987 ජුනි 30 වන දිනදී, කමල් අද්දරාරච්චි පදවාගෙන යමින් සිටි රථයට හසුවී බරපතල තුවාල ලැබීම නිසා රමණී මිය ගියාය. ඇය රථයට හසුවීම සම්බන්ධව, එකල කා අතරත් කුකුසක් ඇති කිරීමට සමත් විය. මියයන විට ඇගේ වයස අවුරුදු 20 ක් විය.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රමණී_බර්තෝලමියුස්&oldid=652729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි