මීගමුව බලකොටුව

විකිපීඩියා වෙතින්
මීගමුව බලකොටුව
ගම්පහ දිස්ත්‍රික්කය කොටසකි
මීගමුව, ශ්‍රී ලංකාව
මීගමුව බලකොටුව is located in Sri Lanka
මීගමුව බලකොටුව
මීගමුව බලකොටුව
ඛණ්ඩාංක7°12′30″N 79°49′50″E / 7.20833°N 79.83056°E / 7.20833; 79.83056
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකා රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
නැත
අඩවි විස්තර
තැනීම1672
තනන ලද්දේලන්දේසි
ද්‍රව්‍යහුණු ගල් සහ කොරල්

මීගමුව බලකොටුව (ඉංග්‍රීසි: Negombo Fort) යනු කොළඹට 30 km (19 mi) පමණ උතුරු දෙසින් පිහිටි, මීගමුවේ වූ පෘතුගීසීන් විසින් කොළඹ ආරක්ෂාව උදෙසා ඉදිකරන ලද කුඩා එනමුදු වැදගත් වූ බලකොටුවකි.

මීගමුව බලකොටුවෙහි සිතියමක් (1665)

කොළඹ, යාපනය සහ ගාල්ල පිහිටි බලකොටු වලින් අනතුරුව, උපායශීලීව වැදගත් ඊළග බලකොටුව ලෙස අතීතයේදී මීගමුව බලකොටුව පවතින්නට ඇතැයි සැළකේ.[1] මුළින්ම ඉදිකරනු ලැබූ පෘතුගීසි බලකොටුව දුර්වල ව්‍යුහයකින් යුක්ත වූ අතර එය ෆිලිප් ලුකාස් විසින් අණලද ලන්දේසි හමුදා විසින් 1640 පෙබරවාරියේදී යටත් කර ගැණුනි.[1] කෙසේනමුදු එම වර්ෂයේම දෙසැම්බරයේදී, උත්සාහයන් කිහිපයකින් අනතුරුව පෘතුගීසීන් විසින් බලකොටුව නැවත අල්ලා ගන්නා ලදී. පසුව නැවත් වරක් ෆ්‍රැන්කුයිස් කැරන් යටතේ අණලද ලන්දේසී හමුදා විසින් බලකොටුව 1644 වර්ෂයේ ජනවාරියේදී අල්ලා ගන්නා තුරු, බලකොටුව ශක්තිමත් කොට ආරක්ෂා කර තබා ගැනුමට පෘතුගීසීන් සමත් විය.[1] ලන්දේසින් විසින් බලකොටුව වටලෑමේදී භාවිත කල කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් බලකොටුවෙහි මුල් ඉදිකල අට්ටාල විනාශවීමට ලක්විය. පසුව 1672දී ලන්දේසීන් බලකොටුව යලිගොඩනැංවීමේදී සාමාන්‍ය හතරැස් ස්වරූපයෙන් බැහැරව පංචාස්‍ර හැඩයෙන් යුතුව බලකොටුව නිමවන ලදී. බලකොටුව පංචාස්‍ර හැඩයෙන් යුක්ත වූවත් එය ප්‍රාකාර බැමි හතරකින් පමණක් සමන්විත වූ අතර එහි පස්වන බැම්මක් නොවීය.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 ද සිල්වා, රාජ්පාල් කුමාර්; Beumer, Willemina G.M (1988). ඉලස්ට්‍රේෂන් ඇන්ඩ් වීව්ස් ඔෆ් ඩච් සිලෝන් 1602-1796: අ කම්ප්‍රිහෙන්සිව් වර්ක් ඔෆ් පික්ටෝරියල් රෙෆරන්ස් විත් සිලෙක්ටඩ් අයි-වට්නස් එකවුන්ට්ස්. ලන්ඩන්: සෙරන්ඩිබ් පබ්ලිකේෂන්ස්. ISBN 90-04-08979-9.
  2. Van Oers, Ron (2000). ඩච් ටවුන් ප්ලෑනින් ඕවර්සීස් ඩියුරින් වීඕසී ඇන්ඩ් WIC රූල්: (1600-1800). Warburg Pers. ISBN 9057301040.
"https://si.wikipedia.org/w/index.php?title=මීගමුව_බලකොටුව&oldid=449925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි