මහින්ද යාපා අබේවර්ධන

විකිපීඩියා වෙතින්
මහින්ද යාපා අබේවර්ධන
மஹிந்த யாப்பா அபேவர்தன
Mahinda Yapa Abeywardana
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 21 වන කථානායකවරයා
තනතුර දරමින්
20 අගෝස්තු 2020
නියෝජ්‍යරංජිත් සියඹලාපිටිය
අජිත් රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඅමීර් අලි ෂිහාබ්දීන්
අනුප්‍රාප්තිකයාඅනුරාධ ජයරත්න
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
22 මාර්තු 2015 – 21 මැයි 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාසුමේධා ජයසේන
අනුප්‍රාප්තිකයාලක්ෂ්මන් යාපා අබේවර්ධන
කෘෂිකර්ම අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාමෛත්‍රීපාල සිරිසේන
අනුප්‍රාප්තිකයාදුමින්ද දිසානායක
සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය
තනතුර දරමින්
25 ජූලි 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2004–2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාසජිත් ප්‍රේමදාස
දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය
තනතුර දරමින්
1994–2001
පූර්වප්‍රාප්තිකයාඅමරසිරි දොඩංගොඩ
අනුප්‍රාප්තිකයාඑච්.ජී. සිරිසේන
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001
පුද්ගලික තොරතුරු
උපත10 ඔක්තෝබර් 1945 (1945-10-10) (වයස 78)
බෙරගම, මාතර
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, එක්සත් ජාතික පක්ෂය
දරුවන්5
උගත් ශාස්ත්‍රාලයකොළඹ විශ්වවිද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය
රැකියාවඉඩම් හිමිකරු
වෘත්තියදේශපාලඥ

මහින්ද යාපා අබේවර්ධන (දෙමළ:மஹிந்த யாப்பா அபேவர்தன, ඉංග්‍රීසි:Mahinda Yapa Abeywardena) (උපත 1945 ඔක්තෝබර් 10) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය මණ්ඩලයේ ඇමතියෙක් වන අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා. 1983 වර්ෂයේ හක්මණ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුට පත් වූ අබේවර්ධන එහි එතුමාගේ 30 වසර දේශපාලන වෘත්තීය ආරම්භ වුණා. තරුණ මන්ත්‍රීවරය හැටියට අබේවර්ධන 1987 වසරේ ශ්‍රී ලංකාවේ නව පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වූ 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට එරහිව ඔහු පළ කර.. ඔහු සහ කඹුරුපිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් විය.

පසුව ඔහු ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි (ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ මන්ත්‍රීවරුන්) සමග අත්වැල් බැඳගත් නිසා ඔවුන්ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත්හ.ඉන්පසුව මහින්ද යාපා අබේවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ දකුණු පළාත් සභාවට ඉදිරිපත් කරා හා එතුමා මැතිවරණයෙන් ජයග්‍රහණ කරා. අනතුරුව 11993 වසරේ ඔහු දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක හැටියට පත් වුනාඉන්පසුව, ඔහු 1994 වසරේ දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් විය. 1994 සිට 2001 දක්වා ප්‍රධාන අමාත්‍ය ලෙස දෙවරක් තේරී පත් වූ අබේවර්ධන සේවා කරා.

ඔහු 2001 මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නිලයෙන් ඉවත් වී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වී 2004 දක්වා සේවය කළේය. 2004 මහ මැතිවරණයෙන් පසු ඔහු සෞඛ්‍ය ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා වූ අතර පසුව සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා බවට පත් විය. 2010 මහ මැතිවරණයෙන් පසු ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් විය. වසර කිහිපයක් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති ඔහු 2013 වසරේ ඉතාලියේ රෝමයේ පැවති එක්සත් ජාතීන්ගේ FAO සමුළුවේ 38 වැනි සැසියේදී උප සභාපතිවරයා ලෙස තේරී පත් විය 2015 දී ඔහු ඉල්ලා අස්වී විපක්ෂයට යන තෙක් කෙටි කාලයකට නැවතත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත් විය. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකි. ඔහු පදිංචිව සිටින්නේ දෙහිවල කළුබෝවිලය .

මේකත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_යාපා_අබේවර්ධන&oldid=654739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි