මාතර දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
මාතර
මාතර
மாத்தறை
—  නගරය  —
මාතර දුම්රිය ස්ථානය
මාතර is located in Sri Lanka
මාතර
ඛණ්ඩාංක: 5°57′N 80°33′E / 5.95°N 80.55°E / 5.95; 80.55ඛණ්ඩාංක: 5°57′N 80°33′E / 5.95°N 80.55°E / 5.95; 80.55
රාජ්‍යය ශ්‍රී ලංකාව
පලාත දකුණු පලාත
රජය
 • Mayor සොසින්ද්‍ර හඳුන්නෙත්ති
Area
 • Total 1,283 km2 (495 sq mi)
 • Land 1,270 km2 (490 sq mi)
 • Water 13 km2 (5 sq mi)
Elevation 2 m (7 ft)
ජනගහණය (2001)
 • සම්පූර්ණ 76,254
 • Density 59/km2 (150/sq mi)
වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය 81000
Area code(s) 041
මාතර


මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පූරාණ කාලයේ මාතොට නමින් හැඳින්වී ය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී 'මහතෙර' නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැමිබර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි.

පටුන

[සංස්කරණය] නමේ ඉතිහාසය

නිල්වලා ගඟ මාතර දිස්ත්‍රික්කයෙන් මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවකි. මෙහි නම මුලින් ම භාවිතයට පැමිණියේ 'තොලගා මාතර ආචිචි' යන නමිනි. මොහු ශ්‍රී ලංකාවේ පියා ලෙසට හැදින්වූ බව සදහන් වෙයි. 'මාතර' යනුවෙන් හැදින්වීමට එක් හේතූවක් නම නිල්වලා ගඟ අසල ඇතිවූ විශාල භූමි භාගය නිසා ය. මෙය 'දැවැන්ත තොට' යන නමින්ද ප්‍රසිඬ නිසා 'සහන් තොට' යැයි කියනු ලැබෙ. ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත තොටවල් වලින් කවියන්ගේ අවධානය විශාල වශයෙන් මාතර දිස්ත්‍රික්කයට ඇදී ගොස් ඇත. ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරවි සංදේශයේ, "විරබමි පතමි" නමි පාලකයෙක් මාතර අගනුවර කර එය නැවත 'මාපටුන' යන නමින් හැදින්වූ බවට සඳහන් වෙි. පෘතූගීසි පූජක කූවරීස් තූමාගේ 'මනර' යන නම පිළිබඳ නිගමනය නමි එය නිල්වලා ගඟ හා සමීප බව නිසා පෘතූගීසීන් මාතරට 'මතූරෙයි' යන හෙවත් දැවැන්ත බල කොටුව යන නම තැබූහ.

මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ ක්‍රි. ව. 1672 දීය. මෙම වචනය උච්චාරණය වරදවා 'මතූරෙයි' යන නම 'මදරායි' යන නමින් සැලැකූ බව ද ඉතිහාසයේ සඳහන් ය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව පෘතූගීසීන් මෙය' මචුරායි' යන නමින් හැඳින්වූ බව සඳහන්වේ 'තූරායි' යනු 'බලකොටුව' යන වචනයේ අරුත දෙන්නකි. මාතර ප්‍රදේශයේ දමිළ බස භාවිතා කරන මුස්ලිමි වැසියන් සිටි බවට ද මෙය සාක්ෂියකි. බස්නාහිර ජනපද වාසීන් මාතර ප්‍රදේශය යටත් කර ගැනීමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බව සඳහන් ය. එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්‍රදේශ වලට පැන ගත්හ. මෙම වකවානුවේදී ඔවුහු මෙම ප්‍රදේශය 'මතරායි' යන නමින් හැඳින්වූහ. දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකකට පමණ පෙර සිටය.

[සංස්කරණය] මාතර පරිපාලනය

  • පෘතූගීසි පරිපාලනය
  • ලන්දේසි පරිපාලනය
  • ඉංග්‍රීසි පරිපාලනය

ලන්දේසීන් මැරිටිමි ප්‍රදේශය යටත් කර ගත් පසු එය පරිපාලන කොටස් 04 ට බෙදුවෝය. ඒවා සබරගමුව, සත්කෝරළය, සතර කෝරළය, හා මාතර යනුවෙන් නම් කළෝය. මේවායින් මාතර දිස්ත්‍රික්කය විශාල පෙදෙසක පැතිරී තිබිණි. එය දකූණු පළාතේ කළු ගඟ දක්වා පැතිරී ගියේ ය. ධර්මපාල රජු විසින් ලන්දේසි පූජක ෆ්‍රැන්ඩි ඩී ක්වෙරෝස් හට ලබාදුන් වාර්තාවේ සඳහන්වූයේ එය කෝට්ටේ සිට වලවේ ගඟ දෙසට පැතිරී යන බවයි. පසුව මැරිටිමි දකූණු පළාත පරිපාලන කටයුතු සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී. මෙම ප්‍රදේශ 09 'මාතර මහා දිසාව' ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ. වර්තමානයේ මාතර මහ නගර සභාවේ පුරපති වරයා සොසින්ද්‍ර හඳුන්නෙත්ති යැයි මෙහි දැක්වෙන නම සොසින්ද්‍ර හඳුන්ගේ ලෙස වෙනස් විය යුත්තේ ය.

[සංස්කරණය] ජනතාව

මාතර ප්‍රදේශයේ ධෛර්යය සමිපන්න මිනිස්සුන්ගෙන් පරිපූරණ වූවක් යයි ජනවහරේ පවතී. තවද මාතර වාසීන් බලි තොවිල් හදි හූනියම් වලට ඉතා දක්ෂ යයි විශ්වාසයක් ජනවහරේ පවතී. ලංකාවේ වෙනත් පළාත් වල ජීවත් වන බොහෝ අයගේ උපන්බිම මාතර ය. ලංකාවේ ජනප්‍රිය ව්‍යපාරිකයන් විශාල ප්‍රමාණයක ගේ උපන්බිම මාතර ය. පහත දැක්වෙන්නේ එයින් කිහිපදෙනෙකි.

  • නවලෝක සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • ජිනසේන සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • උපාලි සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • මැලිබන් බිස්කටි සමාගමේ නිර්මාතෘ
  • දාස සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ

එසේ ම බොහෝ ගත්කතුවරුන්ගේ නිජබිම ද මෙය යි.

  • මුණිදාස කුමාරතුංග
  • ෙදනගම සිරිවර්ධන

[සංස්කරණය] මැතිවරණ කොට්ඨාශ

  • මාතර
  • වැලිගම
  • දෙවිනුවර
  • හක්මන
  • අකූරැස්ස
  • දෙනියාය
  • කඹුරුපිටිය

[සංස්කරණය] විශ්වවිද්‍යාල

[සංස්කරණය] පාසල්

[සංස්කරණය] බාහිර ඇමුණුම්

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්