තැලික් අම්ලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Phthalic acid
Phthalic acid
Phthalic-acid-3D-balls.png
Identifiers
CAS number 88-99-3 Yes check.svgY
PubChem 1017
EC number 201-873-2
SMILES
Properties
Molecular formula C8H6O4
Molar mass 166.14 g/mol
Appearance white solid
Density 1.593 g/cm3, solid
Melting point

167 °C (sealed tube)

Solubility in water Not soluble
Hazards
NFPA 704
NFPA 704.svg
0
2
0
Related compounds
Related carboxylic acids Isophthalic acid
Terephthalic acid
Related compounds Phthalic anhydride
Phthalimide
Phthalhydrazide
Phthaloyl chloride
Benzene-1,2-
dicarboxaldehyde
 Yes check.svgY (what is this?)  (verify)
Except where noted otherwise, data are given for materials in their standard state (at 25 °C, 100 kPa)
Infobox references

තැලික් අම්ලය (IUPAC systematic name: benzene-1,2-dicarboxylic acid) C6H4(CO2H)2සුත්‍රය සහිත ඇරෝමැටික ඩයිකාබෝක්සිලික් අම්ලයකි.එය අයිසෝතැලික් අම්ලයේත් ටෙරීතැලික් අම්ලයේත් සමාවයවිකයකි.තැලික් අම්ලය වාණිජමය වටිනාකමින් අඩු වුවත් එහි ව්‍යුත්පන්නයක් වන තැලික් ඇන්හයිඩ්රයිඩ් වාණිජමය රසායන ද්‍රව්‍යයක් ලෙස විශාල පරිමාණයෙන් නිපදවයි. [1]

පටුන

[සංස්කරණය] නිෂ්පාදනය

1836 දී ප්‍රංශ ජාතික රසායනාඥයෙක් වන ඔගස්ටස් ලුරන්ට් විසින් නැප්තලීන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඔක්සිකරණයෙන් තැලික් අම්ලය ලබාගන්නා ලදී.ලැබූ ඵලය නැප්තලීන් වල ව්‍යුත්පන්නයක් යන විශ්වාසය මත ඔහු විසින් නැප්තලෙනික් අම්ලය ලෙස නම් කරන ලදී. ස්විට්සර්ලන්ත ජාතික රසායනාඥයෙක් වූ ජාන් චාර්ල්ස් ගලිසාර්ඩ් ඩි මරිනැක් විසින් නිවැරදි සුත්‍රය නිශ්චය කර ඊට අදාලව වර්තමානයෙහි පවතින නාමය ලබා දෙන ලදී. නැප්තලීන් උත්ප්‍රේරක ඔක්සිකරණයෙන් කෙලින්ම තැලික් ඇන්හයිඩ්‍රයිඩ් බවට හරවා ඇන්හයිඩ්‍රයිඩය ජලවිච්චේදනයෙන් තැලික් අම්ලය නිෂ්පාදනය කෙරේ.

[සංස්කරණය] ප්‍රතික්‍රියා හා භාවිතයන්

තැලික් අම්ල ස්ඵටික

රෝධනය කල නලයකදී (ජලය පිටවීම වලක්වන ලද) ද්‍රවාංකය 190 °C ක් වූ සුදු පැහැති ස්ඵටිකයකි. භාහිරට විවෘත අවස්ථාවේදී අම්ලය 210 °C දී විලයනය වෙයි.වැඩිපුර හුණු (කැල්සියම් කාබනේට්) සමඟ රත්කළ විට කාබොක්සිල්හරණය හරහා බෙන්සීන් ලබාදෙයි.තැලික් අම්ලයට එස්ටරීකරණය විය හැකි වුවත් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව සඳහා භාවිතා වනුයේ වඩා බහුලව පවතින, වඩා ප්‍රතික්‍රියාශීලී වූ තැලික් ඇන්හයිඩ්‍රයිඩයයි.

එය pKa (ආම්ලික විඝටන නියතය) අගයන් 2.89 හා 5.51 වූ ද්වී භාෂ්මික අම්ලයකි.තැලික් අම්ලයේ මොනො පොටෑසියම් ලවනය වන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් විශ්ලේෂනාත්මක රසායන විද්‍යාවේදී ප්‍රාමාණික අම්ලයක් ලෙස භාවිතා වෙයි.

තැලික් අම්ලය සෝඩියම් සංරසය සමග ඔක්සිහරණයට ලක් කල විට සයික්ලෝහෙක්සාඩයිඊන් ව්‍යුත්පන්නයක් ලබා දෙයි.[2]

[සංස්කරණය] සමාවයවික

තැලික් අම්ලය, බෙන්සීන්ඩයිකාබොක්සිලික් අම්ලයේ සංයුතිය සහිත සමාවයවික තුනෙන් එකකි. අනෙක් සමාවයවික දෙක අයිසෝතැලික් අම්ලය හා ටෙරිතැලික් අම්ලය වෙයි. ඇතැම් විට " තැලික් අම්ල " යන යෙදුම මගින් මෙම සමාවයවික කුලය හඳුන්වන මුත් "තැලික් අම්ල" යන්නෙන් විශේෂයෙන්ම හඳුන්වන්නේ ඔතෝ- සමාවයවිකයයි.

Phthalic-acid-2D-skeletal.png Isophthalic-acid-2D-skeletal.png Terephthalic-acid-2D-skeletal.png
  තැලික් අම්ලය     අයිසොතැලික් අම්ලය     ටෙරීතැලික් අම්ලය
  (ortho-phthalic acid)     (meta-phthalic acid)     (para-phthalic acid)

[සංස්කරණය] ආරක්ෂාව

The toxicity of phthalic acid is low with LD50 (mouse) of 550 mg/kg. However, many phthalate esters have been implicated as endocrine disruptors.

[සංස්කරණය] මේවාත් බලන්න

[සංස්කරණය] ආශ්‍රිත

  1. Peter M. Lorz, Friedrich K. Towae, Walter Enke, Rudolf Jäckh, Naresh Bhargava, Wolfgang Hillesheim “Phthalic Acid and Derivatives” in Ullmann's Encyclopedia of Industrial Chemistry, 2007, Wiley-VCH, Weinheim. සැකිල්ල:DOI
  2. සැකිල්ල:OrgSynth
  • Merck Index, 9th ed, #7178

[සංස්කරණය] භාහිර යොමු

සැකිල්ල:1911

"http://si.wikipedia.org/w/index.php?title=තැලික්_අම්ලය&oldid=198927" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්