ජලය

Wikipedia වෙතින්

(Water වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
ජලයෙහි අවස්ථා තුනකි. දියර , ඝණ ( අයිස්) සහ ( අදෘශ්‍ය) වායුගෝලීය වාෂ්ප , වළාකුළු යනු ජල වාෂ්ප ඝණීභවනය නිසා ඇති වන ද්‍රව බිදිතිය.

ජලය යනු සියළුම ජීවීන්ගේ පැවැත්ම සදහා අත්‍යාවශ්‍ය පොදු රසායනික ද්‍රව්‍යයකි. සාමාන්‍ය භාවිතයේ දී ජලයේ අවශ්‍යවන අවස්ථාව වන්නේ ද්‍රව අවස්ථාවයි. නමුත් මෙය ඝන අවස්ථාවේ (අයිස්) හා වායු අවස්ථාවේ දී ද (ජල වාෂ්ප) දක්නට හැක. පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක්ම ආවරණය කරන්නේ ජලයේත් පෙටාටොන් 1460 (Pt) ක ප්‍රමාණයකි. මෙයින් වැඩිපුරම ප්‍රමාණයක් සාගරයේ හා ජලාශවල ද , ජලයෙන් 1.6% ප්‍රමාණයක් පොළව යට ජලධර තුළ ද 0.001% ක ප්‍රමාණයක් වාෂ්ප , වලාකුළු ( වායුවේ ඝණ හා ද්‍රව ජල අණු එකිනෙකෙ තෙරපී සෑදෙන) සහ වර්ෂාව ලෙස වායුගෝලයේ ඇත. සමහර භූගත ජලය ජල ටැංකි , සතුන් හා ශාක , නිමි භාණ්ඩ , ආහාර ගබඩා වැනි ස්වාභාවික හා කෘතීම වස්තූන් තුළ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ අන්තර්ගත වේ.

පෘෂ්ඨීය ජලයෙන් 97% ක්ම ලවණ සාගර තුළ ද 2.4% ක් ග්ලැසියර් හා ධ්‍රැව ප්‍රදේශවල අයිස් වැසුම් තුළ හා 0.6% ක් අනෙකුත් පොකුණු , විල් හා ගංගා තුළ අඩංගු වේ. වාෂ්පීකරණය , උත්ස්වේදනය (වාෂ්පීකරණ උත්ස්වේදනය) අව‍ක්ෂේපණය, සහ ගලා යාම (සාගරය දක්වා) යන චක්‍රයක ජලය සාමාන්‍යයෙන් ගමන් කරයි. මුහුද දක්වා ජලය ගලා යන සීඝ්‍රත‍ාවෙන්ම සුළග මගින් ජල වාෂ්ප ගොඩබිම මතුපිටින් රැගෙන යයි. (වර්ෂයකට 36 Tt ප්‍රමාණයක්) ගොඩබිම මතුපිට වර්ෂයකට 107 Tt අවක්ෂේපණයකට උත්ස්වේදනය හා වාෂ්පීකරණය මගින් වර්ෂයකට 71 Tt ප්‍රමාණයක් දායක වේ. සමහර අවස්ථාවල දී ජීවීන්ට නැවුම් ජලය සපයමින් සමහර ජලය අයිස් වැසුම් ග්ලැසියර් , ජල ධර හා විල් පොකුණු තුළ විවිධ කාලයන් තුළ රැදවී ඇත. මිනිසාට හා අනෙකුත් ජීවීන්ට පිරිසිදු හා නැවුම් ජලය අත්‍යාවශ්‍යය. නමුත් ලෝකයේ බොහෝ පෙදෙස්වල - විශේෂයෙන් දියුණු වන රටවල මෙම සැපයුම ඌනය. ජලය යනු රසායනික ද්‍රව්‍යය බොහොමයක හොද ද්‍රාවකයකි.



[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Water



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"http://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA" වෙතින් නැවත ලබාගන්නා ලදි
වෙනත් භාෂා වලින්