පරිගණක වෛරස

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.


පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය

පටුන

[සංස්කරණය] වෛරස් වර්ග

[සංස්කරණය] Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.


[සංස්කරණය] Companion Viruses

Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.


[සංස්කරණය] Email Viruses

විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.


[සංස්කරණය] Logic Bombs and Time Bombs

පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.


[සංස්කරණය] Macro Viruses

Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.


[සංස්කරණය] Cross-site Scripting Virus

මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.


[සංස්කරණය] Trojan Horses

පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.

[සංස්කරණය] Worms

පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.

[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Computer_virus




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."


මෙම ලිපියේ මූලික පරිවර්තනය, ඉංග්‍රීසි විකිපීඩියාව වෙතින් සිදුකර ඇත්තේ, ෆෙලිඩේ සංවිධානය http://www.felidae.lk විසිනි. මෙසේ පරිවර්තනය කෙරුණු මූලික අනුවාදය, එහි නිරවද්‍යතාවය හා තත්ත්වය පිළිබඳව, ප්‍රවීණයන් මඬුල්ලකගේ පරිශීලනයට ලක්ව ඇත. මෙම කටයුත්තට මුලපුරා අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය, http://www.icta.lk විසිනි. ග්‍රාමීය ප්‍රජාවන් වෙත මෙහි ප්‍රවේශය ලබා දීම හා අනුග්‍රහය, ප්‍රැක්ටිකල් ඇක්ෂන් (පූර්වයේ ITDG), http://practicalaction.org/?id=region_south_asia විසිනි.