විෂුවල් බේසික්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Visual Basic
Image of the Visual Basic 6 IDE
Paradigm Object-based and Event-driven
ප්‍රාදුර්භූත වෙන්නේ 1991 (1991)
විකාශකය Microsoft
ස්ථාවර නිකුතුව VB6 (1998)
Typing discipline Static, strong
ආභාෂය ලැබුවේ QuickBASIC
අනුබලය Visual Basic .NET, Gambas, REALbasic, Basic4ppc
OS Microsoft Windows, MS-DOS
Website msdn.microsoft.com

විෂුවල් බෙසික් යනු ‍තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (interrogated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.

පටුන

[සංස්කරණය] ප්‍රයෝජන හා විකාසනය

මෙ මගින් බොහෝවිට දත්ත පාදම හා සම්බන්ධ වෙමින් වැඩසටහන් කිරීමට නැඹුරුවක් දක්වයි. (Database Applications) මෙය ඉවෙන්ට් මගින් ධාවනය වන පරිගණක භාෂාවකි. එනම් යම්කිසි සිදුවීමක් ෆෝර්මයට හෝ එයමත පවතින කන්ට්‍රෝල මත සිදුවූවිට එහා ගතයුතුක්‍රියා මාර්ග එහි කේතනය කලයුතුවෙයි. මෙහි ආදිතමයා විෂුවල් බෙසික් 1.0 වූ අතර පිලිවෙලින් විෂුවල් බෙසික් 2.0/3.0/4.0/5.0 ලෙස ව්කසනය වි විෂුවල් බෙසික් 6.0 පැමිණ ඇත. විෂුවල් බෙසික් 6.0 පසු මෙම කාණ්ඩයේ මෘදුකාංග නිපදවීම නැවැත්වූ මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ඉන්පසු .Net (Dot Net) නමි අලුත්ම සැකිල්ලක් යටතේ නවතම පරිගණක වැඩසටහනක් නිර්මානය කරවිය එය විෂුවල් බෙසික් ඞොට්නෙට් (Visual Basic .Net) ලෙස හැදින්වෙයි. මෙය විෂුවල් ස්ටූඩියෝ ඞොට්නෙට් හි එක් උපාංගයක් ලෙස ලැබේ.

ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර

  • Inventory Control Systems
  • Management Information Systems
  • Leave Systems
  • Human Resorce Management Systems

ප්‍රධාන වෙයි.

[සංස්කරණය] විෂුවල් බේසික් විවෘත කරගැනීම

පරිගණකයේ ඇති විෂුවල් බේසික් විවෘත ගැනීම ස‍ඳහා Start->All Programs->Visual Studio 6.0->Visual Basic 6.0 තෝරා ගතයුතු වෙයි. ඒවිට Visual Basic 6.0 ඔබට ලබාගතහැක.

විෂුවල් බේසික් IDE හි ප්‍රධාන කොටස් පහත ලෙස දැක්විය හැක.

  • විෂුවල් ටූල් බාර්.
  • ටූල් බොක්ස්
  • ෆෝර්මය
  • ප්‍රොජෙක්ට් ජනේලය
  • ප්‍රොපටි ජනේලය

[සංස්කරණය] විෂුවල් ටූල් බාර්.

මෙමගින් විෂුවල් බේසික්හි විවිධ ක්‍රියාකාරකම් සිදුකල හැක නව ෆෝර්මයක් ලබාගැනීම, මෙනූ ඒඩිටරය ලබාගැනීම, කොපිකිරීම, කට් කිරීම, ‍ පේස්ට් කිරිම හා විෂූවල් බේසික් පද්ධතිය ධාවනය කරගැනීම ඉන් සමහරක් වේ.

[සංස්කරණය] විෂූවල් බේසික් උපකරණ පෙට්ටිය (Tool Box)

විෂූවල් බේසික් ටූල් බොක්ස් මත විවිධ උපාංග දක්නට ලැබේ. මේවා වින්ඩෝස් මෘදුකාංග සකස්කිරීමට උපකාරීවෙයි. මෙම උපාංග ෆෝර්මය මතට දමාගැනීම සඳහා ටූල් බොක්ස් හි උපාංගය මත දෙවරක් ක්ලික් කිරීම හෝ උපාංගය මත දකුණු මවුස් බොත්තම තදකර ඇදගෙන ගොස් ෆෝර්මය මතට දමාගැනීම මගින් ලබාගතහැක.


[සංස්කරණය] වින්ඩෝස් ෆෝර්ම උපාංගය(Windows Forms)

විෂුවල් බේසික් හී සියලුම උපාංග තබාගන්නා උපාංගය වින්ඩෝස් ෆෝර්ම උපාංගය වේ. මේ මතට ටූල් බොක්ස් මත ඇති සියළුම කන්ට්‍රෝල උපාංගයන් දැමීමට හැකියාව ඇත. ඒනම් විධාන බොත්තම්, ටෙක්ස් බොක්ස, කොම්බෝ බොක්ස ආදිය වේ.

[සංස්කරණය] ප්‍රොජෙක්ට් ජනේලය

මෙමත ව්‍යාපෘතියේ සියලූම ගොනු දිස්වෙයි මෙම ගොනු මත දෙවරක් ක්ලික් කිරීම මහින් අවශ්‍ය ගොනුව විවෘත්ත කරගත හැක.

[සංස්කරණය] ගුණාංග ජනේලය (Property Panel)

විෂුවල් විෂූවල් බේසික් හි සියලුම උපාංගවල වත්කම් (Properties ) මෙමගින් පෙන්නුම් කරයි. එවා අවශ්‍ය පරිදි වෙනස් කිරීම මෙමගින් කල හැක.

[සංස්කරණය] විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග

විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග පහත ලෙස දැක්විය හැකිවෙයි.

  1. byte
  2. Integer
  3. Long
  4. String
  5. Double
  6. Boolean
"http://si.wikipedia.org/w/index.php?title=විෂුවල්_බේසික්&oldid=209918" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්