නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Lady Justice,ධර්මාධිකරණයේ සංකේතයයි


ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නීතිය මඟින් පුද්ගලික සහ නිශචල දේපළ පැවරීම සහ හිමිකම සම්බන්ධ අයිතීන් සහ බැඳීම් විස්තර කරනු ලබයි (නිවසක් කුලියට දී ම හෝ උකස් කිරීම). භාර නීතිය ආයෝජන සහ මූල්‍යමය සුරක්ෂිතභාවය සඳහා දේපළක අයිතිය දරා සිටිම (විශ්‍රාමික අරමුදල) ද සිවිල් වැරදි නීතිය යම් පුද්ගලයෙකුට තුවාල සිදු වීම හෝ දේපළමට හානි කිරීම වන්දි බලා ගැනීමට අවකාශ සලසයි. එලෙස හානි සිදු කිරීම දණඩ නීතියේ දක්වා ඇත්නම් අපරධකරුට එරෙහිව රජය විසින් නඩු පවරා දඬුවම් නියම කරනු ලබයි. ආණ්ඩක්‍රම ව්‍යවස්ථා නීතිය මඟින් නීති සෑදීම, ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම, සඳහා රාමුවක් සැපයයි. පරිපාලන නීතිය රාජ්‍යය පරිපාලන ආයතන සම්බන්ධ කටයුතු සඳහා ද ජාත්‍යන්තර නීතිය ස්වෛරී රාජ්‍යයන් අතර වෙළඳාමේ, පරිසරයේ සිට හමුදාමය ක්‍රියා මාර්ග දක්වා කටයුතු හසුරුවනු ලැබේ. ශ්‍රේෂ්ඨ ග්‍රික දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූවේ නීතියේ පාලනය තනි පුද්ගලයකුගේ පාලනයට වඩා හොඳ බවයි. නීත්‍යානුකූල අයිතිචාසිකම් සහ වගකීම් ලොව පුරා පවතින නීති පද්ධතීන් මඟින් විවිධාකාරයෙන් විස්තර කොට ඇත. ප්‍රධානතම වෙනස වන්නේ සිවිල් නීති සහ පොදු නීති සම්ප්‍රදායන්ගේ විනිශ්චයන් හී දීය. සමහර රටවල් වල නීතිය ආගමික මුල ග්‍රන්ථ මත පදනම් ව ඇත. විශාරදයන් නීතියේ සම්භවය සබන්ධයෙන් නීති ඉතිහාසය, දර්ශනවාදය, සමාජ විද්‍යාත්මක වැනි විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ පර්යේෂණ සිදු කරන ලදී. නීතිය පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයන් ට අනුව සමානත්වය, සාධාරනත්වය සහ යුක්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්ණ සරල ඒවා නොවේ. නීතියේ වැදගතාම ආයතන වන්නේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන් කාර්‍ය්ය මණ්ඩලය, හමුදව, පොලීසිය, නීති වෘත්තිය සහ සිවිල් සමාජයයි.

නීතිය පිළිබඳව දක්වන අදහස්[සංස්කරණය]

ඒ අනුව එය ප්‍රධාන කොටස් හතරකට බෙදේ.

  1. ස්වාභාවික නීති ගුරුකුලය (Natural Law School)
  2. නෛතික ප්‍රත්‍යක්ෂවාදි ගුරුකුලය (Legal Positivistic School)
  3. සමාජවාදී ගුරුකුලය (Socialist School)
  4. සමාජ විද්‍යාත්මක ගුරුකුලය (Sociological School)

ඉහත ගුරුකුල හතර නීතිය පිළිබඳව ප්‍රධානවම අදහස් දක්වන ගුරුකුල වන අතර මීට අමතරව අදහස් දක්වන පශ්චාත් නූතනවාදය,පරිපූර්ණ නීති න්‍යාය, කාන්තාවාදය ආදී විවිධ ගුරුකුලයන් ද දක්නට ඇත.

නීතිය හැදෑරීම[සංස්කරණය]

නීතිමය විෂයයන්[සංස්කරණය]

සියලූ නීති පද්ධතීන් සමාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන නමුත්, විවිධ රටවල් නීතිමය විෂයන් වර්ග කරනුයේ විවිධාකාරයෙනි. ඉන් වඩාත් පොදු වර්ගීකරණයක් නම්, රාජ්‍යය සමග සමීපව බැඳී පවතින ‘පොදු නීතිය’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හා අපරාධ නීතිය* සහ ‘පෞද්ගලික නීතිය’ (ගිවිසුම්, තෝරත සහ දේපළ නීතිය) යන විෂයයන් ය. සිවිල් නීති පද්ධතීන් තුළ, ගිවිසුම් හා තෝරත නීතිය බැඳීම් නීතිය සහ සාමාන්‍ය වර්ගීකරණයට අයත් වන අතර, භාරකාරත්ව නීතිය අයත් වන්නේ ජාත්‍යන්තර එකඟතා පිළිබඳ අංශයට ය. අන්තර්ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ පරිපාලන, අපරාධ, ගිවිසුම්, තෝරත, දේපළ හා භාරකාරත්ව නීතිය යන විෂයයන් සැලකෙන්නේ ‘සාම්ප‍්‍රදායික කේන්ද්‍රීය විෂයයන්’ ලෙස ය. (අතිශය ප‍්‍රායෝගික වැදගත්කමකින් යුත් වැඩිදුර විෂයයන් පවතින නමුත්)

නීතියේ ඉතිහාසය[සංස්කරණය]

හමුරාබි රජු නීති සංග්‍රහය ප්‍රකාශ කරන අයුරු දැක්වේ

නීතියේ ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය සහ ඉතා සමීපව බැඳී පවතී.පුරාණ ඊජිප්තු නීතිය ක්‍රි.පූ. 3000 තරම් ඈත අතීතයක් දක්වා දිවෙන අතර එය මාට් නමින් හැඳින්වුණු සංකල්පයක් මත පදනම්ව ඇත. පාරම්පරික අලංකාරෝක්ති සහිත දේශන, සමාජ සමානාත්මතාවයන්, සහ අපක්ෂපාතීත්වය යන ලක්ෂණයන් අන්තර්ගත ව ග්‍රන්ථ දොළහකින් යුත් සිවිල් නීති සංග්‍රහයකින් සමන්විත විය. ක්‍රි.පූ. 1760 දී පමණ හමුරාබි රජු සමයේ දී පුරාණ බැබිලෝනියානු නීතිය සංග්‍රහගත කොට ගල් පුවරුවක කැටයම් කර මහජනතාවට දැක ගැනීම සඳහා පොදු ස්ථානයක තබන ලදී. කෝඩෙක්ස් හමුරාබි නමින් හැඳින්වීය. කෙසේ නමුත් ඊජිප්තු නීතිය සේම ඉතිහාසඥයින් විසින් කොටස් වශයෙන් එකතු කර ගන්න ලද නඩු වාර්තා කාලයාගේ අවෑමෙන් අස්ථානගතවී ඉතිරිව ඇත්තේ ස්වල්පයක් පමණි. පසු කාලීනව බිහිවූ ශිෂ්ටාචාර කෙරෙහි මේවායින් ඇති වූ බලපෑම ඉතා අල්පය. ක්‍රි. පූ. 1280 තරම් ඇත කාලයකදී බිහි වූ පුරාණ ගිවිසුම නව නීති පද්ධතීන් සඳහා තවමත් අදාළ වන පැරණිතම නීතිය විය හැකිය. එහි යහපත් සමාජයක් සඳහා නිර්දේශ ලෙස අත්‍යාවශ්‍යයෙන්ම අන්තර්ගත විය යුතු සදාචාරයන්ගෙන් සමන්විත විය. කුඩා ග්‍රීක පෞර රාජ්‍යයක් වූ පුරාණ ඇතෑන්ස් නගරය ක්‍රි.පු. 8 වැනි සියවසේ දී පමණ පුරවැසි සංකල්පය පුළුල් ලෙස ඇතුළත් වූ ප්‍රථම සමාජය වූ අතර එම තත්ත්වයෙන් කාන්තාවන් සහ වහලුන් බැහැර කර තිබිණි. නමුත් පුරාණ ග්‍රීක නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට දායක වූ නව ව්‍යවස්ථාපිත සොයා ගැනීම් වලින් යුක්ත විය.


ග්‍රීක ඉගැන්වීම් රෝම නීතිය සඳහා තදින්ම බලපා ඇත. එය සියවස් ගණනාවක් මුළුල්ලේ රෝම අධිරාජ්‍යයේ නැගීම සහ බැසීම අතරතුර කාලයේදී වර්තමාන ලෝක නීතිය සඳහා තනන ලද පාලමක් වැනිය. පළමුවන ජස්ටීනියන් අධිරාජ්‍යාගේ සමයේ දී රෝම නීතිය Theodosius II , Justinian I නමින් සංග්‍රහගත කරවන ලදී. එය අඳුරු යුගයේ දි අස්ථානගත වී 11 වැනි සියවසේ දී නැවත සොයාගනු ලැබීය. මධ්‍යකාලීන නීති විශාරදයන් තම මතවාදයන් යොදාගෙන රෝම නීති සංග්‍රහයන් පිළිබඳ පර්යේෂණයන් සිදු කළහ. මධ්‍යකාලීන එංගලන්ත රජුගේ බලවත් විනිසුරුවන් විසින් පොදු නීතිය බවට පත් කරන ලද පූර්වගාමී ව්‍යුහයක් වර්ධනය වීම ඇරඹිණි. නමුත් යුරෝපය පුරා Law Merchant(වෙළෙඳ නීතිය) බිහිවීමත් සමඟම වෙළෙන්ඳන්හට හුරුපුරුදු සම්මතයන්ට අනුව කටයුතු කළ හැකි විය. Law Merchant නව වෙළෙඳ නීතියේ පූරෝගාමිය වන අතර එමඟින් ගිවිසුම් නිදහස සහ දේපළ පැවරීම පිළිබඳ අවධානය යොමු කරන ලදී. 18 සහ 19 වැනි සියවස්වල දී සිදු වූ ජාතිකත්වයේ වර්ධනයත් සමඟම Law Merchant නව සිවිල් නීති සංග්‍රහ ලෙස නීති ගත කරන ලදී. ප්‍රංශ නැපෝලියන් සංග්‍රහයේ බලපෑම තදින්ම දැනෙන්නේ ජර්මනියටය. නඩු තීන්දු ගණනාවකින් සමන්විත වන එංගලන්තයේ පොදු නීතිය මෙන් නොව මෙම නීති සංග්‍රහයන් කුඩා ග්‍රන්ථවල අන්තර්ගත කොට ඇති නිසා විනිසුරුවන් හට ඒවා භාවිතය ඉතා පහසුය. කෙසේ වෙතත් වර්තමානයේ සිවිල් සහ පොදු නීතිය අභිසරනය වෙමින් පවතී. යුරෝපා සංගම් නීතිය ගිවිසුම් මඟින් සංග්‍රහ ගතකොට යුරෝපා අධිකරණයේ පූර්වගාමී නඩු තීන්දු මඟින් වර්ධනය වේ.

පුරාණ ඉන්දියාවේ සහ චීනයේ වඩා වෙනස් වූ නීති සම්ප්‍රදායන් නියොජනය කරන ඓතිහාසික ව ස්වාධීන නීතිමය සිද්ධාන්ත සහ භාවිතයන් පැවතුණි. ක්‍රි. පූ. 100 දී පමණ සම්පාදිත අර්ථ ශාස්ත්‍රය සහ ක්‍රි.පූ. 100 සහ 300 අතර කාලයේ සම්පාදිත මනුස්මෘතිය ඉන්දියාව තුළ භාවිතා වූ මූලික ග්‍රන්ථයන් වූ අතර ඒවා බලය ලත් නීති මඟපෙන්වන්නන් ලෙස සලකන ලදී. මනුගේ කේන්ද්‍රීය දර්ශනය වූ සාධාරණත්වය සහ බහුත්වවාදය අග්නි දිග ආසියාව දක්වා පැතීරුණි. ඉන්දියාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ පසු මෙම හින්දු සම්ප්‍රදායත් ඉස්ලාමීය නීතියත් වෙනුවට පොදු නීතිය ආදේශ විය.

ව්‍යවස්ථාදායකය[සංස්කරණය]

යුරෝපීය පාර්ලිමේතුවේ මන්ත්‍රණ සභාව

ව්‍යවස්ථාදායකයන් සඳහා දිය හැකි හොඳම උදාහරනයන් වන්නේ ලන්ඩන් හි පිහිටි පාර්ලිමේන්තුව, වොෂින්ටන් හි පිහිටි කොංග්‍රසය, බර්ලිනයේ පිහිටි බුන්ඩෙස්ටැග්, මොස්කව් හි පිහිටි ඩූමාව සහ පැරීසියේ පිහිටි ඇසෙම්බ්ලී නැෂනාලේ ය.

නියෝජක රාජ්‍යය මූලධර්මය මඟින් ජනතාව තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා දේශපාලකයන් හට ඡන්දය ප්‍රකාශ කරනු ලබයි. ඊශ්‍රායලය, ග්‍රීසිය, ස්වීඩනය සහ චීනය වැනි රටවල ඇතතේ ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් වුවත් බොහෝ රටවල ද්වී මණ්ඩල එනම් ව්‍යවස්ථාදයකය තුල පවතින ආයතන දෙකට වෙන වෙනම නියෝජිතයින් තෝරා පත් කර ගැනේ. පහළ මංත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයින් කුඩා ඡන්ද කොට්ටාශ වලින් තෝර පත් කර ගන්‍ර ලැබේ. ෆෙඩරල් රාජ්‍යය වල ඉහළ මංත්‍රී මණ්ඩලය තෝරා පත් කර ගනු ලබන්නේ ප්‍රාදේශීය රාජ්‍යයන් නියෝජනය කිරීමට වන අතර (ඔස්ට්‍රේලියාව, ජර්මනිය හෝ ඇමරිකා එක්සත් ජනපදය) එසේ නැතහොත් ඒකීය ක්‍රමයක් තුළ වෙනත් ඡන්ද ක්‍රමයක භාවිතා කරන ලබයි (ප්‍රංශයේ මෙන්).

එක්සත් රාජ්‍යයයේ ඉහළ මංත්‍රී මණ්ඩලය පත් කරනු ලබන්නේ රජය විසින් විමර්ශණ මණඩලයක් ලෙසය. මෙලෙස ආයතන දෙකකින් යුක්ත වන ද්වී මණ්ඩල ක්‍රමයක් පැවතීම ඉන් එකක් අනිකේ කැඩපතක් බවට පත්වන බව මෙම ක්‍රමයට ඇති ප්‍රබල විවේචනයකි. මෙයට ඇත් එකම සාම්ප්‍රදායික සාධාරණීකරණය වන්නේ ඉහළ මණ්ඩලය විමර්ශන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන බවය. මෙඟින් රජයේ අභිමතතාව සහ අසාධාරණය අවම කල හැක. පණතක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ බහුතරය මංත්‍රී මණ්ඩල දෙකෙහිම කෙටුම් පතට පක්ෂව ඡන්දය ලැබිය යුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ කෙටුම්පත කිහිප වාරයක් කියවනු ලබන අතර විවිධ දේශපාලන කණ්ඩායම් විසින් සංශෝධන යෝජනා කරනු ලබයි. කිසියම් රටකට අනම්‍යය ව්‍යවස්ථාවක් ඇත්නම් එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විශේෂ බහුතරයක් අත්‍යාවශ්‍යය වන අතර එම නිසා සංශෝධනය අපහසු වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මංත්‍රිවරුනගෙන් සැදුම් ලත් රජය (එක්සත් රාජ්‍යයේ සහ ජර්මනිය) නායකත්වය ගෙන කටයුතු කරන අතර ජනාධිපති ක්‍රමයකදී විධායකය රාජ්‍යය පාලනය සඳහා තම දේශපාලන සම්බන්ධතා මත හෝ ජනතාව විසින් තෝරා ගනු ලබූ හෝ නොලැබූ කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලබන අතර (ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය) ව්‍යවස්ථාදායකයේ කාරය වන්නේ නිෂේධනය කිරීමට පමණක් සීමා කොට ඇත.

අධිකරණය[සංස්කරණය]

නීතිය - අධිකරණය අධිකරණය යනු මහජනයාගේ ආරවුල් සඳහා මැදිහත් වීම සහ ඒවායේ විපාක කවරේ ද යන්න තීන්දු කිරීම සඳහා විනිසුරුවන්ගෙන් සැදුම් ලත් මංඩලයකි. බොහෝ රටවල ඉහළම අධිකරණ දක්වා අභියාචන කළ හැකි වන අභියාචන අධිකරණ පද්ධතියක් ද ඇත. උදා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය, එක්සත් රාජ්‍යයේ සාමි මන්ත්‍රි මණ්ඩලය. කෙසේ වෙතත් බොහෝ යුරෝපා රටවල ලක්ස්ම්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා අධිකරණය යුරෝපා ව්‍යවස්ථාව අදාළ වන විට ජාතික නීතිය අභ්භවා යයි. යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල පුරවැසියන් හට මානව හිමිකම් සම්බන්ධ ගැටළු ස්ට්‍රාස්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ගෙන ආ හැකිය. සමහර රටවල ව්‍යවස්ථානුකූල නොවන නීතින් ඉවත් කර දැමීම සඳහා උපරිමාධිකරණයට බලය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ූඔඑ ව. ීඅඩඑ නඩුවේ දී ගබ්සා කිරීමේ දී කාන්තාවන්ට සහය වීම තහනම් කර තිබූ ටෙක්සන් නීතිය ඉවත් කර දමන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය ඇමරිකානුවන්ට පුද්ගලිකත්වයේ අයිතිය ලබා දී ඇත බවට අරථ කථනය කරමින් කාන්තාවන්ට ගබ්සාවක් සිදු කර ගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කරන ලදී. ව්‍යවස්ථාදායකය තරමටම අධිකරණයත් සෛද්ධාන්තිකව ව්‍යවස්ථාව මඟින් සීමා කරනු ලබයි. බොහෝ රටවල විනිසුරුවන් ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති පමණක් අර්ථකථනය කරනු ලබයි. නමුත් පොදු නීති සම්ප්‍රදා අනුගමනය කරන රටවල ව්‍යවස්ථානුකූල ගැටළු පූර්වගාමී සංකල්පය යටතේ අධිකරණය නීති අසම්පාදනය කරනු ලබයි. නමුත් එක්සත් රාජ්‍යය, ෆින්ලන්තය සහ නවසීලන්තය යන රටවල තවමත් පාර්ලිමේන්තුවේ පරම අධිකාරීත්වය තරයේ පිළිගන්නා අතර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගනු ලැබූ ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කරන ලද නීති තෝරාපත් කර නොගත් අධිකරණයකට ලබා නොදේ.

ස්වාභාවික නීති ගුරුකුලය[සංස්කරණය]

මෙහිදී සෑම නීතියක්ම විශ්ව බුද්ධියට,විශ්ව සාධාරණත්වයට නතුවිය යුතුබව පවසයි.නීතිය යනු නිත්‍යානුකූල නිළධාරින් පොදු යහපත සඳහා පනවන බුද්ධිගෝචර න්‍යායකි.මෙය එක් එක් අයගේ පෞද්ගලික අභිලාෂයන් සඳහා නොව පොදු යහපත සඳහා යෙදවිය යුතුය.

මේ ගුරුකුලය කොටස් දෙකකට බෙදේ.

  1. දේව දෘෂ්ටික ස්වාභාවික නීති න්‍යාය

නීතිය ඇතිවූයේ දෙවියන්ගෙන් බව මෙයින් කියවේ.දේව නීතියට අනුකූලව ස්වාභාවික නීතිය පැවතිය යුතුය.

  1. ජාත්‍යන්තර නීතිය

ජාත්‍යන්තර නීතියට අනුකූලව රටක දේශීය නීතිය සකස් කළ යුතුබව දක්වයි.

නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලය[සංස්කරණය]

නීතිය යනු පරම බලධාරියාගේ දණ්ඩන තහංචි වලින් තහවුරු කළහැකි නියෝගයක් බව දක්වයි. මෙයින් දේශය තුළ පවතින නීති පමණක් ක්‍රියාත්මක වන බව ගම්‍ය වෙයි.

සමාජවාදී ගුරුකුලය[සංස්කරණය]

1917 ඔක්තොම්බර් මස රුසියාවේ පැවති විප්ලවයෙන් පසු සමාජවාදී ගුරු කුලය ආරම්භ විය. මොවුන් නීතිය යනු රාජ්‍ය ප්‍රතිපත්ති වලට බුද්ධිමය පදනමක් ලබා දෙන මෙවලමක් බව දැක්වීය. සමාජවාදී රාජ්‍යයක උත්තරීතර වන්නේ රාජ්‍ය නීතියයි.

සමාජ විද්‍යාත්මක ගුරුකුලය[සංස්කරණය]

ස්වාභාවික නීති හා නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලයන්ට අතරමැදි ගුරු කුලයකි. නීතිය යනු ගැටෙන අගයන් සමතුලිත කිරීමයි. ගැටෙන අයිතීන් විවිධය. පුද්ගල අවශ්‍යතා පොදු හා සමාජ අවශ්‍යතා මත ගැටීම් ඇතිවිය හැක. නීතිය මගින් එම ගැටෙන කොටස් වල අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් හඳුනාගෙන විසඳුම් ලබාදිය යුතුය.

මෙම ගුරුකුල දක්වා ඇති අදහස් වලට අනුව නීතිය යන්නට නියමිත අර්ථකථනයක් නොමැති බවත් එය පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වන බව පෙනේ.


නීතිමය නිලධාරීවාදය[සංස්කරණය]

නිවුයොර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේ සිටින සිවිල් සේවකයන් සමාජික රාජ්‍යයන් 192 කට සේවය සපයයි.

නිලධාරීවාදය එනම් 'බියුරකරණීය" යන වදන ප්‍රංශ බසින් "කාර්යාලය" ට යොදන "බියුරෝ" යන වචනයේත් , ග්‍රීක් බසින් "බලය"ට යෙදෙන "ක්‍රටෝස්' යන වචනයේත් එකතුවෙන් සෑදුණකි. හමුදා,පොලිසිය මෙන්ම, රජයේ සේවකයන් හා සමුහයන්ට අයත් සියලුම නිලධාරින් පාලක පක්ෂයේ අභිමත ක්‍රියාවට නංවයි.මේ සියල්ලෝ නිලධාරිවාදියෝය.

මෙම සංකල්පයට මුලිකම නිර්දේශණයක් 1795 දී ප්‍රංශයේ විසු ජර්මන් ජාතික " බාරෝන් ඩී ග්‍රිම්" විසින් ඉදිරිපත් ‍ක‍ළේය. එහි ‍මෙසේ සඳහන් වේ.

"ප්‍රංශයේ හිටපු පාලකයෙක් වු මොන්සේ ඩි ගෝරනේ විසින් වැඩි වශයෙන් පැමිණිලි කරන ලද්දේ, ප්‍රංශයේ නීතිවල නියමඅර්ථය වු "නිලධාරි වාදය පිළිබඳවයි. මෙහි කාර්යාල ලිපිකරුවන්, කාර්යාංශ පරික්ෂකවරුන් පත්වන ලද්දේ මහ ජනතාවගේ ලාභ ප්‍රයොජන සඳහා නොවේ. සැබවින්ම මහජන උනන්දුව ස්ථාපනය වී ඇති බව පෙනී යාම නිසාවෙන් එම කාර්යාලවල පැවත්ම සිදුවුණි. තවමත් "නිලධාරින්ගේ ක්‍රියා කලාපය තුළ ඉහළින් සිදුවන නරුම වදය" සුලභව දක්නට ලැබේ. තවද ලාභ වලින් අභිප්‍රේරණය වී සිටින පෞද්ගලික ව්‍යවසායකයින් හා නියමානුකූලව මහජන සේවකයේ නියැළෙන්නන්ගේ ක්‍රියා කලාපය අතර පැහැදිලි වෙනසක් තිබෙ. ඇත්ත වශයෙන්ම කියතොත් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සමාගම් වලද " නිලධාරීවාදය" දක්නට ලැබෙන අවස්ථා පවතී. හුවමනා රෙගුලාසි ආදියේ සෘණාත්මක හැඟීම් පසෙකලූ කල පොදු ජන සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය, පොලීසිය, පොදු ප්‍රවාහනය ආදිය තීරණාත්මක තත්ත්වයක ක්‍රියාත්මක වනුයේ " මහජන නිල බල ක්‍රමය ", ආණ්ඩුවේ බලය යොදන පාදය හෝ ස්ථානයක් බවට පත් කරමිනි.

විසි වැනි ශත වර්ෂයේදී ලේඛක " මැක්ස් වේබර්" ලියා දක්වා ඇති පරිදි,නිල බල ක්‍රමයෙන් ලැබෙන සහයෝගය ඕනෑම දියුණු ජනපදයක දක්නට ලැබෙන නියත ලක්ෂණයකි. තවදුරටත් ඔහු කියා සිටින්නේ නිලධාරීවාදයේ ආවේනික ලක්ෂණ වනුයේ “නිලධාරින්ට තම මෙහෙයුම පැහැදිලි කිරිමත්, ඉහළ සිට පහලට වන තෙක් සියළු ශ්‍රේණිවල අය කළමණාකරණය කිරිමට හැකිවන පරිදි වෘත්තිය විශේෂඥයන් තැනීමත්, ලිඛිත සන්නිවේදනය තුළින් මහජන සේවකයන්ගේ අභිමතයන් නීති වලින් බැඳ තැබිමත්ය”.

නීතියේ ආර්ථික විශලේෂණය[සංස්කරණය]

රිචඩ් පොස්නර්

නීතියේ ආර්ථික විශලේෂණය යනු නීතිමය සිද්ධාන්ත ආර්ථික විද්‍යාවේ සංකල්පයන් සහ ක්‍රමවේදයන් නීතිගත කිරීමේ සහ නීතිය සඳහා යොදා ගැනීමේ ප්‍රවේශයයි. රිචඩ් පොස්නර් සහ ඔලිවර් විලියම්සන් වැනි බලගතු යෝජකයින් ඇතුළුව සහ මිල්ටන් ෆ්රීඩ්මන් සහ ග්රේ බෙකර්ද, චිකාගෝ ආර්ථික විද්‍යාඥයින් සහ නීතිඥ විද්‍යාලය විසින් සාමාන්‍යයෙන් පාලන රීති හා සීමා ඉවත් කිරිම සහ පුද්ගලීකරණය සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලබයි. එමෙන්ම රාජ්‍යය යාමනයට එදිරිව හෙවත් ඔවුන් දකින ආකාරයට නිදහස් වෙළෙඳ පල තුළ ක්‍රියාත්මක වීම සීමා කිරීමට විරුද්ධව ක්‍රියා කරයි. 1991 දී නොබෙල් ත්‍යාගලාභී රොනල්ඩ් කෝස් විශිෂ්ට ආර්ථික නීති විශ්ලේෂකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔහුගේ The Nature of the Firm (1937) නමැති ලිපියෙන් සමාගම්වල පැවැත්ම සහ ගණුදෙනු වියදම්වලට හේතු ඉදිරිපත් කරන ලදී. බුද්ධිමත් පුද්ගලයින් ද්වී පාර්ශ්වික ගිවිසුම් මඟින් විවෘත වෙළෙඳ පළේ ගණුදෙනු පිරිවැය මධ්‍යස්ථ අගයක් ගන්නා තුරු සහයෝගීතාවයන් භාවිතයෙන් පිරිවැය වඩා ඵලදායී වන අන්දමින් නිෂ්පාදන සිදුකරනු ලබයි. ඔහුගේ දෙවන ලිපියෙන් (The Problem of Social Cost 1960) ගණුදෙනු පිරිවැයක් නොමැති ලොවක ජීවත් වන්නේ නම් දේපළ ආරවුල් සම්බන්ධ අධිකරණ තීන්දු නොතකා ජනතාව සම්පත් බෙදා හදා ගැනීම සඳහා එකිනෙකා හා හෙට්ටු කරන තත්ත්වයක් නිර්මාණය වන බවට තර්ක කරන ලදී.

නීතියේ සමාජ විද්‍යාව[සංස්කරණය]

නීතිඥයකු ලෙස කටයුතු කළ මැක්ස් වෙබර්, සමාජ විද්‍යාවේ මෙන්ම නීතිය පිළිබඳ සමාජ විද්‍යාවේ ද ආරම්භකයා ලෙස සැලකේ.

නීතියේ සමාජ විද්‍යාව වූ කලී, නීතිය හා එහි සමාජානුයෝජනය පිළිබඳ ව සොයා බලන විවිධ හැඩතල ගත් ක්ෂේත‍්‍රයකි. නීතියේ සමාජ විද්‍යාව, නීති විද්‍යාව, නීතිය පිළිබඳ ආර්ථික විග‍්‍රහය හා අපරාධ විද්‍යාව වැනි විශේෂිත විෂයන් හා එක්ව ගමන් කරයි. නෛතික ආයතන සහ නෛතික කරණු හා ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම පිළිබඳ ව ද සොයා බලයි. මුලදී, මෙම විෂය පිළිබඳ ව නීතිය පිළිබඳ න්‍යායවාදීහූ සැක සහිත වූහ. නීතිඥවරුන් විසින් භාවිත කරනු ලබන ප‍්‍රායෝගික නීතිය සහ එදිනෙදා ජීවිතයට අදාළ වන්නා වූ වෙනත් ආකාරවල නීතිය, නීතිය හෝ සමාජීය මූලධර්ම අතර වෙනස පිළිබඳ ව අවධාරණය කළ ඉයුජින් අර්ලීරිච් :ෑමටැබ ෑයරකසජය* හට කෙල්සන් :ණැකිැබ* අභියෝග කළේය. 1900 ගණන්වලදී, මැක්ස් වෙබ්ර් සිය නීතිය පිළිබඳ විද්‍යාත්මක ප‍්‍රවේශය හඳුන්වා දුන්නේය. ඔහු ‘නෛතික තර්කානුකූල ව්‍යුහය’, සංක්ෂිප්ත මූලධර්මයක් මිස ජනතාව වෙත පැවරෙන්නක් නොවන බවට තර්ක කළේය. ධනවාදය සමග සමාන්තරව වර්ධනය වූ, නූතන දේශපාලනික වර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍ය සඳහා පසුබිම සකස් කළ ඒකීය නීති පද්ධතියක් හැඳින්වීමට ඔහු යොදා ගත් යෙදුම වූයේ ‘නෛතික තර්කානුකූලභාවය’යි. වෙනත් සමාජවාදියකු වු එමිල් ඩුර්කයිම් :ෑපසක මරනයැසප*ලිඔයැ ෘසඩසිසදබ දෙ ඛ්ඉදමර සබ ීදජසැඑහ’ ග‍්‍රන්ථය ලියමින් තර්ක කළේ, සමාජය වඩාත් සංකීර්ණ වන විට, මූලිකව ප‍්‍රතිකර්ම සහ වන්දි පිළිබඳ ව අදාළ වන්නා වූ සිවිල් නීතිය, අපරාධ නීතිය සහ දඬුවම් පැමිණවීම දක්වා වර්ධනය වන බවයි. අනෙකුත් මුල්කාලීන වැදගත් නෛතික සමාජ විද්‍යාඥයින් කිහිප දෙනෙක් නම්, හියුගෝ සින්සිමර් :්‍යමටද ීසබ‘යැසපැර* තියඩෝර් ගයිගර් :ඔයැදා්ර ඨැසටැර* ජෝර්ජස් ගර්විච් :ඨැදරටැි ඨමරඩසඑජය* සහ යුරෝපයේ ලියොන් පෙට්‍රොස්කි :ඛැදබ ඡුැඑර්‘හජනස* සහ එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සමර් :උසකකස්ප ඨර්ය්ප ීමපපැර* යනාදීහු ය.

නීතියේ දර්ශනවාදය[සංස්කරණය]

20 වැනි ශතවර්ෂය දක්වා බෙන්තම්ස්ගේ උපයෝග්‍යවාදී සිද්ධාන්ත ප්‍රධාන වශයෙන් නීතියෙහි භාවිතා වී ඇත

නීතියේ දර්ශනවාදය නීතියේ දර්ශනවාදය නීති විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රමාණික නීති විද්‍යාව මූලිකවම දේශපාලන දර්ශනවාදය වන අතර නීතිය කෙසේ විය යුතු ද යන පැනය අසයි. විශ්ලේෂණාත්මක නීති විද්‍යාව අනෙක් අතට වෙනම ක්ෂේත්‍රයක් වන අතර නීතිය යනු කුමක් දයන පැනය අසයි. මුල්කාලීන නීති දර්ශනවාදියකු වන ජෝන් ඔස්ටින් (ජෙරමි බෙන්තම් ගේ ශිෂ්‍යකු වන) 1829 සිට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීතියේ මුල් පුටුවට පත් විය. ඔස්ටින් ගේ නීතිය පිළිබඳ උපයෝගිතාවාදී පිළිතුර වූයේ නීතිය යනූ දණ්ඩනයක් ලබාදෙන බවට කරනු ලබන තර්ජනයක ආධාරයෙන් ජනතාව යටහත් පහත් ලෙස කීකරු වන පරම බලධාරියෙකු විසින් කරනු ලබන අණකිරීමක ලෙසය. මෙම අදහස විශේෂයෙන් ම ස්වාභාවික නීති සිද්ධාන්තයට විකල්පයක ලෙස බොහෝ කාලයක් පිළිගැනීමට ලක් විය. ජීන් ජැක්ස් රූසෝ වැනි ස්වාභාවික නීතිඥයින් ගේ තර්කය වූයේ මනුෂ්‍යය නීතිය තුලින් සදාචාරය සහ නොවෙනස් වන ස්වාභාව ධර්මයේ නීති හෙඳින් පිළිඹිඹු වන බවයි. ඉම්මැනුවෙල් කාන්ට් ගේ අදහස වූයේ ස්වාභාව ධර්මයේ පවතින පොදුනීතිය වුවත් තෝරාගනු ලැබීමය නම් නීතිය සදාචරයට අනුකූල වීම අවශ්‍යය වේ. ඔස්ටින් සහ බෙන්තම් අනුගමනය කළ ඩේවිඩ් හියුම් නීතිය යනු කුමක් ද සහ නීතිය කුමක් විය යුතු ද යන්න සමඟ ඒකාබද්ධ කල යුතු බවට අදකස් කරන ලදී. ඔවුන් විශ්වාස කරනු ලැබුවේ නියම නීතිය සම්පූර්ණයෙන්ම සදාචාරයෙන් වෙන්විය යුතුය යන නීතියේ ප්‍රත්‍යක්ෂවාදයයි. ෆෙඩ්රිච් නිට්ස්චේ කාන්ට් ව ද විවේචනය කරමින් පැවසුුවේ නීතිය හට ගන්නේ බලය සඳහා අභිප්‍රායෙන් බවත් සහ සදාචාරාත්මක සහ සදාචාර විරෝධී ලෙස නීතිය වර්ග කල නොහැකි බවත් ය. මෙලෙස නිට්ස්චේ සමානාත්මතා සංකල්පය ද විවේචනය කරන ලද අතර බලය සඳහා අභිප්‍රායෙන් කටයුතු කිරීමට නීතිය විසින් ඉඩ සැලසිය යුතු බව විශ්වාස කරන ලදී. ඔස්ට්‍රියානු දාර්ශනික හාන්ස් කෙල්සන් 1934 දී ශුද්ධ නීති සිද්ධාන්තය නමැති ප්‍රකාශනය තුලින් ප්‍රත්‍යක්ෂවාදී සම්ප්‍රදාය තව දුරටත් ඉදිරියට ගෙන යන ලදී. කලේසන් නීතිය සදාචාරයෙන් වෙන්ව පැවතිය යුතු බව විශ්වාස කල ද ප්‍රතිමාමක සම්පන්න හෙවත් අප ඊට කීකරු විය යුතු බව පැවසීය.නීතිය යනු ධනාත්මක ප්‍රකාශන වන අතර අප කල යුත්තේ කුමක් ද යන්න පැහැදි ලි කරයි. එමනිසා අප නීතියට අවනත විය යුතු බවට පවසන උපකල්පිත මූලික නියමයක් (ඝරඋනඩනඔරම) සෑම නීති පද්ධතියකම ඇත. කෙල්සන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කාල් ස්මිට් දේශපාලන තත්වයන් සහ තීරණ සඳහා උපුටා ගනු ලබන ප්‍රතිමානක මූලධර්ම නොපිළිගන්නා නිසා ප්‍රත්‍යක්ෂවාදය සහ නීතියේ පාලනය ප්‍රතික්ෂේප කරයි. පසුකාලීනව 20 වන සියවසේ දී එච්. එල්. ඒ හාට් ඔස්ටින්ගේ සරල කිරීමටත් කෙල්සන් ගේ නීති සංකල්පයේ ප්‍රබන්ධයටත් විරුද්ධව අදහස් ඉදිරිපත් කරන ලදී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා ලෙස නීතිය යනු න්‍යායන් පද්ධතියක් බවට තර්ක කරන ලදී. හාට් න්‍යායන් ප්‍රාථමික න්‍යායන් (හැසිරීමේ න්‍යායන්) සහ ද්වීතීක න්‍යායන් (ප්‍රාථමික න්‍යායන් පාලනය සඳහා නිලඳාරීන්ට අමතන න්‍යායන්) ලෙස බෙදා දැක්වීය. ද්වීතීක න්‍යායන් තව දුරටත් විනිශ්චය න්‍යායන් (නීතිමය ගැටළු විසඳීමට) පරිවර්තන න්‍යායන් (නිතිය සංශෝධනය කිරීමට අවසර දෙන) සහ හඳුනා ගැනීමේ න්‍යායන් (වලංගු බවට හඳුනා ගැනීමට අවසර දෙන) ලෙස බෙදා දක්වන ලදී.

හාට් ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම වාදය එතැන් පටන් ඉදිරියට ගෙනයන ලදී. හාට්ගෙන් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා වූ ද ඔහුගේ අනුගාමිකයා වූ ද රොනල්ඩ් ඩ්වෝර්කින් ඔහුව ප්‍රබල ලෙසම විවේචනය ලරන ලද පුද්ගලයා ද විය. ඔහුගේ ළඅත'ස ුමපඉරඑ නමැති ග්‍රන්ථය මඟින් නීතිය සදාචාරාත්මක කාරණයක් බව සැලකීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු හාට් සහ ප්‍රත්‍යක්ෂවාදීන් ට දරුණු ලෙස පහර දුනි. ඔහුගේ තර්කය වූයේ නීතිය යනු විනිසුරූවන්ට ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට අනුව නීතිමය ගැටළුවකට සරිලන හොඳම සහ වඩා යුක්ති සහගත විසඳුම සොයා ගැනීම සඳහා උපකාරී වන අර්ථය විදහා දක්වන සංකල්පයක් බවය. අනික් ශිෂ්‍යයා වූ ජෝසප් රාස්(ඤ) ප්‍රත්‍යක්ෂවාදීන්ගේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටි අතර හාට්ගේ ඨහඑ ංඋටහඔරඉටය ඔෆ ළඅත හි සඳහන් වන මෘදු සමාජ නිබන්ධය විවේචනය කරන ලදී. රාස්(ඤ) සදාචාරාත්මක හේතු දැක්වීමකට යොමු නොවී සමාජ ප්‍රභවයන්ගෙන් පමණක් නීතියේ අධිකාරීත්වය හඳුනා ගත හැකි බවට තර්ක කරන ලදී.

නීතිය, හමුදාව හා පොලීසිය[සංස්කරණය]

හමුදාව හා පොලීසිය සමහර තැනකදී ”නීතියේ දීර්ඝකාලීන හා ශක්තිමත් අවයවය” ලෙස හඳුන්වනු ලැබේ. හමුදාමය ආයතන ආණ්ඩු පවතින තාක් කල් පැවතුණු ආයතන වුවද, පොලීසිය වනාහී සාපේක්‍ෂව නූතන ආයතනයකි. මධ්‍යකාලීන එංගලන්ත අපරාධ අධිකරණ, නොඑසේ නම් ආදර්ශ අධිකරණ විසින් සමාජය තැති ගැන්වීම හා පාලනය කිරීම සඳහා ප‍්‍රදර්ශනාත්මක නඩු විභාග හා මරණ දඬුවම් උපයෝගී කර ගත්තේය. පැරිස් අභ්‍යන්තර පොලීසිය විසින් තමන් ලොව පළමු නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා නමුත්, පළමු නූතන පොලීසිය විය හැක්කේ 17 වන සියවසේ ඃ,¼ ලූවී රජුගේ අධිකරණය යටතේ පැවති පැරිස් පොලීසියයි. ප‍්‍රංශ විප්ලවයෙන් සහ නැපෝලියන්ගේ පාලනයෙන් පසුව, 1829 දී පැරීසිය හා අනෙකුත් ප‍්‍රංශ නගර සඳහා ප‍්‍රංශ රජය විසින් ‘නගර සාර්ජන්වරුන්’ යනුවෙන් :ිැරටැබඑි ාැ ඩසකකැ* නිල ඇඳුම් දරන පොලීසියක් පිහිටුවන ලදී. බ්‍රිතාන්‍යයේ 1829 දී, දේශීය ලේකම් සර් රොබට් පීල් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ මෙට්‍රොපොලිටන් පොලිස් පනත මගින් බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය බිහි විය.

සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් තර්ක කරනුයේ, ප‍්‍රචණ්ඩකාරී මාර්ගවලින් නීත්‍යානුකූල ඒකාධිකාරය පාලනය කරන්නේ රාජ්‍යය විසින් බවයි. රජයේ හෝ අධිකරණවල ඉල්ලීම මත හමුදාව හා පොලීසිය විසින් බලය ක‍්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය සහ හමුදාව තවදුරටත් ආරක්ෂාව හා පාලනය ගෙන යනු නොලබන රජයක් නොමැතිව අරාජිකත්වයට ගිය රාජ්‍ය ‘අසාර්ථක රාජ්‍යයන්’ ලෙස හඳුන්වනු ලැබේ.


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=නීතිය&oldid=248107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි