ජලජීවී වගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ජලජීවී වගාව යනු, ජලජ ජීවීන්ගේ ලාබාල අවස්ථාව ජලාශවල වර්ධනය වීමට සලස්වා අස්වැන්න ලබාගැනීම යි. මත්ස්‍යයන්ගේ “ඇඟිල්ලන්“ ද ක්‍රෂ්ටේසියාවන්ගේ “පශ්චාත් කීටයන්“ ද මෙම ලාබාල අවස්ථාව සේ සැලැකේ. මත්ස්‍ය බිත්තරවලින් පිටවන ලපටියන් නොහොත් “ගැටිත්තන්“ මුදාහැරිවිට විලෝපිකයන්ට පහසුවෙන් ගොදුරුවිය හැකි හෙයින් ඇඟිල්ලන් දක්වා වර්ධනය වීමට ඉඩ හැරේ.

තෙප්පිලි මසුන්

පටුන

[සංස්කරණය] වැදගත්කම

දිනකට පුද්ගල ප්‍රෝටීන අවශ්‍යතාව ග්‍රෑම් 60ක් පමණ වේ. නමුත් මිලියන 20ක් පමණවූ ලාංකික ජනගහනයට මෙය ප්‍රමාණවත් නොවේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල පළමුපෙළ ආහාරවල නියමිත අනුපාතයේ ඇත. එම ප්‍රමාණය ලබාගැනීමට මත්ස්‍ය ආහාර අත්‍යාවශ්‍ය වේ. මත්ස්‍ය බරින් 15% - 20% පමණ ප්‍රෝටීන ඇත. වැඩිවන ජනගහනයට සාපේක්‍ෂව මත්ස්‍ය නිපැයුම උපරිම කරලීමට රට අභ්‍යන්තර ජලාශවලට ජලජීවී වගාව හඳුන්වා දී ඇත.

[සංස්කරණය] නිශ්පාදනය

වාර්ශික මත්ස්‍ය නිපැයුම මෙට්‍රික් ටොන් 200ක් පමණ වේ. ඉන් 80% සාගරවලිනි. 10% - 20% පුරාණ වැව්, මිරිදිය ජලාශ වලින් වන අතර 0.5% කලපුවලිනි. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාවෙන් වාර්ශිකව රු. කෝටි 100ක් පමණ ඉපැයේ.

[සංස්කරණය] දුෂ්කරතා

වෙරළාසන්න මුහුදු, කළපු ආදියේ මත්ස්‍ය භාවිතය අයථාව සිඬවන නිසා උපරිම චිරස්ථායි මට්ටමින් මසුන් ඇල්ලීම නිසා මෙම පරිසරවල තවදුරටත් අල්ලාගතහැකි මත්ස්‍ය ප්‍රමාණයේ විභවතාවයක් නැත. ධීවර ආම්පන්න මිල අධික වන අතර ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට වැඩි වියදමක් දැරීමට සිඬ වේ. මෙම නිසා පාරිභෝගිකයා දැරිය යුතු මිල ද ඉහළ යයි.

[සංස්කරණය] විසඳුම්

ඉහත අසීරුතා මඟහැරුමට රට අභ්‍යන්තර ජලාශවල මසුන් ඇතිකෙරේ. ශ්‍රී ලංකාවේ ඍතුමය ජලාශ 12,000ක් පමණ වේ. ඒ සියල්ල ම කෘත්‍රීම වැව් ය. පහතරට තෙත් කලාපයේ ද තවත් ජලාශ 3000කට පමණ අවුරුද්ද පුරා ජලය ලැබේ.

[සංස්කරණය] වගා පඬති

මිනිස් ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට මෙම අභ්‍යන්තර ජලාශවල ආහාරයට ගන්නා මසුන් වගා කරන ක්‍රම ත්‍රිත්‍වයෙකි.

සාධකය විස්තෘත අර්ධ සූක්‍ෂම සූක්‍ෂම
බහාලීමේ ඝනත්‍වය අඩු ය මධ්‍යස්ථ ය වැඩි ය
ස‍්වාභාවික ආහාර මත යැයීම පමණක් බොහෝවිට නැත
අතිරේක ආහාර මත යැයීම නැත අවැසි නම් පමණක්
ජලයේ ගුණාත්මක භාවය පවත්‍වා ගැනීම නැත තරමක් දුරට සම්පූර්ණයෙන් ම
අස්වනු නෙළීමේදී ජලය බේරාහැරීම නැත සිදුකරයි සිදුකරයි
අස්වැන්නේ ප්‍රමාණය අඩු ය මධ්‍යස්ථයි වැඩි ය
උපකරණ කරමල් දැල්, විසිදැල් දැල්දමා වටකොට දැල්වලින් වටකොට
ඊශ්‍රාලයේ සූක්‍ෂම වගා පඬතියක්

සූක්‍ෂම ක්‍රමයේදී නිශ්පාදන වියදම වැඩි අතර ඉලක්ක අස්වැන්න නොලැබි විට ආර්ථික පාඩු ද සිදු වේ. ශ්‍රී ලංකාවේ සූක්‍ෂ ක්‍රමයට ඉස්සන් වගා කෙරෙන අතර එය විදේශ විනිමය ලබාදෙන ලාභදායී ක්‍රමයකි.

[සංස්කරණය] ගැටළු

ශ්‍රී ලංකාවේ සූක්‍ෂම ක්‍රමයට ඉස්සන් වගාවේදී පාර්ශවික ගැටළු රැසක් ඇති වේ.
මෙය කඩොලානාශ්‍රිතව කිරීමට සිදුවන හෙයින් එම පොකුණු සෑදීමට කඩොලාන ඉවත් කිරීමට සිදුවේ. එවිට ඒ ආශ්‍රිත කුඩා මසුන් විනාශ වේ. ඉන් ආහාරදාම කෙරෙහි බලපෑම් ඇති වේ. ජෛව විවිධත්වය අඩු වේ. ශාක භක්‍ෂණ සතුන්ට ද ආහාර නැති වේ. ඉස්සන් කොටුවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය අවට ජල ස්කන්‍ධවලට දැමීමෙන් ඒවායේ ගුණාත්මක භාවය පිරිහේ. අපද්‍රව්‍ය ඇහිරීම නිසා ගංවතුර තර්ජන ඇති වේ.

[සංස්කරණය] වාසි

රට අභ්‍යන්තර ජලාශවලින් උපරිම ප්‍රයෝජනය ලැබිය හැක. අඩු වියදමකින් වැඩි ප්‍රතිශතයක් ලැබිය හැක. මහා පරිමාණ ඉස්සන් වගාවෙන් විදේශ විනිමය ලැබිය හැක.

[සංස්කරණය] මත්ස්‍ය විශේෂ තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු

රස, පෙනුම, වර්ගය, පෝෂ්‍ය ගුණය, ලාභදායී බව ආදිය මත රඳා පවතී.
  • විවිධ පාරිසරික තත්‍ව වලට ඔරොත්තු දීම.
  • ආහාර දාමයේ මුල් පුරුක් නිෂ්පාදකයින් මත යැපීම.
  • පෝෂණ පරිවර්තන අගය වැඩිවීම.
  • ලිංගික පරිණතියට වැඩි කලක් ගතවන විශේෂ.
ඉක්මණින් වර්ධනයට වැයවිය යුතු ශක්තිය ලිංගික පරිණතිය සඳහා නොයෙදෙන (යෙදීමට කල්ගතවන) මත්ස්‍ය විශේෂ වේ.
  • ප්‍රජනනය ස‍්වාභාවික තත්‍ව යටතේ කළහැකි වීම.
  • රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව.
  • වසම් චර්යා නොදැක්වීම.
තමාගේ වසම නොහොත් සීමාව පවත්වා ගනිමින් අන් මසුන්ට හානිකරන මත්ස්‍ය විශේෂයක් නොවිය යුතු වේ.
  • අඩු මර්ත්‍යතා වේගයක් තිබීම.
ජලාශයට යොදන මත්ස්‍ය පැටවු ගණනට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි මසුන් වේ.
  • අධික ගහණ ඝනත්‍වයක් දැරිය හැකි වීම.
  • ස‍්වජාති භක්‍ෂක නොවීම.
තමන්ගේ ම පැටවුන් හෝ තම වර්ගයා ම ආහාරයට නොගන්නා මසුන් විය යුතු වේ.
  • පරිවහනයේදී හා ඇල්ලීමේදී තැලීම්පොඩිවීම් වලට ඔරොත්තු දීම.
  • ආර්ථික ලාභදායී වීම.

[සංස්කරණය] මත්ස්‍ය රෝපණ ආකාර

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය රෝපණය දෙආකාරයකට සිදුවේ.

[සංස්කරණය] තනි රෝපණය

තනි රෝපණය

යම්කිසි එක ම විශේෂයකට අයත් මසුන් ජලාශයක වගාකිරීම යි.

[සංස්කරණය] බහු රෝපණය

ජලාශයක ඇති ස‍්වාභාවික ආහාර වලින් උපරිමව ප්‍රයෝජන ගතහැකි පරිදි විශේෂ කීපයකට අයත් මසුන් පොදු ජලාශයක එකට වගාකිරීම යි. මොවුන්ගේ ආහාර නිකේතන වෙනස් විය යුතු වේ. ආර්ථික වාසි ගෙන දේ.
උදා: තණකොළ කාපයන්, හිස ලොකු කාපයන්, මඩ කාපයන්

"http://si.wikipedia.org/w/index.php?title=ජලජීවී_වගාව&oldid=206818" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්