උද්‍යාන විද්‍යාව
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
උද්‍යාන විද්‍යාව (En=Horticulture) යනු industry and science of plant cultivation. Horticulturists work and conduct research in the disciplines of plant propagation and cultivation, crop production, plant breeding and genetic engineering, plant biochemistry, and plant physiology. The work particularly involves fruits, berries, nuts, vegetables, flowers, trees, shrubs, and turf. Horticulturists work to improve crop yield, quality, nutritional value, and resistance to insects, diseases, and environmental stresses.
පටුන |
උද්‍යාන විද්‍යාව පිළිබද අධ්‍යයනය[සංස්කරණය]
උද්‍යාන විද්‍යාව අංශ 06 ක් යටතේ අධ්‍යයනය කළ හැකිය. ඒ සියල්ල නැවත අංශක දෙකකට බෙදන අතර අංශ දෙකක අලංකරණය සහ පරිභෝජනය සඳහා උද්‍යාන පලාලනය ලෙසයි.
· වෘක්ෂලතා අධ්‍යයනය - වෘක්ෂලතා තෝරා ගැනීම, පැලකිරීම, සාත්තු කිරීම (රැක බලා ගැනීම), තනි ගස් ඉවත් කිරීම, පදුරු වැල් හා වාර්ෂික වෘක්ෂලතා පිළිබඳ අධ්‍යයනය
· මල් වගාව පිළිබද අධ්‍යයනය - වෙළද පොළ සඳහා මල් වගාව
· වන වගාව සඳහා භූමි (සැලැස්ම) - භූමි සැකැස්ම සඳහා අවශ්‍ය පැලෑම් වර්ධනය, වෙළඳ පොළ හා වෙළඳ පොළ පවත්වා ගෙන යාම.
· එළවළු වගාව - වෙළඳ පොළ අරමුණු කොට එලවළු වගාව
· පලතුරු වගාව - වෙළඳ පොළ සඳහා පලතුරු වගාව
· බෝග වගාවේ ගුණාත්මක බව පිළිබඳ අධ්‍යයනය - ගුනාත්මක බව පවත්වා ගෙන යාම හා නරක් වීම වලක්වා ගැනීම පිණිස.
උද්‍යාන විද්‍යාඥයින්ට නිෂ්පාදන ආයතනයන්හි, රාජ්‍ය ආයතන වල, අධ්‍යාපනික ආයතන හා පෞද්ගලික ආයතනයන්හි සේවය කල හැකිය. ඔවුන්ගේ සේවාවන් යාන්ත්‍රික ශිල්පීන් තොග හා සිල්ලර බෝග නිෂ්පාදකයින්, බෝග පරීක්ෂකයින්, ව්‍යාප්ති විශේෂඥයින් බෝග වැවිලි කරුවන්, පරීක්ෂණ නිළධාරීන් හා දේශකයන් ලෙස කටයුතු කල හැකිය.
උද්‍යාන විද්‍යාව විෂයට සම්බන්ධ විෂයන් අතර, ජීව විද්‍යාව උද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ජාන විද්‍යාව , භෞතික විද්‍යාව සංඛ්‍යානය, පරිගණක විද්‍යාව , ජන සංන්නිවේදනය, ගෙවතු සැළසුම් හා වගා සැළසුම්ය. වන වගා විද්‍යාව හා උද්‍යාන විද්‍යාව යන විෂයට ඇතුළත් වන්නේ, ශාඛ වර්ග, ශාඛ ප්‍රවර්ධනය, පටක සංවර්ධනය, බෝග නිෂ්පාදනයෙන් පසු අස්වනු මෙහෙය වීම., ශාඛ බෝ කිරීම, පරාගණ කළමණාකරණය, බෝග පෝෂණය, ශාඛ වලට බලපාන පරපෝෂි විද්‍යාව, ආර්ථික විද්‍යාව හා වෙළදාමය. උද්‍යාන විද්‍යාවේ සමහර තනතුරු හා රැකියා අවස්ථා සඳහා ආචාර්යය හෝ මාහාචාර්යය උපාධියක් අවශ්‍යය.
උද්‍යාන විද්‍යාව කුඩා ගෙවතු වල සේම පැල තවාන් වලද සිදු කරයි. පැල තවාන් වල කාර්යන් බීජ නිෂ්පාදනයේ සිට හොඳින් වැඩුණු ශාක කප්පාදුව දක්වා විහිදේ. මෙසේ පිළියෙල කරගත් මෙම බීජ හා අතු අලංකරණ ගෙවතු වගා හා වෙළද පොළ සඳහා ගෙවතු වගා කරන ප්‍රදේශයන්ට ප්‍රවාහනය හා බෙදාහැරීම සිදු කරයි.
උද්‍යානභෝග විද්‍යාව හා මානව විද්‍යාව[සංස්කරණය]
උද්‍යානභෝග විද්‍යාවේ (පාලනයේ) මුල් ආරම්භය දඩයම් යුගයේ සිට ගොවි යුගයටත් තමා ජීවත්වන පරිසරයේ හෝ යම් අවස්ථාවල ඉන් ඔබ්බටත් කළ වගාවන් දක්වා දිවේ. උදාහරණ:- ඉරිඟු වගාව - මෙසෝ ඇමරිකන් ශිෂ්ටාචාරය.
කැලෑ ආශ්‍රීතව කරන ලද බෝග වගාවන් කැලෑව කපා දැමීමෙන් හෝ ගිනිතැබීමෙන් කරන ලදී. මෙම කෘෂිකාර්මික ජන සමාජයේ විශේෂත්වය වූයේ ඔවුන් පරිසරයට ප්‍රයෝජනවත් ගස්වැල් සිටුවීම හා පරිසරයේ පැවැත්මට අවශ්‍යය ගස්වැල් නිරතුරුවම ආරක්ෂා කිරීමයි.
උද්‍යාන විද්‍යාව හා කෘෂි විද්‍යාව වෙනස් වන්නේ බෝග හා බෝග වගාව සඳහා භාවිතා කරනු ලබන බිම් ප්‍රමාණය අනුවය. ඒ අනුව උද්‍යානභෝග විද්‍යාවේදී විශාල බිම් ප්‍රමාණයක තනි වගාවක් වෙනුවට මිශ්‍ර වගාවන්ද සිදු කරයි. මේ සඳහා පලතුරු සහිතව විවිධ භෝග යොදා ගනී.
උදාහරණ:- ගොවි යුගයට පෙර උතුරු ඇමරිකා හා නැගෙනහිර වනගත පෙදෙස්වල මිනිසුන් එම ප්‍රදේශවල බඩඉරිඟු හා squash වගාව අතර සූර්ය කාන්ත මල් වගාවද සිදු කෙරුණි.මෙම වගා ක්‍රමය තැනිතලාවන්හි එඬේර යුගයේදී කෙරුණූ වගාවන්ට ප්‍රතිවිරුද්ධවය.
මධ්‍යම ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරයේ කෙරුෙණ් ප්‍රයෝජනවත් ගස්වැල්වලින් කැලෑව සරුකිරීමයි. උදාහරණ:- පැපොල්, අලිගැටපේර, සැපදිල්ලා, හා කොකෝවා ආදී වගාවන් කැලෑ ප්‍රදේශය ආශ්‍රීතව වගා කෙරුණි. එසේම ධාන්‍යය වගා බිම්වල බහුබෝග වගාව සිදුකෙරුණි.
උදාහරණ:- ධාන්‍යය බිම්වල බෝංචි, squash, වට්ටක්කා හා මිරිස් වගාව කෙරුණු අතර මෙහිලා කාන්තාවන්ගේ සහභාගිත්වය ඉතා කැපී පෙනෙන ලෙස තිබුණි.
Gallery[සංස්කරණය]
-
Cool climate greenhouse extend the growing season
-
Community gardens often have several horticultural practices in use
See also[සංස්කරණය]
- උද්භිද විද්‍යාව
- ගෙවතු වගාව
- History of gardening
- Sheet mulching
- The Plantsman, a journal published quarterly by the Royal Horticultural Society since 1979
References[සංස්කරණය]
Notes[සංස්කරණය]
Bibliography[සංස්කරණය]
- Principles of Horticulture, C K Adams, Butterworth-Heinemann; 5 edition (11 Aug 2008), ISBN 0750686944
External links[සංස්කරණය]
- The CultureSheet Project - an online encyclopedia of horticulture
- British Library - finding information on the horticulture industry
- History of Horticulture
- HORTIVAR - The FAO Horticulture Cultivars Performance Database
- Global Horticulture Initiative - GlobalHort
- ISHS - International Society for Horticultural Science
- Soil & Plant Relationships